Sri Lanka's Best Cinema Portal

 

Dialog-Banner

Nikini Wessa (August Drizzle) – නිකිණි වැස්ස

0
Posted May 21, 2013 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

4/ 5

Quick Stats

 
Director:
 
Actors: , , , ,
 
 
Composer:
 
Release Date: 2013-05-22
 
Small Description

වියලි කලාපයේ වාසය කරන ගැහැණියක හා පුරුෂයෙක් පිළිබඳව කියැවෙන නිකිණි් වැස්ස චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සිනමා පටයකි. අරුණ ජයවර්ධන නම් යොවුන් සිනමාකරැවාගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එක් සම්මානයක් වූයේ ජාත්‍යන්තර ප්‍රධාන […]

by Cinema.lk
Full Article

වියලි කලාපයේ වාසය කරන ගැහැණියක හා පුරුෂයෙක් පිළිබඳව කියැවෙන නිකිණි් වැස්ස චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සිනමා පටයකි.

අරුණ ජයවර්ධන නම් යොවුන් සිනමාකරැවාගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එක් සම්මානයක් වූයේ ජාත්‍යන්තර ප්‍රධාන ජූරිය මඟින් පිරිනමන ලද Golden Cyclo නමැති ප්‍රධාන සම්මානය දිනා ගැනීමයි. එම සම්මානයට අමතරව ඔහුට යුරෝ 1500/-ක් හිමි විය. මෙම ජූරියේ සාමාජිකයන් වූයේ, අටික් රහිම්, සභාපති (ඇෆ්ගනිස්ථානය) එර්මෙන් චිනාර්ඛායෙව් (කසකස්ථානය) හා ලතිකා පද්ගොන්කාර් (ඉන්දියාව) ය. සුප්‍රකට කොරියානු චිත්‍රපටයක් වූ ජායොන් කියු – හ්වාන් ගේ Dance Town චිත්‍රපටයට හිමිවුයේ දෙවන ස්ථානයයි.

මෙම උලෙළේදීම ‘නිකිණි වැස්ස’ ලබා ගත් දෙවන සම්මානය වූයේ හොඳම ආසියාතික චිත්‍රපටයට පිරිනමනු ලබන NETPA සම්මානයයි. එහි ජූරි සාමාජිකයන් වූයේ ඈන් ඩෙමි – ගේරෝ (සභාපති – ඕස්ට්‍රේලියාව), ගෝලාම් රබානි ඛිප්ලොබ් (බංග්ලාදේශය) සහ ලේඛා ශන්කර් (තායිලන්තය)ය.

චාන්දනී සෙනෙවිරත්න, බිමල් ජයකොඩ්, ජගත් මණවර්ණ, සුලෝචනා වීරසිංහ, නෙතලි නානායක්කාර, සරත් කොතලාවල ගේ රංඟනයෙන් හැඩවුණු “නිකිණි වැස්ස”  සඳහා චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්ද, ජීවන්ත දෙවප්‍රිය සංස්කරණයෙන්ද, ජයන්ත රනවක වේෂ නිරූපණයෙන්ද, දමින්ද මඩවල සහාය අධයක්ෂණයෙන්ද සහය වූ අතර සංගීතය නදීක ගුරුගේ ගෙන් ය.

297463_106477779459566_100002920337306_40699_152392094_n

 

සිනමා ශාලාව නගරය වේලාව විමසීම්
රීගල් කොළඹ 02
රීගල් නුවර
ලිඩෝ කොළඹ 08
රීගල් මීගමුව
මිලානෝ කෑගල්ල
නයෝමි ගම්පහ
ප්‍රින්සස් ගාල්ල
හරිස්චන්ද්‍ර කිරිදිවැල
සිනෙස්ටාර් අනුරාධපුර
ඩොන් ප්ලාසා කළුතර
ශ්‍රී මහල් කුලියාපිටිය
N.I.T කුරුණෑගල
N.I.T අවිස්සාවේල්ල
N.I.T රත්නපුර
නිව් සිනමා මාතර
ඕඩියන් ගල්කිස්ස
කන්ට්‍රාස් දළුගම
රත්නවේලි ජා ඇල
දුල්මිණි හොරණ
එමිටි ලයිට් මහරගම
Share

About the Author

Cinema.lk


body