Sri Lanka's Best Cinema Portal

 


Ekamath eka rataka-එකමත් එක රටෙක

0
Posted July 17, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3.5/ 5

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
Composer:
 
Release Date: 2009-06-05
 
Story Line: මෙහි තරුණිය පළාත්බද නගරයක ප්‍රභූ පවුලක සුරූපියකි. ඇගේ වලව්ව ඉදිරියේ බල්ලකු සමග හුදකලාව වෙසෙන ලිපිකරුවා විරූපී සිරුරක්‌ ඇති කාත් කවුරුවත් නැති ලඡ්ජාශීලි තරුණයෙකි. සමාජ මට්‌ටම සහ හැඩරුව අනුව ඔහු සුරූපියට කිසිසේත් නොගැලපෙයි. එහෙත් දඩබ්බර කාමාශක්ත තරුණිය ගේ වත හා බැල්මට ගොදුරුවන ඔහු ඇයට වසඟවෙයි. ඇය තම ජීවිතයේ පංගුකාරිය කරගැන්ම ඔහුගේ සිහිනය වෙයි‍. මේ අතර ඇයට තවත් පටලැවිල්ලක්‌ද ඇත. ඒ ඇගේ රහස්‌ වල්ලභයා ය. වලව්වේම හැදුණු වැඩුණු ඒ පෙම්වතා පවුලේ මෙහෙකාරියගේ එකම පුත්‍රයාය. අනෙක්‌ අතට සුරූපීය ළදරු වියේ පටන්ම පරපීඩක උන්මාදයක ගති ලක්‌ෂණ පෙන්නුම් කළ ගැහැනු දරුවෙකි. ඇගේ ප්‍රේමාලිංගනය ප්‍රචණ්‌ඩය දෙදෙනා අතර වූ සම්බන්ධය ආදරය මුල් කර ගත්තක්‌ නොව කාමරාගයෙන් උපන් විපරිත චර්යාවකි. මේ අසාමාන්‍ය ගනුදෙනුව කෙරෙන අතරතුර හදිසි උත්තේජනයන් නිසා තරුණ නීතිඥයා ඇගේ කන්‍යාභාවය කෙළෙසයි.අවසානයේදී සුරූපිය එල්ල කළ ප්‍රහාරයක්‌ නිසා තරුණයාගේ හිස ඇඳ පත්තේ වැදී ඔහුට සිහිසන් නැතිවෙයි. (නැතහොත් ඔහු මිය යයි) සිය අත්වැරැද්ද නිසා පෙම්වතා මිය ගියේ යෑයි කලබල වෙන සුරූපියට දැන් කාගේ පිහිටද? ඈ පාරෙන් ඔබ වෙසෙන විරූපී තරුණයාට අත වනා අඬගසයි. තරුණියගේ කැඳවීම නිසා අමන්දානන්දයට පත්වන මේ ලිපිකරු, කුලීන තරුණිය වෙත දුව යයි. තමා මේ උගුලෙන් බේරාගනු පිණිස නීතිඥයාගේ සිරුර ඔසවාගෙන ගොස්‌ විථිය කෙළවර ඇළට දමන ලෙස ඈ ඔහුගෙන් ඉල්ලා සිටියි. මේ උදව්වට ප්‍රතිඋපකාර වශයෙන් ඈ ඔහුට සමග කාමභෝගී රාත්‍රියක්‌ ගතකිරීමට පොරොන්දු වන්නීය.....
 

Positive:

කඩවසම් රූපයක්‌ යටපත් කර විරූපී බවක්‌ පෙන්වීමට උත්සාහ ගන්නා සනත් ගුණතිලක ඔහුගේ භූමිකාව මනා ලෙස නිරූපණය කරයි.දෙබසින් තොරව දෘශ්‍ය රූපාවලිය තුළින් මිනිසා ගේ චිත්තාභ්‍යන්තරය නිරූපණය කිරීම බෙහෙවින් සිනමානුරූපී ය.
 

Nagetive:

ශිල්පීය වශයෙන් ගත් කල චිත්‍රපටයේ ආලෝකය, පසු වර්ණ ගැන්වීම්, දෙබස් කැවීම් ඇතුලූ විවිධ අංශයන්හි තාක්ෂණික දුර්වලතා රාශියක් ඇත.
 
Small Description

තමා සතු ලිංගිකාකර්ෂණය සියුම් ලෙස මහා බලයක් කරගත් කාන්තාවක් සහ එම කාන්තාව හා බැඳුණු ලිංගික ශාපය නිසා ම ඇය ගේ සුවච, කීකරු ගැත්තන් බවට පත් ව දීනවන පෞරුෂයන් දෙකක් ද උපයෝගී කරගනිමින් තැනුණු මෙතෙක් සිංහල සිනමාවෙහි නුදුටු විරූ නවමු කතා පුවතක්

by Cinema.lk A
Full Article

19 වන සියවසේ ප්‍රංශයේ විසූ දක්‍ෂ සාහිත්‍යධරයෙකු වන එමිල්සෝලාගේ කෙටි කතාවක්‌ වන”අ නයිට්‌ ඕෆ් ලව්”( UNE NUIT D’ AMOUR)ඇසුරෙන් මෙම “එකමත් එක රටෙක” නිර්මාණය කර ඇත. මිනිස්‌ සන්තානයේ ඇතිවන සිතුවිලි, ආශාව, රාගය වැනි මනෝභාවයන් පදනම් කර ගනිමින් රචිත මෙම කෙටි කතාවේ කතා ශරීරය, සිනමාවට ගැනීමේදී සනත් එම විදේශීය පසුබිම හා පරිසරය තම නිර්මාණයටද එම මුහුණුවරින්ම යොදා ගැනීමට උත්සාහ ගෙන ඇත. නුවරඑළිය ආශ්‍රිත දර්ශන හා නිවාස, ඇඳුම් පැළඳුම් හා එම පරිසරය නිර්මාණය පෝෂණය කරයි.

විදේශීය අධ්‍යාපනයකින් පසු නිවසට එන සුරූපී තරුණියකගේ අසාමාන්‍ය හැසිරීම් හා කුඩා කල සිටම ඇසුරු කරන ලද නිවසේ සේවිකාවගේ පුතුට ආදරය කිරීමත්, නිවස අසල හුදෙකලා ජීවිතයක්‌ ගෙවන විරූපී මිනිසෙකු මෙම ප්‍රේමය අතරට අහම්බෙන් පැමිණීමත් අවසානයේ කිසිවෙකු නොසිතන ඛේදවාචකයක්‌ සිදුවීමත් යන වෘතාන්තය හරහා චරිතවලට අනන්‍ය වූ හැසිරීම් මාලාවක්‌ රූප මාධ්‍යයට ගැනීමට “එකමත් එක රටෙක” සමත් වී ඇත.

නිරෝෂා පෙරේරා කතා නායිකාව වන මෙහි සනත් ගුණතිලක, චාන්දනී සෙනෙවිරත්න, දමිතා අබේරත්න, හිමාලි සයුරංගි, සේමිණි ඉද්දමල්ගොඩ, නිල්මිණි බුවනෙක, ලියෝනි කොතලාවල, කුමාර තිරිමාදුර, රොෂාන් රවීන්ද්‍ර වැනි අති දක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසකගේම රැඟුම් ඇතුළත්ය.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ කන්කලු පසුබිම් සංගීත අධ්‍යක්ෂණ කාර්යයක් වූ එකමත් එක රටෙක ජනක රාමනායකගේ නිෂ්පාදනයකි.

 

Top Critic Reviews

Cast and Crew

රංගනය-නිරෝෂා පෙරේරා,සනත් ගුණතිලක, චාන්දනී සෙනෙවිරත්න, දමිතා අබේරත්න, හිමාලි සයුරංගි, සේමිණි ඉද්දමල්ගොඩ, නිල්මිණි බුවනෙක, ලියෝනි කොතලාවල, කුමාර තිරිමාදුර, රොෂාන් රවීන්ද්‍ර

අධ්‍යක්ෂණය,තිර රචනය-සනත් ගුණතිලක

නිෂ්පාදනය-ජනක රාමනායක

කැමරාකරණය,ආලෝකකරණය -ලාල් වික්‍රමරත්න

වේශ නිරූපණය-ඉමල් ශානක පීරීස්

නිෂ්පාදන කළමණාකරණය-විකුම් ජයසුරිය

සහය අධ්‍යක්ෂණය-රන්ජන් ප්‍රසන්න,චිරන්ජීව පෙරේරා

සංගීතය -ප්‍රේමසිරි කේමදාස

කලා අධ්‍යක්ෂණය-වෙලේගෙදර රණසිංහ

නිෂ්පාදන සැලසුම් ශිල්පි-එරල් කෙලි

සංස්කරණය-රවීන්ද්‍ර ගුරුගේ

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

Share

About the Author

Cinema.lk A