
මේ වගේ ආදරයක් – Me Wage Adarayak – A Love Like This
Quick Stats
ලංකාවේ ස්පිල්බර්ග් යන අනවර්ථ නාමයෙන් හදුන්වන චන්ද්‍රන් රත්නම් නම් ප්‍රවීණ අධ්‍යක්ෂකවරයාගේ නවතම සිනමාපටය “මේ වගේ ආදරයක්“ මේ මස 24 වන දා පටන් සීමිත සිනමාශාලාවන් කිහිපයක තිරගත වීම ආරම්භ කර තියෙනවා. චන්ද්‍රන් ගේ මේ කතාව දිඟහැරෙන්නේ සුන්දර ආදර කතාවක් කේන්ද්‍ර කරගෙනයි.මෙහි එන කතානායකයා කොළඹ ජනප්‍රිය ගුවන් නියමු පුහුණු පාසලක උපදේශකවරයෙකි.ඔහු නමින් රොෂාන්…නුවර වංශවත් රඳළ පෙළපතකින් පැවත එන […]
ලංකාවේ ස්පිල්බර්ග් යන අනවර්ථ නාමයෙන් හදුන්වන චන්ද්‍රන් රත්නම් නම් ප්‍රවීණ අධ්‍යක්ෂකවරයාගේ නවතම සිනමාපටය “මේ වගේ ආදරයක්“ මේ මස 24 වන දා පටන් සීමිත සිනමාශාලාවන් කිහිපයක තිරගත වීම ආරම්භ කර තියෙනවා.
චන්ද්‍රන් ගේ මේ කතාව දිඟහැරෙන්නේ සුන්දර ආදර කතාවක් කේන්ද්‍ර කරගෙනයි.මෙහි එන කතානායකයා කොළඹ ජනප්‍රිය ගුවන් නියමු පුහුණු පාසලක උපදේශකවරයෙකි.ඔහු නමින් රොෂාන්…නුවර වංශවත් රඳළ පෙළපතකින් පැවත එන ඔහුගේ පියා බලවත් කැබිනට් අමාත්‍යවරයෙකි.එහෙයින් ඔහුගේ වයසේ වෙනත් තරුණයින්ට නොමැති සැපසම්පත් හිමි ජීවිතයක් ඔහුට නිරායාසයෙන්ම හිමි වී තිබේ.
රොෂාන් සේවය කරන ගුවන් පාසලේ සිටිනා සේරීනා ගුවන් නියමු පුහුණු පාසලේ අධ්‍යාපනය හදාරණ ඉංජිනේරු ශිෂ්‍යාවකි.ඇය මධ්‍යම පාන්තික කතෝලික පවුලක තරුණියකි.මෙම චිත්‍රපටයේ ඇතුලත් වන්නේ මොවුන් දෙදෙනාගේ ආදර කතාවයි.දෙමව්පියන්ගේ සාම්ප්‍රදායික විරෝධයට මේ තරුණ යුවළ මුහුණ පායි.මුදල් බලය,පවුල් පැළැන්ති යන නොයේක විධ කාරණා නිසාවෙන් රොෂාන්ගේ බලපුළුවන්කාර පියා මේ සම්බන්ධයට අකුල් හෙලන්න පටන් ගනී.අවසානයේ සියලු සැපපම්පත් පසෙක දැමු රොෂාන් තම පියාද අතහැර සේරීනා හා එක් වීමට තීරණය කරයි.දෛවයේ සරදමට මොවුන් මුහුණ පාන්නේ මෙතැන් පටන්ය…
තමන්ගේ උත්සහයෙන් තම ජීවිතය ආරම්භ කළ මේ දෙදෙනාගේ ජීවිතයේ අදුරුතම කාල පරිච්ජේදය මෙතනින් පසුව ආරම්භ වන්න පටන් ගනී.හදිස්සියේ කරනා ලද වෛද්‍ය පරික්ෂණයක ප්‍රතිඵලයකින් සොයා ගන්නේ සේරීනාට දරුණු රෝගී තත්වයක් වැළදී ඇති බවයි.ආර්ථීක අතින් කොපමණ අපහසුකම් තිබුණත් රොෂාන් ඇයට උසස්ම වෛද්‍ය පහසුකම් සලසා දෙයි.ඒත්…මේ තත්වය තව තව උග්‍ර අතට හැරේ..
නළු නිළි කැළ – අනුජ් රණසිංහ,දිනක්ෂි ප්‍රියසාද්,කුමා අත්තනායක,විල්මන් සිරිමාන්න,නාලක දළුවත්ත,සෂීනි ප්‍රේමසීල,දුමින්ද සෙනරත්,නාලක විශ්වමිත්,බිනාකා නානායක්කාර,මියාසි ක්රිස්තෝම්බු,නතාශීයා සෙව්වන්දි,මංජුලා තරංගනී
අධ්‍යක්ෂණය – චන්ද්‍රන් රත්නම්
සහය අධ්‍යක්ෂණය – ජගත් ආනන්ද
කැමරාකරණය – චන්දන ජයසිංහ
සහය කැමරාකරණය – සුමිත් කුමාරගේ
සංගීතය – චිත්‍රාල් සෝමපාල
සංස්කරණය – අජිත් රාමනායක
ඇඳුම් නිර්මාණය – ශාමිලා ෆොන්සේකා
වේශ නිරුපණය – නාරද තොටගමුව
නිෂ්පාදන කළමනාකරණය – චන්දිමාල් කොඩිතුවක්කු
නිෂ්පාදන නිර්මාණ ශිල්පි – හේෂාන් දොන් ප්‍රේමසීල
නිෂ්පාදන සංවිධාන – සශීකලා හංසනී