Sri Lanka's Best Cinema Portal

 


Double trouble -ඩබල් ට්‍රබල්

2
PostedOctober 24, 2013 by in

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer:
 
Composer:
 
Release Date: 2013.10.24
 
Story Line: ඩබල් ට්‍රබල් දිග හැරෙන්නේ අධි මානසිකත්වයක් ඇති ඩංකා නම් වූ ළමයකු වටාය
 
Small Description

ප්‍රියසාද්ගෙන් අලුත් වැඩක්……..ඩබල් ට්‍රබල්

by Cinema.lk A
Full Article

ඩිනක්ෂි ප්‍රියසාද් පළමුවරට රංගන දායකත්වය සපයන සිනමාපටය මේ දිනවල රූගත කෙරෙමින් පවතියි. ඩබල් ට්‍රබල් යනුවෙන් නම් කොට ඇති එය දිනේෂ් ප්‍රියසාද්ගේ අධ්‍යක්ෂණයකි. ඩිනක්ෂි, දිනේෂ්ගේ වැඩිමහල් දියණි වන්නීය. එමෙන්ම සිනමාවට ආගන්තුක නොවූ චරිතයක් වූ ඔහුගේ දෙවැනි දියණිය ශේෂාද්‍රි, ඩබල් ට්‍රබල්හි රඟන අතර ඩිනක්ෂි, ශේෂාද්‍රි යන අක්ක නගෝ යුවළ කුළුඳුලේ රිදී තිරයේදී මුණ ගැසෙන්නේ මෙම චිත්‍රපටය හරහාය.

ඩබල් ට්‍රබල් දිග හැරෙන්නේ අධි මානසිකත්වයක් ඇති ඩංකා නම් වූ ළමයකු වටාය. මලිඳු ශිවංක එම චරිතය රංගනයේ යෙදෙයි.

විල්සන් ගුණරත්න, දුලීකා මාරපන, මොහාන් හෙට්ටිආරච්චි, එරංග ජීවන්ත, ඔෂනී ලියනගේ මෙහි අනිකුත් නළු නිළි පිරිසය.

ක්ලයිව් මාර්ටින්ස් ඩබල් ට්‍රබල් හි පිටපත් රචකයා මෙන්ම සහාය අධ්‍යක්ෂවරයා වේ. නිමල්සිරි රෝසාගේ කැමරා අධ්‍යක්ෂණයකි. අශෝක් රණසිංහ නිෂ්පාදන කළමණාකාරවරයාය. ආදේශක රංගනය සරත් සිල්වා ගෙනි. ඉමල් ජූඩ්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඩබල් ට්‍රබල් ඔපවත් වේ.

අධ්‍යක්ෂණය, සංස්කරණය සහ විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග දිනේෂ් ප්‍රියසාද් විසින් සිදු කරයි. දෙමෝදර පාලම, කොලොම්පූර්, ඇද්දා ලණුව දැම්මා කොඩිය (තිරගත වීමට නියමිත) දිනේෂ් මීට ප්‍රථම නිර්මාණය කර ඇති සිනමා පට වන අතර ඩබල් ට්‍රබල් ඔහුගේ දහසය වැනි සිනමා පටයයි.

ඩබල් ට්‍රබල්, දිනේෂ් ගේ මුල්ම චිත්‍රපටය වූ නොම්මර එකයි නිෂ්පාදනය කළ රාජ් රණසිංහ දිගු කලකට පසු නිපදවන චිත්‍රපටයකි.

1382005_696307147046073_1703419891_n


Share


About the Author

Cinema.lk A


  • pubudi rasanjali

    I think this will be a nice and a comedy film….and i hope dat this will be a good hit…wish u all da best MR.dinesh priyasad,sheshadrie akki and dinu akki….u may all get da bless of the god to produce more and many valuable films to lankan cinema.

  • KALPA

    Dog poop !!!

body