Sri Lanka's Best Cinema Portal

 

Sinahawa Atharin – සිනහව අතරින් – Sinhala Movie

0
Posted April 24, 2013 by in

Quick Stats

 
Director:
 
Actors: , , ,
 
Producer:
 
 
Small Description

කුමාරි විජේවර්ධන උඩරට සාම්ප‍්‍රදායික පවුලකින් පැවත එන්නියකි. ඇගේ සහෝදරයාගේ බිරිදගේ අත්උදව්වට කොළඹට පැමිණෙන කුමාරි ප‍්‍රංශ භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයට ගොස් ප‍්‍රංශ භාෂාව ඉගෙනීමට පෙලඹෙන්නේ තමා ගතකරන කාලයෙන් ප‍්‍රයෝජන ගැනීමටය. රිචඞ් බර්තොලමියුස් නම් ප‍්‍රංශ ජාතික ශිෂ්‍යයා ඇයට හමුවන්නේ මේ අතරවාරයේය. ලාංකීය සිංහල සංස්කෘතිකාංග ප‍්‍රියකරන රිචඞ් කුමාරි කෙරෙහි ආදරයක් ඇති කරගනී. කුමාරි මුලදී මෙම ආදරය ප‍්‍රතික්ෂේප කලත්, රිචඞ් […]

by Cinema.lk
Full Article

කුමාරි විජේවර්ධන උඩරට සාම්ප‍්‍රදායික පවුලකින් පැවත එන්නියකි. ඇගේ සහෝදරයාගේ බිරිදගේ අත්උදව්වට කොළඹට පැමිණෙන කුමාරි ප‍්‍රංශ භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයට ගොස් ප‍්‍රංශ භාෂාව ඉගෙනීමට පෙලඹෙන්නේ තමා ගතකරන කාලයෙන් ප‍්‍රයෝජන ගැනීමටය. රිචඞ් බර්තොලමියුස් නම් ප‍්‍රංශ ජාතික ශිෂ්‍යයා ඇයට හමුවන්නේ මේ අතරවාරයේය. ලාංකීය සිංහල සංස්කෘතිකාංග ප‍්‍රියකරන රිචඞ් කුමාරි කෙරෙහි ආදරයක් ඇති කරගනී. කුමාරි මුලදී මෙම ආදරය ප‍්‍රතික්ෂේප කලත්, රිචඞ් හා තම සහෝදරයා සමග තිබූ දැනහැඳුනුම්කමක් නිසා කාලය ගතවීමත් සමග රිචඞ් තම අභාප‍්‍රාය ජයගන්නේ කුමාරිගේ පෙම්වතා බවට පත්වීමෙනි. එහෙත් ඔවුන්ගේ පේ‍්‍රමයේ නව ද`ථ ඇතිවීමත් සම`ග කුමාරිගේ පවුල තුලින් ඊට විරෝධයේ ගිනිදලූ ඇතිවන්නේ කුමාරිටත් වඩා ඇගේ සහෝදරයාට වරද පටවමිනි. කුමාරි කිසිඳු ලෙසකින් පසුනොබසින අතර, තමා රිචඞ්ට දුන් පොරොන්දු වචන ස්ථිර ලෙසට පවත්වා ගැනීමට උත්සාහ කරන්නීය. මේ ගැටලූව අභියස අසරණ වන කුමාරිගේ මව අසනීපව මිය යන විට විශාල කලකිරීමකට පත්වන කුමාරිගේ අයියා තම බිරි`දත් සමග ලංකාව හැර යන්නේ කුමාරි හා තමා අතර වූ සහෝදරකමද අමතක කරමිනි. කුමාරි ලංකාවේ තනිවන්නේ විදේශික රිචඞ් සමගය. රිචඞ් කුමාරිව විවාහ කරගනී. පුද්ගල නිදහස අගයකරන රිචඞ් හා සැමියාගේ ආදරය සැලකිල්ල බලාපොරොත්තු වන කුමාරි අතර විවාහ ජීවිතය ඇරඹෙන්නේ මේ අයුරිනි.

රිචඞ් තම අධ්‍යාපනය මූලික කොටම සලකයි. හෙතෙම විවාහයෙන් පසුව වූවද උත්සාහ දරන්නේ වැඩි කාලයක් යොදවන්නේ අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කරගැනීමටය. එහිදී කුමාරි පිළිබ`දව සිදුවන නොසැලකිලිමත් බව පිලිබ`දව වූවද කුමාරි මැදිහත් සිතින් ඉවසයි. නමුත් නිවසේ අජීවි වස්තූන් මැද තනිවන කුමාරි තමා කාන්සිය, පාලූව මකා ගැනීමට සමාජ සේවා කටයුතු වලට පෙලඹෙන්නීය. ඇය නිතර නිතර පන්සල සමග සම්බන්ධකම් ඇති කරගනී. පන්සල ඇගේ මිතුරියන් හමුවන දවසේ වැඩිහරියක් ගතකරන ස්ථානයක් බවට පත්වෙයි. රිචඞ් තම රැුකියාව හා ඉගෙනීම ගැන සිතන නිසා කුමාරි හා තමා අතර සීමාවන් පනවා ගනී. එය තම තමන්ගේ හැ`ගීම් අවශ්‍යතා පිලිබදව ද වෙයි. හුදකලා වන කුමාරිගේ ජීවිතයේ පෙරළියක් සිදුවන්නේ පන්සලේ උත්සවයකදී හමුවන විමල් වික‍්‍රසිංහ නිසාය. විමල් ජනප‍්‍රිය මාධ්‍ය වේදිකා නාට්‍ය ආදියෙහි සම්බන්ධකම් ඇති ප‍්‍රසිද්ධ ප‍්‍රසන්න පුද්ගලයෙකි. කුමාරි කිසිකලෙකින්වත් නොසිතූ සිදුවීම් රැසක් හරහා මේ ආගන්තුකයා ඇගේ සිත තුල බලාපොරොත්තුවේ රාජ්‍යයන් මවයි. රිචඞ් අතහැර විමල් කෙරෙහි නැඹුරුවන ඇය තම ජීවිතයේ රිචඞ්ට තිබූ තැන විමල්ට ලබාදෙයි. සැමියෙකුගෙන් මෙතෙක් නොලද ආදරය, සෙනෙහස අවධානය විමල්ගෙන් ලැබෙන විට ඔහුගේ උණුසුමෙහිම රැුෙ`දන්නට කුමාරි ප‍්‍රියවෙයි. නමුත්, තීක්ෂණ බුද්ධියකින් යුත් රිචඞ් කුමාරිගේ හැසිරීම් රටාවේ සිදුවන වෙනස්කම් පිළිබද අවධානයෙන් සිටියි. දිනක් මේ පිළිබ`දව කුමාරිගෙන් විමසන රිචඞ්, කුමාරිගෙන් ලැබෙන පිළිතුරු හමුවේ නිරුත්තර වෙයි. කිසිඳු විදිහකින් සාධාරණීය කල නොහැකි හේතූන් රැසක් හමුවේ රිචඞ් පසුතැවීමට පත්වෙයි. කුමාරිගේ දෘෂ්ටිකෝණය තුල

රිචඞ් ලොකුම වැරදිකරුවා බවත් වන අතර, ඒ කිසිඳු දෙයක් නැවත සකසාගත නොහැකි බව ඇය තේරුම් කරදෙයි. අවසානයේ රිචඞ් විමල්ට තම නිවසට පැමිණ කුමාරි හමුවන ලෙසත් තමා බලෙන් ආදරයක් ප‍්‍රාර්ථනා නොකරන බවත් කුමාරිගේ නිදහස් අදහස් අගය කරන බවත් ප‍්‍රකාශ කරයි. මෙයින් පසුව කුමාරි නීත්‍යානුකූල සැමියාගේ අවසරයෙන් තම පෙම්වතා සම`ග නිදහසේ හැසිරෙයි. රිචඞ් කුමාරිගේ ජීවිතයෙන් ඉවත්වෙයි.

විමල් කුමාරිගේ අනාගතය ගැන සිතමින් අසන ප‍්‍රශ්ණයක් කුමාරි වරදවා තේරුම් ගනියි. අවසානයේ කුමාරි විමල්ගෙන් ඉවතට යන්නේ විමල් පමණක් නොව සමස්ථ පිරිමි වර්ගයාටම බැණ වැදෙමිනි. විමල් තමා කුමාරිට පැවසූ අදහස පිළිබ`දව කුමාරි ලැබූ වැරදි වැටහීම නිවැරදි කරන්නට උත්සාහ කරද්දී කුමාරි ඊට කිසිඳු අවස්ථාවක් නොදෙමින් විමල්ව මගහරිමින් ඔහුගෙන් ඈත් වෙයි.

කුමාරිගේ මේ හැසිරීම පිළිබ`දවද රිචඞ් වඩ වඩාත් සැලකිලිමත් වෙයි. කුමාරිගේ ප‍්‍රීතිය, සංතෝෂය අතුරුදහන්ව ඇති බවත්, ඈ ව්‍යාකූල මානසික තත්වයක සිටින බවත් රිචඞ් නිරීක්ෂණය කරයි. සුහද සිතින් රිචඞ් ඒ පිළිබදව කුමාරිගෙන් විමසයි. කෝපයට පත්වන කුමාරි රිචඞ්ට දෝෂාරෝපණය කරමින් බැණවදී. එහෙත් කලබල නොවන රිචඞ් අතීතයේ දවසක, තමාගෙන් වූ වැරදි හදා ගැනීමට අවස්ථාවක් දෙන ලෙස කුමාරිගෙන් ඉල්ලූ බවත්, එයට කුමාරි දැක්වූ ප‍්‍රතිචාරයත් මතක් කරදෙයි.

මේ අතර විමල් රිචඞ්ව හමුවෙයි. ඔහු කුමාරිගේ වැරදි වැටහීම ගැන රිචඞ්ට තේරුම් කරදෙයි. එහිදී කුමාරිව විමල්ට මුණගැස්වීමට රිචඞ් පොරොන්දු වෙයි. කුමාරි වෙත ගොස් විමල්ගේ හමුවීම ගැන කියන රිචඞ් තම පොරොන්දුව ගැන ද කියයි. විමල් හමුවීමට කුමාරිව එක`ග කරගන්නා රිචඞ් මේ සියලූ පරිත්‍යාග තමන් කරන්නේ කුමාරි සතුටින් තැබීමට ඇති තම ආශාව නිසා බව කියයි. කුමාරි විමල් හමුවට යාමට සූදානම් වෙයි. රිචඞ් ඇයව විමල්ගේ නිවසටම ගෙන ගොස් විමල් වෙත මුණගස්වයි. තමාම රැගෙන දුන් සාරියකින් සැරසී තමා අභිමුවට පැමිණි කුමාරිව, විමල් ඉතා ආදරයෙන් පිලිගනී. රිචඞ් ඔවුන් දෙදෙනාගේ විසඳුම එක් වීම නම්, තමා ඔවුන්ගේ ජීවිතයෙන් සමුගන්නා බවද කුමාරි තම ජීවිතටය එන්නේ නම් විමල් සමුගත යුතු බවද පවසා පිටව යයි. විමල් රිචඞ් අතරට මැදිවුණ කුමාරි සමුගන්නනේ විමල්ගෙන්ද, රිචඞ් ගෙන්ද, නැතිනම්………… !

ඇගේ ”සිනහව අතරින් ” විමල් නොදුටු, රිචඞ් නොදුටු තීරණය කුමක්ද?

Film – Sinahawa Atharin

Official Facebook Fan Page – Sanath’s New Film-Sinahawa Atharin
Director/Script Writer/Actor – Sanath Gunathilake
Producer – Sunil T.Fernando
Story – Chaminda Perera
Cast – Semini Iddamalgoda,Sanath Gunathilake,Chris Henri,Jayani Senanayake,Alfred Perera,Chandrika Perera,Wimal Jayaweera,Gamini Rajanayake
Assistant Director – Keerthi Ruwan & Charuka
Camera Director – Sujith (Mahiyya)
Assistant Camera – Harsha
Art Director – Sanjeewa
Hair Stylist – Lalith Dharmawardana assisted by Sugeeshwara
Make-up Artists – Manoj, Raju, Suranga

Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (25) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (26) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (27) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (28) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (29) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (30) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (16) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (17) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (18) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (19) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (20) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (21) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (22) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (23) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (24)

 

Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (15) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (1) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (2) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (3) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (4) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (5) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (6) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (7) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (8) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (9) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (10) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (11) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (12) Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (13)

Share

About the Author

Cinema.lk


body