Sri Lanka's Best Cinema Portal

 


Swara – ස්වර

0
Posted August 14, 2012 by in

Quick Stats

 
Director:
 
Actors: , ,
 
Producer:
 
Composer:
 
Story Line: විහාරා නිරුපිකාවකි...ඇය මුදලට ලොල්ව තමන්ගේ ආත්ම ගරුත්වය ලෝකයා හමුවේ වෙන්දේසි කරන්නියකි.ඈ සතුව පවතින සියලුම ප්‍රශ්ණ වලට ඇය පිළිතුරු සෙව්වේ සිරින්ජර් තුඩ හරහා ඈගේ සිරුරට ඇතුළු කර ගන්නා හෙරොයින් බිඳකිනි. එක් දිනක් මේ සමඟම ඇයට ඇතුළු වන H.I.V වෛරසය ඇයගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කර දමන්නේය. H.I.V හී ගොඳුරක් බවට ඇය පත් වන විට ඇයගේ කුසෙහි නොමේරූ දරු ගැබකි. අංජලී.......විහාරා ගේ පව කරපින්නා ගෙන මෙලොව එළිය දුටු විහාරා ගේ සිඟිති දියණිය.ඇයට පිළිසරණක් වීමට පැමිණි නර්මදා,ජිවිතය සමඟ පොර බඳින පද්මලා,ජෝලා ගේ ජිවිත කතාවයි.......ස්වර.......
 
Small Description

සොඳුරු යැයි සම්මත ලෝකයේ අදුරු පැතිකඩ නිරුණය කරමින් දිගහැරෙන අපුර්ව සිනමා සිත්තමකි.

by Cinema.lk A
Full Article

මේ සොඳුරු ලෝකය තුළ H.I.V වෛරසය නිසාවෙන් අනේක විද දුක් ගැහැට විඳින මිනිසුන්ගේ ජිවිත කතාව සිනමා සිත්තමකට පෙරළන්නට ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරයෙකු සමත් ව ඇත.ඒ අපුර්ව කාර්යයට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත්තේ සංජය නිර්මාල් නම් සොඳුරු මිනිසායි.

සොඳුරු යැයි සම්මත ලෝකයේ අඳුරු පැතිකඩ අපගේ ඇස් ඉඳිරියේ විද්‍යාමාන කරන්නට සමත් මෙම නිර්මාණය නිෂ්පාදනය කර ඇත්තේ සම්මානනීය නිළි නීටා ප්‍රනාන්දු මහත්මිය විසිනි.සම නිෂ්පාදනයෙන් මනෝහන් නානායක්කාර ද විධායක නිෂ්පාදනයෙන් යොලන්ඩා වීරසිංහ ද කැමරාකරණයෙන් ප්‍රභාත් රෝෂන් ද සංස්කරණයෙන් ලාල් දිසානායක හා නන්ද ජයකොඩි ද “ස්වර“ සඳහා දායක වී ඇත.

මෙම නිර්මාණයේ ප්‍රදාන භූමීකා නීටා ප්‍රනාන්දු හා සචිනි අයේන්ද්‍රා මහීපාල විසින් රඟ දක්වන අතර අනූෂා රාජපක්ෂ, ධනු, දමිතා අබේරත්න, දිනුලි මල්ලවාරච්චි, ඩබ්ලිව්. ජයසිරි, ජීවන් කුමාරතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමින්ද පෝරගේ, ජානකී විජේරත්න, ශ්‍රියාණි කොඩිතුවක්කු, නන්ද මහවත්ත, සංජීවනී වීරසිංහ, නිලන්ති විජේසිංහ, සරත් කොතලාවල, බුද්ධික ජයරත්න, වීණා ජයකොඩි, වෛද්‍ය ආනන්ද ගුණසේකර, අසේල ජයකොඩි, සංජීව දිසානායක, කුමා අත්තනායක ගේ රංඟනයෙන් ස්වර අලංකාර වී ඇත.

Cast and Crew

රංගනය-නීටා ප්‍රනාන්දු, සචිනි අයේන්ද්‍රා මහීපාල, අනූෂා රාජපක්ෂ, ධනු, දමිතා අබේරත්න, දිනුලි මල්ලවාරච්චි, ඩබ්ලිව්. ජයසිරි, ජීවන් කුමාරතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමින්ද පෝරගේ, ජානකී විජේරත්න, ශ්‍රියාණි කොඩිතුවක්කු, නන්ද මහවත්ත, සංජීවනී වීරසිංහ, නිලන්ති විජේසිංහ, සරත් කොතලාවල, බුද්ධික ජයරත්න, වීණා ජයකොඩි, වෛද්‍ය ආනන්ද ගුණසේකර, අසේල ජයකොඩි, සංජීව දිසානායක, කුමා අත්තනායක

අධ්‍යක්ෂණය,සම තිර රචනය – සංජය නිර්මාල්

නිෂ්පාදනය-නීටා ප්‍රනාන්දු

සම නිෂ්පාදනය – මනෝහන් නානායක්කාර

කැමරාකරණය -ප්‍රභාත් රෝෂන්

සංස්කරණය – ලාල් දිසානායක / නන්ද ජයකොඩ

නිෂ්පාදන කළමණාකරණය-නිලන්ත හපන්වීර

සහය අධ්‍යක්ෂණය- නිශාන්ත රණසිංහ

සංගීතය – රංග දසනායක

ගායනා – දයාසිරි ජයසේකර, ප්‍රදීපා ධර්මදාස, නිරෝෂා විරාජිනී, රංජන් සාලිය, සොෆ්රානෝ

ගීත රචනා – නිලාර් එන්. කාසිම්, වසන්ත කුමාර කොබවක

කලා අධ්‍යක්ෂණය-මංජුල අයගම

විශේෂ ප්‍රයෝග – චානක රුක්මාල්

නර්තන වින්‍යාසය – චන්න විජේවර්ධන

Top Critic Reviews

Buy Tickets Online

Tab 3 content goes here. You can add as many tabs as you want using this technique.

ඡයාරූප-සරසවිය

Share

About the Author

Cinema.lk A