Sri Lanka's Best Cinema Portal

 


Seetha Man Awa – සීතා මං ආවා

0
Posted September 13, 2013 by in

Quick Stats

 
Director:
 
Actors: ,
 
Producer:
 
Composer:
 
Release Date: 2013.09.13
 
Small Description

නැවත උපන් රාවණා…

by Cinema.lk A
Full Article

ජයසේකර අපොන්සු හා බන්දු සමරසිංහ යන දෙපල සිංහල සිනමාවේ සිටින ප්‍රමුඛ පෙලේ විකට රංඟන ශිල්පීන් දෙපලකි.වසර හතළිහකට පසු මොවුන් දෙපලගේ සුසංයෝගයෙන් තැනෙන අපුරු හාස්‍යෝත්පාදක චිත්‍රපටයකි…සීතා මං ආවා…

මෙම මස දහතුන් වැනිදා සිට රිට්ස් බොරැල්ල ඇතුළු එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත කිරීම ආරම්භවන මේ සිනමා සිතුවම දිනිත් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් චමින්ද රණසිංහගේ නිෂ්පාදනයකි.මෙය ජයසේකර අපොන්සුගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණයයි

කතාව දෙබස් තිර රචනය අපොන්සු විසින්ම නිම කොට ඇති ‘සීතා මං ආවා’ හි බන්දුල විජේවීර, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, සනෝජා බිබිලේ, චංචලා වර්ණසූරිය, රංජිත් ද සිල්වා, සරත් කුලාංග, ජීවන් හඳුන්නෙත්ති, දොන් ගයි, අනුරාධා කුරුකුලසූරිය, ගාමිණී කොස්තා, තුසිත වීරසිංහ, සරත් දඹවින්න චරිත නිරූපණය කරනු ලබති.කැමරාව මෙහෙයවීම සහ සංස්කරණය ඩිලාන් ගුණවර්ධනගෙනි. දීප්ති වගීෂා සහාය අධ්‍යක්ෂවරියයි. කලා අධ්‍යක්ෂණයෙන් රන්ජිත් ද සිල්වා එක් වී ඇති අතර නිෂ්පාදන කළමනාකරණය වසන්ත කස්තුරිආරච්චිගෙනි. ගාමිණි කොස්තාගේ අංග රචනයකි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයාය.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගේය පද රචනා කොට ඇති මෙහි පසුබිම් සංගීතය විශාරද ජගත් වික්‍රමසිංහ නිමවා ඇත. රොඩ්නි වර්ණකුල, උරේෂා රවිහාරි සමඟ මාරියෝ ආනන්ද සීතා මං ආවා ගායනයෙන් හැඩ ගන්වා ඇත

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2