Sri Lanka's Best Cinema Portal

 


Putha mage sooraya-පුතා මගේ සූරයා

0
Posted July 4, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

2/ 5

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer:
 
Composer:
 
Release Date: 2011-10-28
 
Story Line: චාමර අසාධාරණව මුදල් උපයමින් ජීවත්වෙන තරුණයෙකි.අයිවන් නමැති පුද්ගලයකුගේ අවශ්ය්තාවක්‌ සපුරාදීමට චාමරට බාරවෙයි.චාමරට බාරවුණ කාර්යය මැදිවියේ කාන්තාවක්‌ සමග කුඩා දරුවකුගේ ජීවිතය විනාශ කිරීමයි. මෙම ඇග්නස්‌ නමැති කාන්තාව තම ඥාති සහෝදරයාගේ කුඩා දියණිය සමග ආරක්ෂිත ස්‌ථානයක ජීවත් වෙයි. නමුත් ඔවුන්ගේ ජීවිත හානි කිරීම එතරම් ලෙහෙසි කටයුත්තක්‌ නොවූයෙන් චාමරට මෙම ස්‌ථානයට ඇතුළුවීමට නිලූකා නමැති තරුණියගේ සහය පතයි.ඇග්නස්‌ගේ වලව්වට යැමට අවස්‌ථාව ඇත්තේ නිලූකාට පමණි. චාමර මෙම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගෙන නිලූකා හා මිතුරුවෙයි. ඉන්පසු ඇග්නස්‌ ගේ වලව්වට යන චාමර ඇග්නස්‌ගේ කුඩා දරුවා සමඟ ද මිතුරු වෙයි. නමුත් මොවුන්ගේ ජීවිත හානි කිරීමට චාමර අවස්‌ථාවක්‌ එනතුරු බලා සිටී. දිනක්‌ ඇග්නස්‌ තම ජීවිත කථාව චාමරට හෙළි කරයි අයිවන් තම මහප්පාගේ පුතා බවත්, ඇග්නස්‌ගේ සහෝදරයා සහ බිරිඳ අයිවන් මරා දැමූ බවත්, තම ස්‌වාමියාද ඔහු මරා දැමූ බවත් ඉන්පසු කිසිවකුගේ උපකාරයක්‌ නොමැතිව තමා අයිවන්ගෙන් බේරීම සඳහා මෙසේ ආරක්ෂූක වළල්ලක ජීවත්වන බවත්ය. නමුත් දැන් තමාගේ මරණය ළඟාවන බවක්‌ හැඟීයන බැවින් තමන් විසින් ඇති දැඩි කරන කුඩා දරුවා බේරා දෙන ලෙස ඇය චාමරගෙන් ඉල්ලයි. ඇග්නස්‌ගේ මෙම අතීත කථාවෙන් පසු අයිවන්ට එරෙහිවන චාමර කුඩා දරුවා සහ ඇග්නස්‌ව අයිවන්ගෙන් බේරාගැනීමට ඉදිරිපත් වෙයි.
 
Small Description

අසාධාරණයට එරෙහිව සටන් වැදුණු පුතෙක්…

by Cinema.lk A
Full Article

කුඩා කල සිටම දෙමවුපියන් නොමැතිව හැදුණු වැඩුණු චාමර නම් දඩබ්බර තරුණයෙක් වටා ගෙති ඇති ”පුතා මගේ සූරයා” චිත්‍රපටය රංජිත් ජයසිංහයන්ගේ අධ්‍යක්‍ෂණයකි.දිවංගත ප්‍රවීණ රංගන ශිල්පී පියදාස ගුණසේකරගේ පුතකු වන ලක්‍ෂ්මන් ගුණසේකර මෙම චිත්‍රපටය නිපදවයි.

”පුතා මගේ සූරයා” හි රංගන දායකත්වයෙන් ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌,අනූෂා සොනාලි,ශෂී විජේන්ද්‍ර, හයිසින්ත් විඡේරත්න,මානෙල් වානගුරු,ආනන්ද වික්‍රමගේ,රත්නා සුමනපාල, විල්සන් කරූ,ඇලෙක්‌සැන්ඩර් ප්‍රනාන්දු,සැන්ඩෝ හැරිස්‌,ලංකා රාජනී ගුණසේකර හා ශාන්ති අබේසේකර දායකවෙති.

වේශ නිරූපණයෙන් ගාමිණී කොස්‌තාද කැමරාකරණයෙන් බන්දුල කුරේ ද සංගීත අධ්‍යක්ෂණයෙන් සරත් ද අල්විස්‌ ද සහාය අධ්‍යක්‍ෂණයෙන් ආනන්ද වික්‍රමකීර්ති ද ”පුතා මගේ සූරයා” හැඩගන්වයි.

ගී පද රචනා – හේමසිරි හල්පිට ගායනා – සංජීවනී වීරසිංහ, නුවන් ගුණවර්ධන, කුෂානි සඳරේඛා

Top Critic Reviews

Cast and Crew

රංගනය-ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌, අනූෂා සොනාලි, ශෂී විජේන්ද්‍ර, හයිසින්ත් විඡේරත්න, මානෙල් වානගුරු, ආනන්ද වික්‍රමගේ, රත්නා සුමනපාල, විල්සන් කරූ, ඇලෙක්‌සැන්ඩර් ප්‍රනාන්දු, සැන්ඩෝ හැරිස්‌, ලංකා රාජනී ගුණසේකර හා ශාන්ති අබේසේකර

අධ්‍යක්ෂණය,තිර රචනය-රංජිත් ජයසිංහ

නිෂ්පාදනය-ලක්‍ෂ්මන් ගුණසේකර

කැමරාකරණය -බන්දුල කුරේ

වේශ නිරූපණය-ගාමිණී කොස්‌තා

සහය අධ්‍යක්ෂණය-ආනන්ද වික්‍රමකීර්ති

සංගීතය -සරත් ද අල්විස්

ගී පද රචනා – හේමසිරි හල්පිට

ගායනා – සංජීවනී වීරසිංහ, නුවන් ගුණවර්ධන, කුෂානි සඳරේඛා

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

Share

About the Author

Cinema.lk A