Sri Lanka's Best Cinema Portal

 


Daruwane – දරුවනේ

3
Posted August 6, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

2/ 5

Quick Stats

 
Director:
 
Actors: , , ,
 
Producer:
 
Composer:
 
Release Date: 2012.07.26
 
Story Line: රක්ෂිත සහ මහේෂා සමරසේකර අංජුලා යුවළගේ දරුවන්ය. මේ පවුලට හදිසියේම පදිංචිය වෙනස් කිරීමට සිදුවෙයි. එහෙයින් රක්ෂිත සහ මහේෂාට නව පාසලකට යාමට සිදුවේ.වෘත්තියෙන් ගුරුවරයකු වූ වජිරසේන ශාන්ත ගතිගුණ ඇත්තෙකි.රක්ෂිත ඉගෙනුම සඳහා ඇතුළත් වූයේ ඔහුගේ භාරකාරත්වයෙන් යුතු ගමේ ඉස්කෝලේ පංතියටය.ඒ පංතියේ බලපුළුවන්කාරයා වූ දිලුකය. ඔහු වජිරසේනගේ පුත්‍රයාය. තම පියා පංති භාර ගුරුවරයා වූ නිසාදෝ දිලුක නාහෙට ඇහුවේ නැත. කෙටියෙන් කිව්වොත් වජිරසේනට පවා මේච්චල් කිරීමට අපහසුය. රක්ෂිත සහ දිලුක එකම පංතියේ එකිනෙකාට එරෙහිව ක්‍රියා මාර්ගයන් ගනිමින් දින කිහිපයක් සිටියෝය.වජිරසේන පංතියේ මුල් තැන දෙනුයේ රක්ෂිතටය. රක්ෂිතට කවි, ගීත, ඉතිහාසයේ නොයෙක් වැදගත් චරිත පිළිිබඳ කට පාඩම්ය. වජිරසේන රක්ෂිතට කැමැති මෙබැවින්ය. දිලුකට මෙය රිස්සුවේ නැත. ක්‍රමයෙන් රක්ෂිතට එරෙහිව තම සගයන් සමඟ කැරැල්ලක් ඇරැඹීමට දිලුක තීරණය කළේය. මේ ලෙසින් ඇර‍ඹෙන දීලුකගේත් රක්ෂිතගේත් සීතල යුද්ධයනුත්,දීලුකගේ අක්කණ්ඩිය වු දුලානි හා රක්ෂිතගේ මවගේ සහෝදරයා වු ප්‍රියන්ත ගේ ආදර අන්දරයනුත් හැඩ වෙමින් මෙම සිනමා පටය ඉඳිරියට ගලා යයි
 
Small Description

දරුවන්ගෙන් පාඩම් ඉගෙන ගන්න….

by Cinema.lk A
Full Article

හැටපස් වසරක් පරිණත සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් දර දිය ඇදි දෙමළ ජාතික නිර්මාණකරුවන් බොහෝ සිටියහ.

ලෙනින් මොරායස්, ටී. සෝමසේකරන්, ඒ. වී. චන්ද්‍රන්, කේ. වෙන්කට් ඔවුන් අතරින් අතලොස්සකි. වී. සිවදාසන් අයත් වන්නේ ද එම අධ්‍යක්ෂවරුන්ගේ කුලකයටය.දරුවනේ ඔහුගේ නවතම සිනමා නිර්මාණයයි.

ලංකාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිපැයූ සුනිල් ටී. ප්‍රනාන්දු මෙහි නිෂ්පාදකවරයා වේ.‘දරුවනේ’ සුනිල් ටී. ගේ පළමු නිෂ්පාදනය වූ චණ්ඩි පැටව් සේම ළමා චිත්‍රපටයකි. එය ඔහුගේ අභිමානවත් පනස් දෙවැනි නිෂ්පාදනයයි.

රක්ෂිත හා දිලුක නම් කුඩා ළමුන් දෙදෙනෙකු වටා ගෙතී ඇති මෙම චිත්‍රපටය විජයරත්න වරකාගොඩ, ජයලත් මනෝරත්න, ජනක කුඹුකගේ, දුලීකා මාරපන, නදීකා ගුණසේකර, විශ්වනාත් කොඩිකාර, තිසුරි යුවනිකා, පාලිත සිල්වා, ෂයන් පෙරෙයිරා, යොහාන් පෙරේරා, කෝකිල පවන්, ත්‍රිෂුණ පෙරේරා, රචිනි විරංගා, චානක මධුෂාන්ගේ රැඟුමෙන් ඔපවත් වේ.

Cast and Crew

රංගනය-විජයරත්න වරකාගොඩ, ජයලත් මනෝරත්න, ජනක කුඹුකගේ, දුලීකා මාරපන, නදීකා ගුණසේකර, විශ්වනාත් කොඩිකාර, තිසුරි යුවනිකා, පාලිත සිල්වා, ෂයන් පෙරෙයිරා, යොහාන් පෙරේරා, කෝකිල පවන්, ත්‍රිෂුණ පෙරේරා, රචිනි විරංගා, චානක මධුෂාන්

අධ්‍යක්ෂණය-වී.සිවදාසන්

නිෂ්පාදනය-සුනිල් ටී ප්‍රනාන්දු

කැමරාකරණය -නෝබට් රත්නසිරි

සහය අධ්‍යක්ෂණය-කීර්ති රුවන් ලාල්සන්

සංගීතය -සෝමපාල රත්නායක

කලා අධ්‍යක්ෂණය-සුමිත් හිරාන් ප්‍රනාන්දු

නිෂ්පාදන කළමනාකරණය -සරත් විජේසේකර

ගී පද-මහාචාර්ය සුනිල් ආරියරත්න,පි.එල්.එස් ලියනගේ,සුනිල් ධර්මසිරි

ගායනය -විශාරද නන්දා මාලනී,රූකාන්ත ගුණතිලක,සුරංජි ශ්‍යාමලි,රවිඳු ලක්ශාන්,මනීෂා චංචලා,සරින්ද මෙල්,සංජානි ද මෙල්,චානක මධුශාන්

නිශ්චල ඡායාරූප-සුනිල් විජයදේව

Top Critic Reviews

Buy Tickets Online

Share

About the Author

Cinema.lk A


  • chathu

    daruwane is a very good film for childrens and parents .specially for parents.

  • shashi…

    daruwane is a good film……………sooo…..beautyful……

  • Nipun Thathsara

    all these comments before are “Paid advertisements”. This film is just another Sri lankan Low budget fantasy film. Nothing more!