Sri Lanka's Best Cinema Portal

 

කෝ මාර්ක් නෝ මාර්ක් – Ko Mark No Mark

0
Posted December 31, 2014 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

2.5/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer:
 
 
Release Date: 2014.12.12
 
Small Description

ජයප්‍රකාශ් සිවගුරුනාදන්,විජය නන්දසිරි සුසංයෝගය කවදත් මෙරට සිනමාවේ හැඩ කරේ සිනහවෙනි.යටින් වු පණිවිඩයත් මතුපිටින් වු සිනහවත් සමඟින් මෙවර මේ දෙපල පැමිණෙන්නේ “කෝ මාර්ක් නෝ මාර්ක්“ සමඟිනි..තිලක් සේනාසිංහගේ කතා සංකල්පයන් අනුව මිහිර සිරිතිලක හා චින්තක පීරිස් තමයි මෙය රචනාකරලා තියෙන්නේ. මාක් ප්‍රකට විද්‍යාඥයෙකුගේ කාර්යාල කාර්ය සහායක විදියට සේවය කරනවා. එම විද්‍යාඥයා මෙම සේවකයාට මාස ගණනකින් වැටුප් නොගෙවීම […]

by Cinema.lk A
Full Article

ජයප්‍රකාශ් සිවගුරුනාදන්,විජය නන්දසිරි සුසංයෝගය කවදත් මෙරට සිනමාවේ හැඩ කරේ සිනහවෙනි.යටින් වු පණිවිඩයත් මතුපිටින් වු සිනහවත් සමඟින් මෙවර මේ දෙපල පැමිණෙන්නේ “කෝ මාර්ක් නෝ මාර්ක්“ සමඟිනි..තිලක් සේනාසිංහගේ කතා සංකල්පයන් අනුව මිහිර සිරිතිලක හා චින්තක පීරිස් තමයි මෙය රචනාකරලා තියෙන්නේ.

මාක් ප්‍රකට විද්‍යාඥයෙකුගේ කාර්යාල කාර්ය සහායක විදියට සේවය කරනවා. එම විද්‍යාඥයා මෙම සේවකයාට මාස ගණනකින් වැටුප් නොගෙවීම හින්දා මාර්ක්ගේ බිරිඳ සිය සැමියා සමග ගැටුම් ඇතිකර ගන්නවා. මේ හේතුව හින්දා මාර්ක් සිය ස්වාමියා ළඟට පැමිණ එක මාසයක හෝ වැටුප දෙන ලෙස බැගෑපත්වනවා. ඒත් ඔහුගේ ඉල්ලීම ඉටුවන්නේ නැහැ. දැඩි සිත්තැවුලට පත්වන මාර්ක් ජීවිතය නැතිකර ගන්නට සිතනවා. ඔහු විද්‍යාඥයාගේ විද්‍යාගාරයේ සියලුම බෙහෙත් වර්ග එකතු කරගෙන බොන්නේ ඒ හින්දා. නමුත් එයින් මාර්ක් මරණයට පත්වන්නේ නැහැ. ඒ වෙනුවට සිදුවන්නේ අපූරු දෙයක්. ඒ තමයි අර ඖෂධවල බලපෑමට මාර්ක් අදෘෂ්‍යමානවී යාම. මේ අතර මාර්ක්ගේ හැඩරුවම ඇති දේශපාලනඥයකු ද සිටිනවා. එම දේශපාලනඥයා හා අදෘශ්‍යමාන වූ මාර්ක් අතර සිදුවීම් මාලාව අපූරු දේශපාලන ප්‍රහසනයක් විදියට ගලාගෙන යනවා. අතුරුදන් වූ මාර්ක්ට භූතයකු හමුවන අතර එම භූතයා සම්බන්ධ සිදුවීම් කතාවට තවත් අපූර්වත්වයක් එකතු කරනවා.

විජය නන්දසිරිගේ ද්විත්ව චරිත නිරූපණයක් දැක්වෙන මෙම සිනමාපටයට ගිරිරාජ් කෞශල්‍ය, ගිහාන් ප්‍රනාන්දු, දිල්හානි අශෝකමාලා, සේමිණී ඉද්දමල්ගොඩ, පියුමි බොතේජු හා මිහිර සිරිතිලක ඇතුළු රංගන ශිල්පීන් රැසකගේ දායකත්වය ලැබී තිබෙනවා. මෙම චිත්‍රපටය දැන් දිවයින පුරා ඊ.ඒ.පී සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙනවා.

10846043_670363593084091_7563509866060247007_n 10801997_670363606417423_3031283726708883681_n (1) 10440244_670363449750772_597181450884959901_n 1512805_670363629750754_2641480357453235974_n 1509752_670364006417383_7786126349225522416_n 1477340_670363556417428_6142227668256569226_n 1558421_670364096417374_8935727563441865893_n

KO-MARK-Promo-Stills778__1 KO-MARK-Promo-Stills__11 KO-MARK-Promo-Stills__21 KO-MARK-Promo-Stills_58285_1 KO-MARK-Promo-Stills_il_1

 

Share

About the Author

Cinema.lk A