Sri Lanka's Best Cinema Portal

 


Senasuru Maruwa-සෙනසුරු මාරුව

0
Posted October 15, 2012 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

3.5/ 5

Quick Stats

 
 
Actors: , , ,
 
Producer: , , ,
 
Composer:
 
Release Date: 2012.10.11
 
Story Line: කිසල් සහ මහිල් වෙළඳ නාවික යත්‍රාවක සේවය කරන මිතුරන් දෙදෙනෙක්.නැවේ ගමන් ගන්නා විදේශිකයෙක් සතුව තිබෙන වටිනා දියමන්ති තොගයක් මේ දෙදෙනා විසින් සොරා ගනු ලබනවා.මේ දියමන්ති වලට තිබෙන කෑදර කම නිසාවෙන් මහිල්,කිසල් ව මුහුදට ඇඳ දමනු ලබනවා.කිසල් මිය ගියා යයි සිතන මහිල් මහා ධන කුවේරයෙකු බවට පත්ව ‍සමාජයේ ඉහළින් වැජඹෙමින් ජිවත් වනවා.මේ අතරතුරේදී ජිවිතය ගලවා ගත් කිසල් නැවතත් පැමිණෙනවා.ඔහු පැමිණ ඔහුට හිමි කොටස වශයෙන් කෝටි 5 ක මුදලක් ඉල්ලා සිටිනවා.නමුත් ඊට එකග නොවන මහිල් නැවත වතාවක් කිසල් මැරීමට තැත් කරනවා.මේ සෑම දේකින්ම ගැලවී යන කිසල්,මහිල්ගේ එකම දියණිය අනුත්තරා පැහරගනු ලබනවා.මෙහි අවසානය මොන වගේ එකක් වෙවිද?මහිල්ට තමන්ගේ දියණිය බේරා ගැනීමට හැකි වෙයිද?කිසල් තමන්ට හිමි මුදල ලබා ගන්න මොනවා කරයිද?ඔහුට ඔහුගේ මුදල ලැබේවිද?මේ දේවල් වලට උත්තර හොයන්න නම් සෙනසුරු මාරුව සිනමා පටය නරඹන්නම වෙනවා.
 
Small Description

අතොරක් නැති ලොවක් තුළ කාසියට යට වු ජීවිත,සෙනසුරු මාරුව-දැන් තිරගත වේ.

නැවක සේවය කරනා මිතුරන් දෙදෙනෙකුගේ රහස් ගනුදෙනුවක් වටා දිවෙන මෙම සිනමා පටය උදයකාන්ත වර්ණසුරිය අධ්‍යක්ෂණය කල වෙනස් ආරක් රැගත් අපුර්ව සිනමා පටයකි.සිය සුපුරුදු සිනමා රීතින් අනුගමනය  කරමින් උදයකාන්ත සිනමා කෘතිය පුරාවටම අමුතුම අකාරයක් ජනිත කරලීමට සමත්ව ඇත.පවුලේ සැමටම එකට හිද නැරඹිය හැකි කතා තේමාවකින් සන්නද්ධ වන මේ චිත්‍රපටය තිස්ස අබේසේකරයන් ගේ කතා සංකල්පයකට අනුව උදය අතින් තැණුනු තිර පිටපතකි.

මේ චිත්‍රපටයේ  ලකී ඩයස්, චන්න පෙරේරා, ශේෂාද්‍රි, බුද්ධික ජයරත්න, නදීකා ගුණසේකර, කාන්ති ලංකා, ඉන්දික ගිනිගේ, තරික් රහීම්, ධනවර්ධන ගුරුගේ, නිමල් ඇන්තනී, අජිත් වීරසිංහ, ටිරෝන් මයිකල්, සේනක විජේසිංහ, සම්පත් ජයවීර, පණ්ඩුක ශ්‍රී දයාන්, සුදේශ් වසන්ත පීරිස්, ගාමිණී විජේසිංහ, විශාඛා ජයවීර, නන්ද වික්‍රමගේ, රයන් වැන්රොවන්, ජයතිස්ස අතුලසිරි, ජිහාඩ් අල් සජන්, මොහොමඩ් අලි රජාබ්, තුෂාර ප්‍රගීත් සහ නතාෂා අමේන්දා යන රංගන ශිල්පී,ශිල්පිණියන්  විසින් රංගන දායකත්වය සපයනු ලබනු අතර කැමරා අධ්‍යක්ෂණයෙන් කේ. ඩී. දයානන්ද, සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්නද, සහය අධ්‍යක්ෂණයෙන් විමල් දේශප්‍රියද,කලා අධ්‍යක්ෂණයෙන් වෙලේගෙදර රණසිංහ ද,අංග රචනයෙන් වසන්ත විට්ටච්චි ද දායක වේ.

සෙනසුරු මාරුවහි සංගීතය ඩිලන් ලෑම්බ්ගෙනි. ඇඳුම් පැළඳුම් ශාන්ති වර්ණසූරිය නිර්මාණය කොට තිබේ. නිෂ්පාදන කළමනාකරණය දීප්ති වීරසූරියගෙනි.සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාරගෙනි.නියුබියන් ෆිල්ම්ස් වෙනුවෙන් අජිත් ප්‍රියන්ත, ප්‍රවීන් ජයරත්න, රංජිත් ජයසූරිය සමඟ උදයකාන්ත වර්ණසූරිය සෙනසුරු මාරුව නිෂ්පාදනය කොට තිබේ

Share

About the Author

Cinema.lk A