Sri Lanka's Best Cinema Portal

 


Bombs and Roses – බෝම්බ හා රෝස

2
Posted February 13, 2013 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3.5/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer:
 
Composer:
 
Release Date: 2012/02/13
 
Small Description

ශානි මෝස්තර නිරුපණ ශිල්පිනියක් ලෙස රූපවාහිනි ක්ෂේත්‍රයට පැමිණි සුරූපිනියකි.ඇය වත්මන් පරපුර අතර ජනප්‍රිය වුයේ මියුසික් වීඩියෝවක් තුළිනි.ඊට අමතරව ඇය රූපවාහිනි වෙළඳ දැන්වීම් වල පෙනී සිටින ජනප්‍රිය තරුවකි.ඇගේ පෙම්වතා වන නිර්මාල්ද රූපවාහිනි වෙළඳ දැන්වීම් වල පෙනි සිටින ජනප්‍රිය තරුණ නිරුපණ ශිල්පියෙකි.මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් පටන්ගන්නේ මියුසික් වීඩියෝවක රංගනයේ නිරත වන අවස්ථාවකදීය. මේ අතර ප්‍රභු ඝාතනයකට […]

by Cinema.lk A
Full Article

ශානි මෝස්තර නිරුපණ ශිල්පිනියක් ලෙස රූපවාහිනි ක්ෂේත්‍රයට පැමිණි සුරූපිනියකි.ඇය වත්මන් පරපුර අතර ජනප්‍රිය වුයේ මියුසික් වීඩියෝවක් තුළිනි.ඊට අමතරව ඇය රූපවාහිනි වෙළඳ දැන්වීම් වල පෙනී සිටින ජනප්‍රිය තරුවකි.ඇගේ පෙම්වතා වන නිර්මාල්ද රූපවාහිනි වෙළඳ දැන්වීම් වල පෙනි සිටින ජනප්‍රිය තරුණ නිරුපණ ශිල්පියෙකි.මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් පටන්ගන්නේ මියුසික් වීඩියෝවක රංගනයේ නිරත වන අවස්ථාවකදීය.

මේ අතර ප්‍රභු ඝාතනයකට සැරසෙන ත්‍රස්තවාදියෙකු යතුරු පැදියක ඇටවු මාරාන්තික බෝම්බයක් සමඟ කොළඹ නගරයට ඇතුළු වේ.මේ පිළිබදව හමුදා බුද්ධි අංශ වෙත තොරතුරු ලැබීම නිසා කොළඹ නගරය පුරාවට දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.එබැවින් ත්‍රස්තවාදියාට අවශ්‍ය ඉලක්ක කරා යාමට බාධා ඇතිවේ.මේ අතර එක් සුළු අත් වැරද්දක ප්‍රතිඵලයක් වශයෙන් මේ බයිසිකලය පාතාල නායකයෙකුගේ අතට පත් වේ.ඒත් මේ බයිසිකලයේ බෝම්බයක් ඇති බව ඔවුන් නොදනි.පසුව මෙම බයිසිකලය විවිධ පුද්ගලයන් අතට පත්වේ.

විවිධ ස්ථාන වලදී යතුරු පැදිය සමග මිනිසුන් මුහුණ දෙන අපුරු සිද්ධීන් චිත්‍රපටයේ දිග හැරේ.අවසානයේ මෙය නිර්මාල් අතට පත් වන්නේ වෙළඳ දැන්වීමක රූ ගත කිරීමක අවශ්‍යතාවය උඩයි.නිර්මාල්,ශානි සමඟ මෙම යතුරු පැදියේ ප්‍රේම සවාරියක් ද යයි.ආදරය,ත්‍රාසය,කුතුහලය සහ ගීත සමගින් මෙම බෝම්බ සහිත යතුර පැදිය කොළඹ නගරය පුරා සැරිසරයි.

Cast and Crew

රංගනය-මහේන්ද්‍ර පෙරේරා, උපේක්ෂා ස්වර්ණමාලි, විශ්ව කොඩිකාර, බිමල් ජයකොඩි, ජයනි සේනානායක, සුමින්ද සිරිසේන, ගිරිරාජ් කෞෂල්‍ය, ශ්‍රියානි අමරසේන, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ප්‍රමුදි කරුණාරත්න, සෝමසිරි අලකොලංග, උදයන්ති කුලතුංග, ඩයනා පෙරේරා, සම්පත් ජයවීර, වසන්ති ගුණවර්ධන, දර්ශන් ධර්මරාජ්, සම්පත් තෙන්නකෝන්

තිර රචනය / අධ්‍යක්ෂණය – අනුරුද්ධ ජයසිංහ

නිෂ්පාදනය – එරික් කුසුම් මාකවිටගේ

රේඛීය නිෂ්පාදනය – ලකී ඉම්රාන්

කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය

කලා අධ්‍යක්ෂණය – ජගත් ඉඹුල්පේ

සහාය අධ්‍යක්ෂණය – ප්‍රියන්ත ප්‍රනාන්දු

වේශ නිරූපණය – ප්‍රියන්ත සිරි කුමාර

නිෂ්පාදන කළමනාකරණය – රාජා රණසිංහ

සංගීතය – රංග දසනායක

ගීත රචනය – කැලුම් ශ්‍රීමාල්

තාක්ෂණිත උපදේශකත්වය – රවීන්ද්‍ර ගුරුගේ

සංස්කරණය – රනේෂ් නානායක්කාර

නිෂ්පාදන සම්බන්ධීකරණය – සුදත් සිල්වා,

අජන්ත රණසිංහ, සමන් සමරවික්‍රම

මූල්‍ය කළමනාකරණය – චමින්ද මීමනගේ

ඇඳුම් නිර්මාණය – චරිත් වික්‍රමතිලක

ගායනය – අමල් පෙරේරා, දේවා ශ්‍රී ද සිල්වා

ශබ්ද පරිපාලනය – ප්‍රියන්ත කලුආරච්චි

තාක්ෂණික සම්බන්ධිකරණය – අජිත් රාමනායක

Top Critic Reviews

“බෝම්බ සහ රෝස” හැදුවේ
ජාත්‍යන්තරය ගැන හිතලා නොවේ – තරුණ සිනමාකරු අනුරුද්ධ ජයසිංහ

රෝස ප්‍රේම නගරයේ මිනිස්‌ බෝම්බ හෝරාවක්‌…. දැන් සිනමා ශාලාවල විඳගත හැක. ඒ තරුණ සිනමාකරුවකු වන අනුරුද්ධ ජයසිංහගේ සිනමා මුද්‍රාව ලෙස තිරගත වන “බෝම්බ සහ රෝස” ය.

බෝම්බ සහ රෝස….. මේ දිනවල තරුණ තරුණියන් අතර ජනප්‍රිය චිත්‍රපටයකි. පවුලේ සියලුදෙනාට එකට සිට නැරඹිය හැකි… චිත්‍රපටයක්‌ වන “බෝම්බ සහ රෝස” එරික්‌ කුසුම් මාකවිටගේ නිෂ්පාදනයකි.

සම්පුර්ණ ලිපිය මෙතැනින් අජිත් අලහකෝන් – දිවයින

හිතුවක්කාරකමට වැරදි පාරේ ගියොත් අපි අසරණයි – විශ්වනාත් කොඩිකාර

‘බෝම්බ සහ රෝස’.පසුගිය ආදරවන්තයින්ගේ දිනය දා (14) සිනමා පේ‍්‍රක්‍ෂකයින් අතරට තිළිණ කළ නවතම සිනමාපටයයි. මෙහි ප්‍රධාන චරිතයෙන් ඔබ අතරට එන යෞවනයේ රංගන ශිල්පියෙක් ’විශ්වනාත් කොඩිකාර’. සිනමාවේ මෙන්ම පුංචි තිරයෙන් නිරන්තරයෙන් ඔබ ව මුණගැහෙන විශ්ව මේ දිනවල සිරස රූපවාහිනියේ ‘චායා’ ටෙලිනාට්‍යයෙන් ද ඔබට සමීප වෙනවා. ඉතාම කෙටිකලකදි රංගනයෙන් ඉහළට ආ විශ්ව මෙවර ‘යෞවනයේ අපි’ විශේෂාංගයෙන් මුණගැහෙන්න හිතුවා.

 

’බෝම්බ සහ රෝස’ චිත්‍රපටයෙන්ම අපේ කතාබහට ආරම්භයක් ගමු.

ඔව් ඇත්තටම ‘බෝම්බ සහ රෝස’ තිරගතවීම ගැන ලොකු සතුටකින් මම මේ දිනවල ඉන්නේ. මම හිතන්නේ මගේ රංගන ජීවිතයේත් වෙනසක් වුණ සිනමාපටයක්.

මෙහි චරිතය වෙළෙඳ දැන්වීම් ආයතනයක වැඩ කරන දඟකාර කොල්ලෙක්. ඔහුට බරක් පතළක් නෑ. ගැහැනු ළමයි ඇසුර වගේම පාතාලයත් එක්කත් ඔහුට ගනුදෙනු තියෙනවා. ඉතිං අමුතුම මාදිලියේ චරිතයක්.

සම්පුර්ණ ලිපිය මෙතැනින් වසන්ත ජයසිංහ ආරච්චිගේ – සිළුමිණ – රසදුන

චිත්‍රපටවලරඟපෑමෙන්ආයුකා‍ලයවැඩිවෙනවා

අනුරුද්ධ ජයසිංහ
බෝම්බ සහ රෝස 2-3 කොටස් එනවා

ස්වකීය අනන්‍යතාවය මත දෘශ්‍ය මාධ්‍ය උපයෝගී කරගනිමින් නිර්මාණකරණයෙහි යෙදෙන අනුරුද්ධ ජයසිංහ ‘බෝම්බ සහ රෝස’ සමඟින් නැවතත් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත්විය. ත්‍රාසය, භීතිය, කුතුහලය සහ ප්‍රේමය කැටිකොට විශ්වාසනීය අයුරින් මුල, මැද අග සකස්කොට සැලෝලයිඩ් පටයට ගෙනා එම සිනමා කෘතිය අනුරුද්ධගේ සිනමා ගමනෙහි තවත් මාවතක් එළිපෙහෙළි කිරීමකි. බෝම්බ සහ රෝස අරබයා අනුරුද්ධ දැක්වූ අදහස් කිහිපය මෙතැන් සිට කියවා බලමු.

බෝම්බ සහ රෝස රූගතකළේ මීට අවුරුදු කිහිපයකට පෙරඑය දර්ශනයට මෙතරම්පමා වුණේ ඇයි?

චිත්‍රපටය රූගත කළේ 2009 අවුරුද්දේ. ආරම්භයේදී අපේ අතේ තිබුණෙ ලක්ෂ තිස්පහයි. එරික් කුසුම්මාකෙවිට සහ ලකී ඉම්රාන් ලබාදුන් මුදලින් රූගතකිරීම් නිම කළා. පසු නිෂ්පාදන කටයුතු රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ ණය මුදලක් ලබාගෙන නිම කරන්න හිතාගෙන සිටියා. ඒ ණය මුදල ලබා ගන්න තරමක් දුෂ්කර වුණා. ඒ නිසා වැඩේ කල්ගියා. ණය ලැබුණයි කියමුකෝ එයින් අනතුරුව අපට පසුව රූගත කළ චිත්‍රපට තුනක්ම පෝළිමෙන් පිටපැන දර්ශනය වුණා. එතනම අවුරුද්දක් ගෙවී ගියා. බෝම්බ සහ රෝස එන්න කල්ගියේ මේ හේතු නිසයි.

 

සම්පුර්ණ ලිපිය මෙතැනින් ප්‍රසාද් සමරතුංග – දිනමිණ

 


 

සමහරු පෝලිමෙන් පිට පනිද්දි ‘බෝම්බ සහ රෝස’ පස්සට ගියා

අනුරුද්ධ ජයසිංහ

’බෝම්බ සහ රෝස’ කියන නම් දෙක මතුපිටින් නම් කොහොමටවත්ගැළපෙන්නේ නෑ.

ඒත් මේ නොගැළපීම ගැළපීමක් කරගෙන තිරගත වෙනචිත්‍රපටයක් ගැන මේ දිනවල අපට අහන්නට දකින්නට ලැබෙනවා. ‘බෝම්බ සහ රෝස’ අනුරුද්ධජයසිංහ ගේ අධ්‍යක්ෂණයක්. අනුරුද්ධගේ නම අප කා අතරත් බෙහෙවින් හුරුපුරුදු අපූරුටෙලිනාට්‍ය නිර්මාණ ශිල්පියෙක් විදියට.

එහෙත් ඔහු මීට වසර කිහිපයකට පෙර සිය සිනමාසම්ප්‍රාප්තියේ පළමු නිර්මාණය ‘සංක්‍රාන්තිය’ නමින් එළිදැක්වූවා. ‘බෝම්බ සහ රෝස’ ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය. නව ආරක සිනමා සම්ප්‍රදායක් සොයමින් වෙහෙසෙන නැවුම්නිර්මාණකරුවෙක් වන අනුරුද්ධ ජයසිංහ සමඟ ‘බෝම්බ සහ රෝස’ ගැන කළ කතාබහකටයි මේපිවිසුම.

ඔබේ සිනමා ආගමනය සිදුවන්නේ කලා ලෝකයේ විවිධ අංශ කෙරෙහි වූ අත්දැකීම් සමුදායක් ලබා ගැනීමෙන් පසුව. අපි ඒ අතීතයට ගියොත්?

සම්පුර්ණ ලිපිය මෙතැනින් හේමාලි විජේරත්න – සිළුමිණ

 


 

රෝස ප්‍රේම නගරයේ මිනිස් බෝම්බ හෝරාව

අද සිට CEL මණ්ඩලයේ

බෝම්බ සහ රෝස අනුරුද්ධ ජයසිංහගේ නිර්මාණයක්

එරික් කුසුම් මාකවිටගේ නිෂ්පාදනයක්

 

අඳුරු කාමරයේ අස්සක් මුල්ලක් නෑරම පිරී තිබුණේ වෛරයේ අන්ධකාර සෙවණැලිය. සුළඟක් එහා මෙහා යන හඬ පවා සීරුවට ඇසෙන ඒ අඳුරු මූසල කාමරය අභ්‍යන්තරයේ සිදුවෙමින් තිබුණේ මහා විනාශයක මූලාරම්භයකි. මුළු රටම මිනිස් බෝම්බයෙන් භීතියට පත් ඒ මොහොතේ ඔවුන් තවත් ප්‍රභූ ඝාතනයකට සැලසුම අඳිමිනි. අලුත්ම වර්ගයේ මෝටර් බයිසිකලයක අටවා සැඟ වූ ඒ අධිබලැති මිනිස් බෝම්බයේ අවසන් ඉලක්කය වී තිබුණේ කොළඹ මහජන පුස්තකාල වටරවුමය. සූක්ෂමව නිමා කළ බෝම්බය උදෑසනම පිටවෙමින් කොළඹ කරා පැමිණෙමින් තිබුණි.

මේ කිසිවක් නොදත් සාමාන්‍ය ජනයා තමාගේ එදිනෙදා රාජකාරියේය. ඔවුන් අතර තමන්ගේ ජීවිතයේ අලුත්ම පෙම් සිහින බෙදා ගන්නා දෙදෙනෙකි. ශානි නම් වන අතිශය ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිනිය සමඟ නිර්මාල් නම් කඩවසම් මෝස්තර නිරූපණ ශිල්පියා ප්‍රේමයෙන් බැඳෙන්නේ ශානිිගේ පළමු ගීතයේ රූප රචනාව නිම කිරීම සමඟය.

ශානිගේ ‘හංගන්න බැරි වේවි’ ගීතය සඳහා වෙහෙසෙන නිර්මාල් අවසානයේ ශානි තමාගේ පෙම්වතිය බවට පත් කර ගන්නේ දෙදෙනාගේම ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පෙරළමිනි. ප්‍රසිද්ධ දැන්වීම් නිර්මාණ ආයතනයක සේවය කරන නිර්මාල් නිරතුරුවම තමාගේ රාජකාරිය වෙනුවෙන් කැප වී කටයුතු කරන්නෙකි.

අලුත් ප්‍රේමයෙන් කුළුගැන්වුණු මේ නව යොවුන් යුවළ එදා දිනය වෙන් කර ගන්නේ ශානිගේ උපන් දිනය සැමරීමටය.

සම්පුර්ණ ලිපිය මෙතැනින් චතුර ගීතනාත් බණ්ඩාර – සරසවිය

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

IMG_8171 [1280x768] IMG_8175 [1280x768] IMG_7914 [1280x768] IMG_7917 [1280x768] IMG_8169 [1280x768] IMG_8170 [1280x768] IMG_7388 [1280x768] IMG_7465 [1280x768] IMG_7628 [1280x768] IMG_7640 [1280x768] IMG_7666 [1280x768] IMG_7692 [1280x768] IMG_6155 [1280x768] IMG_6257 [1280x768] IMG_6394 [1280x768] IMG_6941 [1280x768] IMG_7269 [1280x768] IMG_7286 [1280x768] IMG_6016 [1280x768] IMG_6017 [1280x768] IMG_6032 [1280x768] IMG_5944 [1280x768] IMG_5949 [1280x768] IMG_6004 [1280x768] IMG_6005 [1280x768] IMG_6010 [1280x768] IMG_6012 [1280x768] IMG_5314 [1280x768] IMG_5699 [1280x768] IMG_5735 [1280x768] IMG_5762 [1280x768] IMG_5896 [1280x768] IMG_5920 [1280x768] IMG_5196 [1280x768] IMG_5203 [1280x768] IMG_5222 [1280x768] IMG_5295 [1280x768] IMG_4381 [1280x768] IMG_4743 [1280x768] IMG_5119 [1280x768] IMG_5162 [1280x768] IMG_5195 [1280x768] 72 [1280x768] DSC_2326 [1280x768] DSC_2369 [1280x768] DSC_2370 [1280x768] IMG_4212 [1280x768] IMG_4280 [1280x768] IMG_4314 [1280x768] 55 [1280x768] 59 [1280x768] 62 [1280x768] 63 [1280x768] 64 [1280x768] 13 [1280x768] 33 [1280x768] 52 [1280x768] 53 [1280x768] 54 [1280x768] 2 [1280x768]

Share

About the Author

Cinema.lk A


  • Denver

    හොඳ නම ගන්න පවුලේ සැමට ‍ෆිල්ම් කරලා අන්තිමට විකුනගන්න බැරුව දගලනවා !…හූ ……තොපිට හොඳ වැඩේ….යකෝ බලපියව් හින්දි ‍ෆිල්ම් එකක් දිහා ! නොර්මල් හින්දි ‍ෆිල්ම් එකකත් නළුව නිලියව කී පාරක් කිස් කරනවද කියලා ! මූණ විතරක් නෙමෙයි, තොල, බෙල්ල, බඳ ! ඒකටත් එක්ක තොපි ! හරි හමන් නළුවෙක් ගනිල්ලා පො*න්යෙක් ගන්නෙ නැතුව! පබා කෙල්ල වගේ එකියක්ව දාල Kissing scene ටිකක් එක්ක කොච්චරනම් සිරා ‍ෆිල්ම් එකක් කරන්න තිබ්බද !! අයියෝ සල්ලි !!!

  • ishan

    me flim download karaganna berida