Sri Lanka's Best Cinema Portal

 

Butterfly Symphony – සමනල සංධ්වනිය – Samanala Sandhawaniya

0
Posted August 22, 2013 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

4.5/ 5

Quick Stats

 
Director:
 
Actors: , , , ,
 
 
 
Release Date: 22 August 2013 (Sri Lanka)
 

Positive:

IMDB Rating 9.4/10 from 5 users
 
Small Description

එකකට එකක් සම්බන්ධ එකක් පස්සේ එකක් ගමන් කරන දේට මිනිස්සු කියන්නේ ජිවිතය කියලා.එකකට එකක් සම්බන්ධ නැති,මෙන්න මේකයි කියන්න හේතුවක් නැති දේකට මිනිස්සු කියන්නේ ආදරය කියලා

by Cinema.lk
Full Article

උසස් වින්දනීය නිර්මාණ බිහිකරන අති දක්ෂ නිර්මාණ කරුවන් අතරින් ජයන්ත චන්ද්‍රසිරිනම් මහා නිර්මාකරුවාට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්.තමන් කරන්නාවු නිර්මාණය ටෙලි නිර්මාණයක් වුවත් සිනමා කෘතියක් වුනත් ජයන්ත චන්ද්‍රසිරි තමන්ගේ නිර්මාණ තුළින් නිතරම පාහේ කතා කරේ අමුතුම ආකාරයේ කතාන්දරයන්ය. වෙද හාමිනේ, දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා නම් වු පුංචි තිරයේ දිග හැරුණු නිර්මාණත් අග්නිදාහය, ගරිල්ලා මාකටින් වැනි නිර්මාණ වෙනස් ආකාරයේ කතා තේමාවන් ගෙන් සන්නද්ධ වීම තුළින් ඒ බැව් මොනවට කියා පායි .මෙවර ඔහු අත ගසා ඇත්තේද එවැන් වු තවත් වින්දනීය නිර්මාණයකටයි. සමනල සංධ්වනිය ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා සිතුවම පසුගිය 21 දා සිට E.A.P මණ්ඩලයේ සිනමාහල් වල අති සාර්ථකව තිරගත වේ. යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්, පුබුදු චතුරංග, රොජර් සෙනෙවිරත්න, බුද්ධදාස විතානආරච්චි, ගාමිණී ජයලත්, උද්දික ප්‍රේමරත්න, විල්සන් ගුණරත්න, දිමුතු චින්තක ඇතුළු නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් හැඩ මෙම චිත්‍රපටය රූසිනේ ක්‍රියේෂන් වෙනුවෙන් රුවන් ජයසිංහ සමඟ පාලිත ගුණවර්ධනයන්ගේ නිෂ්පාදනයකි. රුවන්, මාතා චිත්‍රපටයේ ද නිෂ්පාදකවරයෙකි. කැමරාව රුවන් කොස්තා මෙහෙයවයි. දර්ශන රුවන් දිසානායකගේ සංගීතයකි. සමනල සංධ්වනිය නුවරඑළිය අවට ප්‍රදේශයන්හි රූගත කර ඇත.

969191_379374208840649_602341566_n 401145_379373615507375_1063090341_n 934056_379373752174028_697289593_n 969779_379373862174017_671491218_n 377978_379373942174009_491525371_n 936912_379374095507327_1683818127_n

Top Critc Reviews

සමනළ සංධ්වනිය සූදානම් – දිවයින – තිස්‌ස ගුණතිලක (2012.12.09) ඔබේ නවතම සිනමා නිර්මාණය වන “සමනල සංධ්වනිය” චිත්‍රපටයේ වැඩකටයුතු සම්පූරණයෙන්ම නිමාවී ඇති බවයි වාර්තා වන්නේ, අපට මුලින්ම ඔබෙන් අසන්න තිබෙන්නේ මේ නමේ තිබෙන අමුත්ත ගැනයි. මොකක්‌ද සමනල සංධ්වනිය කියන්නේ. එහෙම නමක්‌ යොදන්න හේතුව මොකක්‌ද? සමනලුන් කියන කොට අප කාගේත් හිත්වල මැවෙන්නේ හරිම අහිංසක ජීවියෙක්‌ පිළිබඳ අදහසක්‌. ඒකටම තව එකතු වෙනවා අලංකාර, ලාබාල, ඒ වගේම වැඩිකාලයක්‌ නොපවතින වගේ අදහසකුත්. සමනලුන්ගේ ශබ්දය අපගේ කන්වලට ඇහෙන්නේ නෑ. අඩුම තරමේ ඔවුන් තටුගසන හඬවත් අපට ඇහෙන්නේ නෑ. සංධ්වනිය කියන්නේ ඉංග්‍රීසියෙන් Symphony කියන එකටයි. Symphony එකක්‌ කියන්නේ තූර්ය සංවාදයකට. මේ තූර්ය සංවාද සංගීතය බටහිරින් බිහිවූ දෙයක්‌ වුවත් එය මිනිසා විසින් සොයාගනු ලැබූ ඉතාම උත්කෘෂ්ඨ කලා නිර්මාණ පද්ධතියක්‌ කියලයි මම විශ්වාස කරන්නේ. Symphony සංගීතයක තිබෙන ශ්‍රව්‍ය පර්යාලෝකය (Aural Perspective) මිනිස්‌ භාවයන් ඉතාම තීව්‍ර විශ්ව අත්දැකීමක්‌ බවට පත්කරවනවා. දැන් මම මේ නම් දෙක එකතු කළේ එසේ කිරීමෙන් මතුවන තෙවන අර්ථයක්‌ සම්පාදනය කරගන්නයි. මේ අසන බොහෝ දෙනා තුළ විවිධ අදහස්‌ මතුවෙන්න පුළුවන්. ඒත් ඉතාම අහිංසක කනට නොඇසෙන ඇසට නොපෙනෙන තීව්‍රතර භාවමය සංවාදයක්‌ පිළිබඳ අදහසක්‌ මේ තුළ ගැබ්ව ඇතැයි මට කියන්න පුළුවන්. මෙම චිත්‍රපටයේ තිරරචනය මුළුමණින්ම නිමාකළාට පසුවයි මම මේ නම යෙදුවේ. මෙය ඉතාම සරල ඒවගේම ගැඹුරු චිත්‍රපටයක්‌. මෙහි සමුදයාර්ථය ප්‍රකාශ කරන්න වචන කීපයකින් බැහැ. හැබැයි එසේ කිරීමට ගන්න උත්සාහයක ප්‍රතිඵලයක්‌ හැටියටයි මම ඔය නම යෙදුවේ. මෙය ඉතාම සරල චිත්‍රපටයක්‌ කියලත් ඔබ කියනවා, ඒවගේම ගැඹුරු චිත්‍රපටයක්‌ කියලත් ඔබ කියනවා. ඔව් ඒකෙ තේරුම ඕනෑම වින්දන මට්‌ටමක කෙනකුට ඉක්‌මනට මේ චිත්‍රපටයට ඇතුළුවෙන්න පුළුවන්. තවත් පැහැදිලිව කිව්වොත් මුළු පවුලටම වුණත් එකට වාඩිවී නරඹා රසවිඳින්න පුළුවන්. ඒවගේම ඔවුන්ට අවශ්‍යනම් මේ පිළිබඳ ගැඹුරු කියෑවීමකට යන්නත් පුළුවන්. ඔබ මෙය මෙතෙක්‌ නිර්මාණය කළ චිත්‍රපටවලට වඩා වෙනස්‌ නිර්මාණයක්‌ ද? ඔව්, මෙය මා කළ “අග්නිදාහය” “ගරිල්ලා මාර්කටිං” චිත්‍රපටවලට වඩා විතරක්‌ නොවෙයි වෙදහාමිනේ දඩුබස්‌නාමානය, අකාලසන්ධ්‍යා වැනි ටෙලිනාට්‍යවලටත් වඩා වෙනස්‌ම නිර්මාණයක්‌. ආකෘතිය පැත්තෙන් විතරක්‌ නෙවෙයි අන්තර්ගතය පැත්තෙනුත් වෙනස්‌. ඔබ මෙය සංගීතාත්මක චිත්‍රපයක්‌ කියලා හඳුන්වනවා. සංගීතාත්මක චිත්‍රපටයක්‌ කියන්නේ මොකක්‌ද? එක අර්ථයකට අනුව නම් මේ ලෝකෙ තියෙන චිත්‍රපට සේරම සංගීතාත්මක චිත්‍රපට තමයි. සංගීතය කොහෙත්ම භාවිත නොකළ චිත්‍රපට ලෝකයේම තිබෙන්නේ ඉතාම ටිකයි. හැබැයි සංගීතාත්මක චිත්‍රපට නමින් වෙනම හඳුන්වන චිත්‍රපට වර්ග කීපයක්‌ ලෝකයේ තිබෙනවා. “සවුන්ඩ් ඔෆ් මියුසික්‌” “එවිටා” “ද වෝල්” “ඇමෙඩියුස්‌ මොසාට්‌” “ෙෆ්ම්” “කෝරස්‌ ලයින්” ඊට නිදර්ශන කීපයක්‌ පමණයි. හින්දි සිනමාවේ සංගීතමය චිත්‍රපට කියලා හඳුන්වන ඒවා මේවාට වඩා වෙනස්‌. උදාහරණයක්‌ විදිහට දේව්දාස්‌ කියන චිත්‍රපටය ගත්තොත් අපට පේනවා එහි අර බටහිර සංගීතමය චිත්‍රපටවල වගේ චරිත අතර සංවාදය ගීත ඛණ්‌ඩ මගින් සිදුකෙරෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ චිත්‍රපට ගීත වෙනම යොදාගැනීම පමණයි. හින්දි, දෙමළ සිනමාව මුළුමණින්ම වාගේ ගත්තත් මේ කියන ලක්‍ෂණය තමයි දකින්න ලැබෙන්නේ. අපගේ සිංහල සිනමාවේත් බහුතර වශයෙන් දක්‌නට ලැබෙන ලක්‍ෂණය එයම තමා. ඉතින් “සමනල සංධ්වනිය” මේ සියල්ලෙන්මත් වෙනස්‌ සංගීතමය චිත්‍රපටයක්‌ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුර ඔබට දෙන්න මට කාරණා කීපයක්‌ තිබෙනවා. එකක්‌ මෙහි කිසිම තැනක චරිතවල මනෝලෝකවලින් මතු කෙරෙන ගීත නැහැ. මෙහි ගීත යෙදෙන්නේ එම චරිත සැබෑ ලෙසම ගීත ගායනා කරන විටයි. උදාහරණයක්‌ වශයෙන් මෙහි එන තරුණ සංගීතඥයා සැබෑ සංදර්ශනයක ගීත ගායනා කරනවා ඔහු වරක්‌ සැබෑ ලෙසම Symphony වාද්‍ය පිරිසක්‌ මෙහෙයවනවා. මා මෙය සංගීතමය චිත්‍රපටයක්‌ කියන්නේ ඒ නිසාමත් නොවෙයි. මෙහි සංගීතය චරිතවල භාව නිරූපණයට සුවිශේෂ වශයෙන් සම්බන්ධ කොට ඇති නිසයි. මෙහි ඇති අතිසංවේදී චරිතවල චිත්තවීථීන් ඔස්‌සේ විදාරණය කෙරෙන භාව ප්‍රකාශනය ප්‍රේක්‍ෂකයා වෙතට සමීප කරවීමේ මාර්ගයක්‌ විදිහටයි. චිත්‍රපට ගත්තත්, නවකතා, නාට්‍ය ආදිය ගත්තත් මේ හැම එකකම ප්‍රේමකතාවක්‌ තිබෙනවා. “සමනල සංධ්වනිය” වෙනස්‌ම ප්‍රේමකථාවක්‌ වෙන්නෙ කොහොමද? සමනල සංධ්වනියේ එන ප්‍රේමය එහි එන චරිතවලට කිසිදු විටෙක භෞතිකව සාක්‌ෂාත් කරගත හැකි ප්‍රේමයක්‌ නොවේ. කිසිවිටෙක අත්පත්කරගත හැකි ප්‍රේමයක්‌ නොවේ. එය මිනිසුන් ඇතැම්විට තමන්ගේ ජීවිත කාලයක්‌ මුළුල්ලේ තම හදවත් තුළ සඟවා තබා සිටින කිසිවිටෙක ප්‍රකාශ නොකළ ප්‍රේමය විය හැකියි. ඒ වගේම ඔවුන් මනසින් පමණක්‌ ස්‌පර්ශ කරන මේ ප්‍රේමය තුළ දියුණු මානවයා සතු ඉවසීම, පරිත්‍යාගය. මුදිතාව, මෛත්‍රිය, කරුණාව දොaර ගලමින් තිබෙනවා ඔබට දැකිය හැකියි. ගැටවර වාදීශට (සූර්යා දයාරුවන්) පුන්‍යා (යශෝධා විමලධර්ම) නැමති තරුණ කාන්තාව තම පෙම්වතා වන රේවතට (රොජර් සෙනෙවිරත්න) ලියූ ප්‍රථම ආදර ලිපිය ලැබෙන්නේ අහම්බයකින්. (එක්‌තරා නීතිවිරෝධී ආකාරයකට) එම ලිපියේ පවත්නා කාව්‍යමය අදහස්‌ තමන්ගේ මනසට එතරම් බලපෑමක්‌ කරන්නේ යෑයි වාදීශවත් ඔහුගේ මිතුරන්වත් මුලදී කල්පනා කරන්නේ නැහැ. ඔහු සිතින් මෙම කාන්තාවට ප්‍රේම කරනවා පමණක්‌ නොවෙයි, ඇයට තමන් අතින් වරදක්‌ සිදුවීයෑයි යන හෘදයෙන් පැනනඟින විනිශ්චයකිනුත් (Inner Conviction) පීඩා විඳිනවා. මේ පීඩාව ඔහු නිර්මාණකරුවකු වශයෙන් ඉහළටම ඔසොවා තබන අතරම අසාර්ථක ගෘහ ජීවිතයක්‌ ගතකරන්නකු බවට පත්කරනවා. නමුත් ඔහු දන්නවා ඔහු එතනින් ගොඩ ආයුතු බව, ඒ සඳහා ඔහුගේ ගමන අපූරු එකක්‌. මේ ගැටවරයාගේ චරිතය නිරූපණය කරන්නේ සූර්යා දයාරුවන් නම් ඔබ සිනමාවට හඳුන්වා දෙන අලුත්ම නළුවායි. ඔව්, ඔහු ඉතාම දක්‌ෂ දරුවෙක්‌. මා මේ චරිතය සඳහා ගැටවරයන් ගණනාවක්‌ තිර පරීක්‌ෂණවලට (Screen test) ලක්‌ කළා. එය ඉතාම අසීරු සහ දුෂ්කර කටයුත්තක්‌ වුණා. මොකද සංගීතයත් දන්නා, මා බලාපොරාත්තුවන ආකාරයේ සූක්‌ෂමතාවකින් යුක්‌තව රඟපෑමටත් හැකි ඒ සියල්ලටම අමතරව මෙම චරිතයේ වැඩිහිටි කාලය නිරූපණය කරන උද්දික ප්‍රේමරත්නට සමාන ස්‌වරූපයකුත් තිබිය යුතු ගැටවරයකු සොයා ගැනීම ඉතාම අසීරු වුණා. තිර පරීක්‍ෂණයට පැමිණි මොහොතේ සූර්යා කැමරාව අභියසට යන්නට ප්‍රථම මට තේරුණා මොහු තමයි මට අවශ්‍ය කෙනා කියලා. මට මතකයි අංග රචනා ශිල්පී වසන්ත විට්‌ටච්චි මගේ ළඟට ඇවිත් ඇහුවා වැඩේ හරි නේද කියල. උද්දික ප්‍රේමරත්න, පුබුදු චතුරංග වගේ නළුවන් ඔබ සමඟ කටයුතු කරන ප්‍රථම අවස්‌ථාව මේ චිත්‍රපටය නේද? ඔව්, පුබුදු චතුරංග නම් මා කලක්‌ තිස්‌සේම ඇහැගහගෙන හිටපු නළුවෙක්‌. නිවැරදිව මෙහෙයුවහොත් ඔහු ඉතාම ස්‌වයංසිද්ධ (Spontaneous) ආකාරයකට අදාළ චරිතය මතුකරගන්නා ටිකක්‌ දුර්ලභ ආකාරයේ නළුවකු බව මා දැන සිටියා. ප්‍රථම තිර පරීක්‌ෂණයේදීම ඔහු ඒ බව මට සනාථ කළා. උද්දික ප්‍රේමරත්න රඟපෑ කිසිවක්‌ මා දැක තිබුණේ නැහැ. දර්ශන දිසානායක මගේ සංගීත අධ්‍යක්‌ෂවරයා තමයි ඔහු මා ළඟට එවන්නේ. ඔහු දුටු මොහොතේම මට හැඟීS ගියා මා මනසින් මැවූ වාදීශ ඔහුම බව. ඔහුත් ඉතාම දුර්ලභ ගනයේ ප්‍රතිභාවක්‌ තිබෙන තරුණ නළුවෙක්‌ බව වාදීශ ගේ චරිතය ඔහු පරිසමාප්තව ගොඩනැගූ ආකාරයෙන් පෙනෙනවා. පුන්‍යාගේ චරිතයට ඔබ යොදාගන්නේ සුපුරුදු නිළියක්‌ – යශෝධා? පිටපත ලියා අවසන් කළාට පස්‌සෙ පුන්‍යා නිරූපණය කළ යුත්තේ යශෝධා බවට මට සැකයක්‌ තිබුණේ නැහැ. මා හිතනවා මෙම චිත්‍රපටයේ යශෝධා කළ චරිත නිරූපණය ඇගේ රූපණ විලාශය වශයෙන් ගත්තත් ඇයගේ වෙනස්‌ම නිරූපණයක්‌ බව, නිළියක වශයෙන් ඇයගේ ඉතාම පරිණත බවක්‌, සූක්‌ෂමතාවක්‌ මෙවර ඇය සමඟ කටයුතු කිරීමේදී මා දුටුවා. ඒ සමගම, විල්සන් ගුණරත්න, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්‌, රෙබෙකා නිර්මලී, බුද්ධදාස විතානාරච්චි, දිමුතු චින්තක, උදිත ගුණරත්න, සඳුන් බණ්‌ඩාර, රොෂාන් පිලපිටිය, රෝජර් සෙනෙවිරත්න, ජයරත්න ගලගෙදර ඇතුළු විශාල නළුනිළි පිරිසක්‌ දැක්‌වූ සහාය අපමණයි. ආචාර්ය කේමදාසයන්ගේ වියෝවෙන් පස්‌සෙ ඔබේ සොයා ගැනීම තමා දර්ශන රුවන් දිසානායක තරුණ සංගීතඥයා. කේමදාසයන් සහ මා අතර පැවති නිර්මාණාත්මක බැඳීම මට කවදාවත් අමතක කළහැකි දෙයක්‌ නොවේ. තව දක්‌ෂ සංගීතඥයන් කොතෙකුත් සිටියත් මේ අති සියුම් කටයුත්තට මා දර්ශණ යොදා ගැනීමට අදහස්‌ කළේ ඔහු තුළ මා දකින අර සංගීතයට එහා ගිය කලාත්මක ඥනය නිසයිs. කොහොමටත් මා කළ වෙළෙඳ දැන්වීම් කීපයක සංගීත නිර්මාණය කිරීමෙන් දර්ශන මට පසක්‌කර තිබුණා ඔහු කවර ආකාරයේ දක්‌ෂයෙක්‌ද යන්න. “සමනල සංධ්වනිය” ඉතාම පළපුරුදු සංගීතඥයකුට වුවත් අභියෝගයක්‌. මෙහි එන Symphony සංගීතය සම්මිශ්‍රන සංගීතය (fusion) ප්‍රසංවාදී සංගීතය සේම ගීත ගායනාත් ඔහු ඉතාම විශිෂ්ට ආකාරයෙන් නිමා කළා. ඊට දෙවැනි නොවන සහායක්‌ මගේ කැමරා අධ්‍යක්‌ෂවරයා වන රුවන් කොස්‌තාගෙනුත් මට ලැබුණා. ආලෝක නිර්මාණ කටයුතු වලදී රුවන් දැන් කෙතරම් පරිපාකයකට පත්ව ඇත්දැයි මට හිතෙනවා. ඔහුගේ අති දක්‌ෂ කැමරාකරණය සමනල සංධ්වනිය සුවිශේෂ ජීවියෙක්‌ බවට පත් කළා කියන්න පුළුවන්. ඔබේ නිෂ්පාදන කාර්ය මණ්‌ඩලයෙන් ලැබුණේ කොහොම සහයක්‌ද? ප්‍රථමයෙන්ම මම මාගේ නිෂ්පාදකවරුන් පිළිබඳව යමක්‌ පැවසිය යුතුමයි. රුවන් ජයසිංහත් පාලිත ගුණවර්ධනත් රූ සිනමා සමාගම වෙනුවෙන් මෙම චිත්‍රපටය නිර්මාණයේදී මට දුන් සහාය පුදුමාකාරයි. ඇත්ත වශයෙන්ම සිනමා කලාවට මහත් සේ ඇළුම් කරන මේ විශිෂ්ට ගනයේ අර්ථපතීන් නොවන්නට “සමනල සංධ්වනිය” බිහිවන්නේ නැහැ. ඒa සමගම මගේ සහාය අධ්‍යක්‌ෂවරු නිමල් ප්‍රැන්සිස්‌, සරත් සේනාරත්න, කලා අධ්‍යක්‌ෂ – රොහාන් සමරදිවාකර, නිෂ්පාදන කළමණාකරු – ප්‍රසන්න ඉත්තෑපාන – නිෂ්පාදන විධායක, නිමල් විඡේසිරි, අංග රචක – වසන්ත විට්‌ටච්චි, කේශලංකරණය කළ ලලිත් ධර්මවර්ධන, ශබ්ද පරිපාලනය කළ අරුණ ප්‍රියන්ත කළුආරච්චි, සහාය සංස්‌කාරක – අජිත් රාමනායක දුන් සහාය වචනයෙන් විස්‌තර කරන්න අමාරුයි. අවසාන වශයෙන් මගේ විශිෂ්ට සංස්‌කාරකවරයා ගැනත් යමක්‌ කියන්න ඉඩ දෙන්න. ඒ තමා රවීන්ද්‍ර ගුරුගේ, රවි සමඟ මම වැඩකරන්නේ “වෙදහාමිනේ” ටෙලි නාට්‍යයේ පටන්මයි. සංස්‌කරණයෙන් “සමනල සංධ්වනිය” සඳහා ඔහු දැක්‌වූ දායකත්වය ඉතාම සුවිශේෂයි.


මේකෙ fight නෑ.hot කෙල්ලෝ නෑ.sex scenes නෑ. ඒ උනාට ඒ හැම දේකටම වඩා ගෙදර ඇවිත් උනත් හිතන්න දේවල් තියනවා. – Cybershot (Elakiri) මචන් ලoකාවේ film ගැන කතා කරන එක එපා වෙලා අපි fast5 ඉවර වෙලා අවුරුද්දක් fast6 එනකන් බලන් හිටියා..ඒකත් ඉවර උනාම අපි fast7 එනකන් බලන් ඉන්න කාලෙක අපිට මේ අපේම රටේ බිහි උන film එකක් ගැන අහන්න ලැබෙනවා. මම මුලින්ම උබලට මගේ රසාස්වාදය ගැන කියන්නන්කෝ. මම මාර පොරක් නෙවෙයි.එච්චට ගැබුරු මගුල් බලන එකෙකුත් නෙවෙයි.අපේ රටේ හැටියට සෙනසුරු මාරුව වගේ film එකක් උනත් බලලා මට ඒක shape film එකක් කියල හිත හදාගන්න පුලුවන් එකෙක් මම. මම මේක බලන්න යන්න නෙවෙයි හිටියේ.කෙල්ල තමයි අනේ හොදයි හොදයි කියල ඇදන් ගියේ. පට්ට කියන්නේ උපරිමයි.මේ වගේ කතාවක් music සහ quality එකක් තියන වෙන ලoකාවේ film එකක් මම දැකලම නෑ. අපි බලන්න ආස fight මේකෙ නෑ.hot කෙල්ලෝ නෑ.sex scenes නෑ. ඒ උනාට ඒ හැම දේකටම වඩා ගෙදර ඇවිත් උනත් හිතන්න දේවල් තියනවා. මේක මාර ගැබුරු එකක් නෙමෙයි.පාර මාරු වෙන්න කලින් වාහන එනවද බලන්න ඕන කියල තේරෙන ඕන එකෙක්ට මේකත් අනිව තේරෙනවා. අනික මේකෙ ආතල් හිනායන කෑලිත් තියනවා.මෙච්චට කල් අපේ රටේ මෝඩ ආතල් දෙන උන් ටිකක් වෙනම ඉන්නව හිනාගස්සන්න අපිව..සමහර වෙලාවට උන්ගෙ jokes වලට මට හිනායන්නේ උන් පව් වගේ හිතෙන නිසා. ඒ උනාට මේකේ ආතල් දෙන්න වෙනම උන් නෑ.කතාවට අදාලව හිනායන කෑලි ඕන තරන් තියනවා. ඒවගේම තමයි හිතට වදින දුක හිතෙන scenes අපිට දීල තියෙන්නේ නිකන්ම න්වෙයි.ඇගේ මවිල් කෙලින් වෙලා හිරිගඩු පිපෙන තරමට ඒක වදිනවා. ඉවර වෙනකොට නන් මට පට්ටට ඇඩෙන්න ආව..මොන ලැජ්ජාවක්ද?මම ගියේ කෙල්ලත් එක්කනේ.කෙල්ල දැක්කොත් වස නෝන්ඩිය.මම දරාගෙනම හිටියා. මෙන්න බොලේ ඉවර වෙනකොට කෙල්ල අඩනවා.එලියට එනකොට ගොඩක් දෙනෙක්ගේ ඇස්වල කදුලු. අන්න ඒකයි මේක පට්ට කියන්නේ. සමහරු මේක බලල ඇති.සමහර විට බලල නැතුවත් ඇති.බලල නැත්තන් අනිව බලපල්ලා.ආයේ මේවගේ සින්හල film එකක් එයිද කියල sure කරන්න බෑ..මොකද මේක සිරිලoකාවනේ… මම බැලුවේ කොල්ලුපිටියේ liberty එකේ.බලනව නන් ඒවගේ සිරා hall එකක බලපල්ලා.මොකද film එකේ හැටියට හොද Quality තැනක බලන එක තමා හොදම. Cybershot (Elakiri)


Butterfly Symphony – A bit of a critic It has been a while since something worthy of a review came along. First off, I didn’t have huge expectation going into the movie. I mean I know who Jayantha Chandrasiri is. I have seen dandubasnamanaya as a kid. I’ve seen akala sandhya as a youth. I knew what to expect. But he simply changes his style with this one. A bit of an advice though, go to a theater with proper sound if you want to take the full experience. Quinlon Nugegoda doesn’t have the best sound system or the best projectionist (someone who is actually capable of focusing the projector and setting it up so that some of the frame won’t be outside of the screen). Music – Since this whole story revolves around a single song, it is only sensible to start off with music. It has epic music compared to what we usually see. Can it sit in the same row as Kemadasa’s music? up to you to decide. I found the music really appealing and in line with the story. Generating emotion after emotion in a musical sense (sigh.. Sri Lanka does miss Master Kemadasa). Direction – I found a bit of everything. I found a bi of Tarantino, I found a bit of Coppola, I found a bit of Tykwer. It is a mix bag (which I really enjoyed). You find really nice camera angles in one scene and you find awkward ones in the next. And I was just wondering whether the dog running across just before the train passes is a coincidence or a really hard worked shot. The movie starting scene is actually towards the very end – very Tarantino like. And the scene is repeated too. I found very nice composition all the way. Some of the scenes were actually very abstract. Script – A story that really doesn’t end with a bang. In Sri Lanka the spectator is being prepared to a firework ending with unicorns flying around. But life isn’t about fireworks and unicorns. The script had all the stuff that makes me chuckle. It is the small things that you can relate to. Each and every one of us has experienced one or more of those experiences. It is the small things that hold the story together. I found some of the scenes unrealistic. Then again, this is cinema and you don’t always have to be realistic. Just asking since I’m not a high roller. Do the high class parties always have a piano player or is it just this? Overall – The best Sri Lankan movie I have seen in 2013. It is sad to see people are not lining up to see this. This is actually a masterpiece compared to kusa paba, sri Siddhartha gauthama, siri parakum and all those jathaka katha. It is really hard to sell Sri Lankans anything apart from religion, cute kids, lame jokes and sexy chicks. I really do hope this trend will catch up. A fragile and smooth creation that will fall apart the moment you take your eyes off it. If you ever go to see this (which I strongly recommend) just doesn’t take your eyes and ears off it. Turn off the mobile, tell your partner to shut up and enjoy the movie. By Kasun Munasinghe

Now Showing

සිනමා ශාලාව නගරය වේලාව විමසීම්
ලිබර්ටි කොල්ලුපිටිය 10.30 – 1.30 – 4.15 – 7.00 7444477
සැවෝයි 2 වැල්ලවත්ත 10.30 – 1.30 – 4.15 – 7.00 7444477
ක්වීන්ලන් නුගේගොඩ 10.30 – 1.30 – 4.15 – 7.00 7432433
සමන්තා දෙමටගොඩ 10.30 – 1.30 – 4.15 – 7.00 7432429
සිනෙමැක්ස් ජා-ඇල 10.30 – 1.30 – 4.15 – 7.00 7449650ක
ඉම්පාලා රාජගිරිය 10.30 – 1.30 – 4.15 – 7.00 7432431
ටවර් මොරටුව 10.30 – 1.30 – 4.15 – 7.00 7432434
නිකාඩෝ කඩවත 10.30 – 2.30 – 6.30 7432435
සිනෙක්ස්පෝ කුරුණෑගල 10.30 – 2.30 – 7.00 037-7214542
විල්මැක්ස් අනුරාධපුර 10.30 – 2.30 – 6.30 025-7429300
ප්‍රිස්කා කළුතර 10.30 – 2.30 – 6.30 034-2222949
රීගල් අම්බලන්ගොඩ 10.30 – 2.30 – 6.30 091-7214512
ක්වින්ස් ගාල්ල 10.30 – 2.30 – 6.00 091-7214511
මාෂා පානදුර 10.30 – 2.30 – 6.30 038-2232517
රෝයල් මීගමුව 11.00 – 3.00 – 6.30 031 – 2224566
අනූෂා මහරගම 10.30 – 2.30 – 6.15 2850341
රිකී 1 කොටුව 10.30 – 2.30 – 6.30 2389684
සීගිරි කටුගස්තොට 11.00 – 2.30 – 6.30 081 – 2497919
විජයන්ති කඩුවෙල 10.30 – 2.30 – 6.30 4403858
ලේඛා හෝමාගම 10.30 – 2.30 – 6.30 0113 – 155298
පබ්ලික් හෝල් ගම්පහ 10.30 – 2.30 – 6.30 033 – 7200949
චන්ද්‍රා අවිස්සාවේල්ල 10.30 – 2.30 – 6.15 036 – 2222229
ජෝති රත්නපුර 10.30 – 2.30 – 6.30 045 – 7213751
ටාසන් කෑගල්ල 10.30 – 2.30 – 6.00 035 – 4928294
විල් මැක්ස් අනුරාධපුර 10.30 – 2.30 – 6.30 025 – 7429300
එස්.කේ මාතර 10.30 – 2.30 – 6.30 041 – 2222151
නිව් ටවුන් ඇඹිලිපිටිය 10.30 – 2.30 – 7.00 072 – 7650671
ජයබිම ගම්පොල 10.30 – 2.30 – 6.00 081 – 4936166
සිනේසිටි දර්ශන කොස්වාඩිය 6.30 – 9.30 -සෙන|ඉරිදා-2.30-6.30-9.30 077 – 8268905
ලක්බිම කුලියාපිටිය 10.30 – 2.30 – 6.30 037 – 2282424
සීගිරි වේයන්ගොඩ 10.30 – 2.30 – 6.30 033 – 2287313
රෙක්ස් බදුල්ල 10.30 – 2.30 – 6.30 055 – 2222485
සීගිරි බණ්ඩාරවෙල 10.30 – 2.30 – 6.30 057 – 2222579
සෙන්ට්‍රල් මාතලේ 10.30 – 1.30 – 4.30 066 – 7211736
සරසවි අලව්ව 10.30 – 2.30 – 6.00 037 – 2278128
නිව් ජානකි මතුගම 10.15 – 2.15 – 6.00 034 – 7901271
සීතා පිළිමතලාව 10.30 – 1.30 – 4.30 0773 – 403084
සිනේෂා නාවලපිටිය 10.30 – 2.30 – 6.00 054 – 3546315
නිව් චම්පිකා ඉංගිරිය 10.30 – 2.30 – 6.30 0114 – 881886
රුහුණු තංගල්ල 10.45 – 2.45 – 6.45 038-2232517
ශ්‍රීයා වාරියපොළ 10.30 – 2.30 – 7.00
එච්.එච් පී මොනරාගල 10.45 – 2.45 – 6.45
සම්පත් කැකිරාව 10.45 – 2.45 – 6.45
නිව් රෝහණ තිස්සමහාරාම 10.30 – 2.30 – 6.30
රීගල් අම්පාර 10.30 – 2.30 – 6.30
සමුපකාර හිඟුරක්ගොඩ 10.30 – 2.30 – 7.00
නීලා දංකොටුව 6.45 – 9.00 -සෙන|ඉරිදා|සඳුදා-10.30-2.30
එලයිට් කොච්චිකඩේ 2.30-6.30-9.30 – සෙන|ඉරිදා-10.30
රිනවුන් දිගන 10.30 – 2.30 – 6.30
නන්දා නිකවැරටිය 10.30 – 2.30 – 6.30
හසලක සිනමා හසලක 10.30 – 2.30 – 6.30
රමෝගා වෙන්නප්පුව 10.30 – 2.30 – 6.30
සිහින ඇල්පිටිය 10.30 – 2.30 – 6.30
සමනළ ඇල්පිටිය 10.30 – 2.30 – 6.30
Share

About the Author

Cinema.lk