Sri Lanka's Best Cinema Portal

 

Anithya – අනිත්‍යා – Sinhala Movie

1
Posted March 14, 2013 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3.5/ 5

Quick Stats

 
Director:
 
Actors: , , ,
 
Producer:
 
Composer: , ,
 
Release Date: 2013/03/15
 
Small Description

යුවතියකගේ වියෝව නිසා මිලාන් සිය ජීවිතයෙන් සමුගන්නට සිතයි. ඒත් ඒ මොහොතේම ඒ තැනදීම සිය දිවි හානි කරගන්නට පැමිණි කෞෂි මිලාන්ගේ අලුත් බලාපොරොත්තුව වේ. නමුත් කෙටි කලකින්ම කෞෂි මිලාන්ගේම මිතුරකු වූ ඉම්රාන් සමඟ හාද වේ. ඒ අතරේ ම මිය ගිය මිලාන්ගේ පෙම්වතියද නැවත පැමිණේ. නමුත් ඒ ඉම්රාන්ගේ ම පෙම්වතියක ලෙසයි.

by Cinema.lk
Full Article

තම පෙම්වතිය වන චේතන එතෙර රටකදී මිය ගිය පුවත දැනගන්නා මිලාන් සැරසෙන්නේ තමන්ගේ ජීවිතයටද නැවතීමේ තිත තබන්නටය. ඒ මොහොතේම එකම පාලමෙන් පැන සියදිවි නසා ගන්නට සැරසෙනු යුවතියක් මිලාන්ගෙන් ජීවිතය ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ය. මේ ආගන්තුක තරුණිය; කෞෂි සමඟ කුළුපඟව ඇය සමඟ ජීවිතය බෙදා ගැනීමට තීරණය කරන මිලාන්ගේ ඊළඟ නවාතැන්පල බවට පත් වන්නේ කොෂිගේ කුලී නිවෙස යි.

දිනක් මිලාන්ගේ මිතුරකුගේ උපන් දින සාදයකට කෞෂි සහ මිලාන් පිටව යාමට සිදුවේ. එහෙත් සොඳුරු සාදය ඔවුන්ගේ ජීවිතය අඳුරු කරාවි යයි මිලාන්වත්, කෞෂිවත් කිසි විටෙකත් නොසිතුවේය. මිලාන් සාදයේ විනෝදයෙන් මත්ව මත්පැනින් සන්තර්පණය වන අතරේ මිලාන්ගේ මිතුරෙකු වන ඉම්රාන් කෞෂි ඩැහැගන්නට මාන බලන්නේ බලාපොරොත්තු රැසක් පෙරදැරි කොට ගනිමිනි.

කෙසේ වුවත් මේ අලුත් ආදර අන්දරය මිලාන්ගෙන් වසන්ව තිබෙන්නේ කෙටි කලකට පමණි. තම මිතුරා ගැන කළකිරී ඔහු පිළිබඳ තවතවත් සොයා යෑමේ දී මිලාන්ට දැනගන්නට ලැබෙන්නේ මිලාන්ගේ පෙර පෙම්වතිය වූ චේතනා ද ඉම්රාන් ඇසුරු කරන තරුණියක බවයි. චේතනා මිය ගිය බව මිලාන්ට ඒත්තු ගන්වන කතා පුවත දෙමාපියන් විසින් සැලසුම් කළ මිථ්‍යා කතාවක් බව චේතනා මිලාන්ට පවසන්නේ දැඩි පශ්චත්තාපයෙනි. මින් පසුව මේ ආදර කතාව කුමන අයුරින් නිම වේ ද? නාලක විතානගේ ගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන අනිත්‍යා (Anithya) චිත්‍රපටය නැරඹීමෙන් මේ ගැටළුවට පිළිතුරු සොයා ගැනීමට ඔබට හැකි වනු ඇත.

ආරාධිත රඟන ශිල්පීන් – සංගීතා විරරත්න, රොජර් සෙනෙවිරත්න, බන්දුල විතානගේ
ප්‍රධාන රංගන ශිල්පින් – මැණික් විජේවර්ධන, විශ්ව ලංකා, කිෂානි අලංකා පෙරේරා, උදිත් අබේරත්න
සංකල්පය, තිර රචනය සහ අධ්‍යක්ෂණය – නාලක විතානගේ
ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය – පී. බාලසූරිය
සංස්කරණය – ඒෂාන් මොටාගෙදර
අංග රචනය – නිමල් රාජපක්ෂ
කලා අධ්‍යක්ෂණය – රෝහණ හේවාවිතාරණ
ගීත රචනා සහ තනු – මලික් පෙරේරා
පසුබිම් සංගීතය – බුද්ධික ශ්‍රී කහවල, මධුෂාන් ෆොන්සේකා, මංගල ෆොන්සේකා
සහාය අධ්‍යක්ෂණය – කීර්ති රුවන්
නිෂ්පාදන කළමනාකරු – බුද්ධික ඉරෝෂන්
විශේෂ නිෂ්පාදන දායකත්වය – සම්පත් ජයසුන්දර, සුජිත් දොලමුලගේ, උදාර විදානගමගේ
සම නිෂ්පාදනය – හරේන් නාගොඩවිතාන, චින්තක රණවීර, නුවන් වැලිවිට
විධායක නිෂ්පාදනය – ෂදිශ් පතිරණ
නිෂ්පාදන සම්බන්ධිකරණය – බුද්ධිකා දර්ශනී


Share

About the Author

Cinema.lk


  • malinda

    meka dowlod karaganna widihak nadda?

body