Sri Lanka's Best Cinema Portal

 


Prathiroo – ප්‍රතිරූ

0
Posted November 28, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
 
Composer:
 
Small Description

පසුගිය වකවානුව තුළ ලාංකාවේ ඇවිලි ගිය සාපලත් යුද්ධය පැවතුන කාල සීමාවේ මායිම් ගම්මානවල සිදු වූ සත්‍ය සිදුවීම් පදනම් කොට ගනිමින් තැනුණු ප්‍රතිරූ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ නිර්මාණයකි මව්බිමේ සැබෑ නිදහස වෙනුවෙන් තම දිවිය කැප කළ වීරෝධාර රණවිරුවන් සහ ඔවුනගේ සෙනෙහෙබර දෙමව්පියන්ගේ ආත්මීය බැදීම පෙන්නුම් කරන ප්‍රතිරූ තවත් එක් යුධමය චිත්‍රපටයක් නොවේ.මායිම් ගම්මානයක වීසු ලීලාවතී නම් වීර […]

by Cinema.lk A
Full Article

පසුගිය වකවානුව තුළ ලාංකාවේ ඇවිලි ගිය සාපලත් යුද්ධය පැවතුන කාල සීමාවේ මායිම් ගම්මානවල සිදු වූ සත්‍ය සිදුවීම් පදනම් කොට ගනිමින් තැනුණු ප්‍රතිරූ වෛද්‍ය කපිල සූරියආරච්චිගේ නිර්මාණයකි

මව්බිමේ සැබෑ නිදහස වෙනුවෙන් තම දිවිය කැප කළ වීරෝධාර රණවිරුවන් සහ ඔවුනගේ සෙනෙහෙබර දෙමව්පියන්ගේ ආත්මීය බැදීම පෙන්නුම් කරන ප්‍රතිරූ තවත් එක් යුධමය චිත්‍රපටයක් නොවේ.මායිම් ගම්මානයක වීසු ලීලාවතී නම් වීර මාතාව,විශ්ව විද්‍යාල ප්‍රවේශයද ලබා උන් තමාගේ පුත්‍රයා හමුදා සේවයට පිටත් කර හරින්නේ රට දැය ගැන උපන් ආලය නිසාවෙනි.මේ ධීර මාතාවගේ අශිර්වාදය හමුවේ වික්‍රමද හමුදා සේවයට යන්නේ තමන්ගේ මවත්,තමන්ගේ රටත් ඔහුට පෙනුනේ එකක් ලෙසින් වු බැවිනි.

‘උඹට අම්මව ඉඹින්න ඕන හැම වෙලාවෙම මේ මහ පොළොව ඉඹපන්’ ලීලාවතී තම පුතුගේ හදවතට රට දැය කෙරෙහි ආදරය කා වැද්දුවේ ඒ අයුරිනි.ඒ වදන්වල ආශිර්වාදය වික්‍රමට දැනුණේ යෝධ සවියක් මෙනි.මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ආචාර්ය මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ජගත් බෙනරගම, වීනා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, විජේරත්න වරකාගොඩ, දමයන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ වැනි ප්‍රවීණයන්ගෙන් හැඩවෙන අතරම නවකයන්ගේ රංගනයන්ගෙන්ද ප්‍රතිරූ හැඩ වේ.

Cast and Crew

රංගනය-ආචාර්ය මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ජගත් බෙනරගම, වීනා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, සුජීව ප්‍රියලාල්, වෛද්‍ය කපිල සූරියආරච්චි,හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, විජේරත්න වරකාගොඩ, දමයන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, බන්දුල විජේවීර, කෞෂල්‍යා සමරසිංහ, දිමුතු චින්තක, විහඟ නිමේෂක

කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය – වෛද්‍ය කපිල සූරියආරච්චි

කැමරාකරණය -චන්දන ජයසිංහ

සංස්කරණය – රවීන්ද්‍ර ගුරුගේ

සහය අධ්‍යක්ෂණය-සුජිත් පෙරේරා

සංගීතය -දර්ශන රුවන් දිසානායක

කලා අධ්‍යක්ෂණය-අරුණ ඩයස්

වේශ නිරූපණය – ඉමල් ශානක පීරිස්

නිෂ්පාදන කළමනාකරණය – ජයප්‍රකාශ් සිවගුරුනාදන්

ව්‍යාපෘති සැලසුම්කරණය – වෛද්‍ය උමංගා සූරියආරච්චි

ගී පද-වෛද්‍ය කපිල සූරියආරච්චි

තේමා ගීත ගායනය – අමරසිරි පීරිස්

කවි ගායනා – විශාරද නන්දා මාලිනී, අමරසිරි පීරිස්, ඉන්දිකා උපමාලි

Buy Tickets Online

Share

About the Author

Cinema.lk A