
Ho Gaana Pokuna – හෝ ගානා පොකුණ – The Singing Pond
Quick Stats
ලංකාවේ හද්දා පිටිසර පිහිටි,ළමුන් දහ අට දෙනෙකු පමණක් සිටින ප්රාථමික පාසලකට එක්තරා උදාසැනක සුවිශාල දිදුලන පෙට්ටියක් ලැබෙයි.කුහුලින් ඇලලී යන කුඩා උන් පිරිස මේ කලු පෙට්ටිය කුමක්දැයි විමසද්දී ඔවුන්ගේ මුල් ගුරුතුමා එය කාමරයකට දමා අගුලු ලයි.මේ මහ පෙට්ටිය ඇතුලේ කටින් ගිණි පිඹින දගකාර පොඩි උන් ගිලින භයානක මකරෙක් සිටින බවට මුල්ගුරුතුමා අනතුරු අගවයි. නමුත් මුල් ගුරුතුමාගේ […]
ලංකාවේ හද්දා පිටිසර පිහිටි,ළමුන් දහ අට දෙනෙකු පමණක් සිටින ප්රාථමික පාසලකට එක්තරා උදාසැනක සුවිශාල දිදුලන පෙට්ටියක් ලැබෙයි.කුහුලින් ඇලලී යන කුඩා උන් පිරිස මේ කලු පෙට්ටිය කුමක්දැයි විමසද්දී ඔවුන්ගේ මුල් ගුරුතුමා එය කාමරයකට දමා අගුලු ලයි.මේ මහ පෙට්ටිය ඇතුලේ කටින් ගිණි පිඹින දගකාර පොඩි උන් ගිලින භයානක මකරෙක් සිටින බවට මුල්ගුරුතුමා අනතුරු අගවයි.
නමුත් මුල් ගුරුතුමාගේ අණට අකීකරු වු එක් පොඩ්ඩෙකු..මේ කාමරයේ යතුර සොරකම් කර මේ කලු පෙට්ටිය සොයා යන අතරතුර මුල් ගුරුතුමාට අසුවේ.මුල් ගුරුතුමාගේ අණට අකීකරු වීම නිසා මේ පොඩ්ඩා මුල් ගුරුතුමා දඩුවමටද ලක් වේ.නමුත් පාසලට පැමිණෙන අලුත් ගුරුතුමිය පාසලේ වු පොඩ්ඩන්ගේ කුතුහලයට පිළිතුරු දෙන්නේ මේ කලු පෙට්ටිය වෙන දෙයක් නොව සුමියුරු නාද රටා මවන පියානෝවක් යන වග ළමයින්ට කියා දිමෙනි.
පියානෝව කුමක් දැයි මේ පොඩ්ඩන් දැන ගත්තද තවත් ආශාවක් ඔවුන්ගේ හිතේ පැලපදියම් වෙන්න පටන් ගනී.ඒ ආශාව පසුපස යන දගකාර පොඩ්ඩන්ගේ කතාවයි…හෝ ගානා පොකුණ..