Sri Lanka's Best Cinema Portal

 


Thanha Rathi Ranga – තණ්හා රති රඟා

0
Posted October 15, 2014 by in

Rating

Plot
 
 
 
 
 


Acting
 
 
 
 
 


Directing
 
 
 
 
 


Costume
 
 
 
 
 


Total Score
 
 
 
 
 

4.5/ 5

Quick Stats

 
Director:
 
Actors: , , , ,
 
Producer: , , ,
 
 
Small Description

වසර 30ක සිවිල් යුද්ධයෙන් බැට කෑ සමාජ වටපිටාවක් මතින් ගොඩනැගුනු මේ චරිත හරහා යුධ සමයේ ලාංකික වටපිටාව මූර්තිමත් කිරීමට මේ චිත්‍රපටය සමත් වී ඇත. තිස් වසරක ජනවාර්ගික අර්බුදය නිසා කලක් අත්හැර දමා තහනම් කර තිබූ ප්‍රදේශයක සංචාරයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු වටා දිවෙන නිලේන්ද්‍ර දේශප්‍රියයන්ගේ නවතම චිත්‍රපටය යි තණ්හා රතී රඟා.

by Cinema.lk
Full Article

තිස් වසරක ජනවාර්ගික අර්බුදය නිසා කලක් අත්හැර දමා තහනම් කර තිබූ ප්‍රදේශයක සංචාරයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු වටා දිවෙන නිලේන්ද්‍ර දේශප්‍රියයන්ගේ නවතම චිත්‍රපටය යි තණ්හා රතී රඟා.

”තණ්හා රතී රඟා” වසර 30ක යුද්ධයෙන් කළහකාරී මනසක් ගොඩ නැගූ එයින් ගැලවීමට නොහැකිව පීඩාවට පත්වූ මිනිසුන්ගේ කතාවයි. සජිවි සිනමා ආඛ්‍යානයෙන් ගොඩනැගුනු එකිනෙකාට වෙනස් වූ සුමිතුරන් තිදෙනෙකු තමන්ගේ සිහිනය සොයා ගිනියම් වූ පොළවක් කරා යන ඉරණම් චාරිකාවකි. මෙම චාරිකාවේ ගිනියම් වු පොළොවෙන් මතු වන ගිනි අවිය තමන්ගේ ජීවිත සහමුලින්ම වෙනස් කළ හැකි බව ඔවුන් නොදනී. තමන්ගේ අභිප‍්‍රාය උදෙසා කෙතරම් දුරක් යාහැකිද? කොතරම් දෑ කැපකළ හැකිද?

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන විමල්, සුරාජ් හා සිරිතුංග විශේෂ චරිත තුනකි.

ත්‍රී රෝද රථ රියදුරෙක් වන විමල් කපටි ආවේගශීලී නිතර රණ්ඩු සරුවල් වලට එක්වෙන පුද්ගලයෙකි. සුරාජ් අපැහැදිලි හේතුවක් නිසා සංවේගයට පත් සංවේදී සරසවි සිසුවෙකි. අනෙකා, සිරිතුංග කාර්යශූර තිදරු පියෙකි. වසර 30ක සිවිල් යුද්ධයෙන් බැට කෑ සමාජ වටපිටාවක් මතින් ගොඩනැගුනු මේ චරිත හරහා යුධ සමයේ ලාංකික වටපිටාව මූර්තිමත් කිරීමට මේ චිත්‍රපටය සමත් වී ඇත.

මොවුන් තිදෙනාගේම බලාපොරොත්තුව ධනයෙන්, ප්‍රේමයෙන් හා නිදහසෙන් පිරි අනාගයකි.  නමුත් මනුෂ්‍ය වර්ගයාගේ බියගුලු ස්වභාවයත් පටු අදහස් ඇති බවත් නිසා ඒ අනාගත බලාපොරොත්තු වියැකී යයි ද?. තමන්ගේ සිහින සපුරාගන්නට තරම් මේ අය ශක්තිමත් නැති බව, ඔවුන් සිහින දකින අයගේ මට්ටම ගැන දැනගන්නා විට ඔවුන් ප්‍රමාදයි.

අලුතින් පිබිදුනු ලොව තුල නව වික්‍රමාන්විත ගමන හරාහා සිය බලාපොරොත්තු සපුරාගන්නට ඔවුනට හැකි වේද?

Between Yesterday and Tomorrow is a road movie about a country where a 30-year old civil conflict has brutalized the psychology of its people making it utterly impossible to settle with peace. Three friends deeply connected despite their differences and inner conflicts of their own realize their dream of visiting a land that was long restricted to be explored. Yet during a journey of hope, far too soon they discover deeply hidden within its soil, a weapon that challenges them back to return and dig into their buried insanities, only to ignite yet another war with its own people.  Will they achieve their quest or will they be reminded of the inevitable blood, sweat and tears that every war has to pay?

Cast & Crew

Director/ Producer : Nilendra Deshapriya

Associate Producer/ Associate Director Nathasha Dream

Co-Producers-H.D. Premasiri/Sunil T Fernando

Executive Producer : Renuka Balasooriya

Script : Sarath Kothalawala / Kumara ThirimaduraCinematographer : Dhanushka Gunathilake

Production Designer : Rob Nevis

Art Director : Heenatigala Premadasa

Make up/Hair : Narada Thotagamuwa

Music Composer : Music Director / Gayathri Khemadasa / Anupa Khemadasa

Editor : Ravindra Guruge

Sound Designer : Tapas Nayak

1st Assistant Director : Veronika Marasinghe

2nd Assistant Directors : Vishwa Balasooriya / Udara Abeysundara / Vaathis Varnan / Vasantha Weeraddana

Trainee AD’s : Chanaka Niroshan / Menaka Indrakumar

Still Photographers : Vishwa Balasooriya / Oshadi Senanayake

Titles/Graphics : Sisil Rathnayake

Chief Gaffer : Ariyarathna Perera

Sound Recordist : Priyantha Kaluarachchi

Sound Assistant : Pubudu Dhananjaya

 

අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය
නිලේන්ද්‍ර දේශප‍්‍රිය

සම නිෂ්පාදනය සහ සම අධ්‍යක්ෂණය
නතාෂා ඞී‍්‍රම්

නිෂ්පාදනය
එච් ඞී පේ‍්‍රමසිරි සහ සුනිල් ටී ප‍්‍රනාන්දු

විධායක නිෂ්පාදනය
රේණුකා බාලසූරිය

තිර රචනය
සරත් කොතලාවල
කුමාර තිරිමාදුර

කැමරාකරණය
ධනුෂ්ක ගුණතිලක
සංස්කරණය
රවීන්ද්‍ර ගුරුගේ

ශබ්ද පරිපාලනය
තපස් නායක්

අංග රචනය සහ කොණ්ඩා නිර්මාණය
නාරද තොටගමුව

නිෂ්පාදන සැලසුම්කරණය
රොබ් නෙවිස්

කලා අධ්‍යක්ෂණය
හීනටිගල පේ‍්‍රමදාස

සංගීත නිර්මාණය සහ අධ්‍යක්ෂණය
ගයාත‍්‍රි කේමදාස සහ අනූපා කේමදාස

පළමු සහය අධ්‍යක්ෂණය
වෙරෝනිකා මාරසිංහ

දෙවන සහය අධ්‍යක්ෂණය
විශ්ව බාලසූරිය
උදාර අබේසුන්දර
වසන්ත වීරද්දන
වාතීස් වර්ණන්

සහය අධ්‍යක්ෂණය පුහුණුවීම්
චානක නිරෝෂන්
මේනකා ඉන්ද්‍රකුමාර්

ඇඳුම් නිර්මාණ ශිල්පීන්
මෙත් නුවන් විජේසිංහ
නිලූකා වනිගරත්න

ප‍්‍රධාන විදුලි කාර්මික ශිල්පී
ආරියරත්න පෙරේරා

නළු නිළියන්

සරත් කොතලාවල
කුමාර තිරිමාදුර
නාමල් ජයසිංහ
සුලෝචනා වීරසිංහ
ස්වර්ණා මල්ලවආරච්චි
අනෝජා වීරසිංහ
කමල් අද්දරආරච්චි
නීටා ප‍්‍රනාන්දු
ඇඩම් ඇඩමලි

 

Actors/ Actress

Sarath Kothalawala, Kumara Thirimadura, Namal Jayasinghe, Sulochana Weerasinghe, Swarna Mallawarachchi, Anoja Weerasinghe, Neeta Fernando, Kamal Addararachchi, Adam Adamally, Dayadewa Edirisinghe, Vishwajith Gunasekara, Wasantha Moragoda, Thumindu Dodanthenna, Priyantha Sirikumara, Amal Perera, Nadeesha Madushani, Sandali Welikanna, Sachin Chathuranga, Nadeeshani Weliwita, Dharanee Kaveesha, Dhanuri Heshara, Isuru Kothalawala, Joe Senevirathna, Sarath Chandrasiri, Dilka Samanmali, Elumalei Pillei, E .Thavamanidevi, R. Kamaladevi, K.Gopithan, R.Dilaxan

Story

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන විමල්, සුරාජ් හා සිරිතුංග විශේෂ චරිත තුනකි.

ත්‍රී රෝද රථ රියදුරෙක් වන විමල් කපටි ආවේගශීලී නිතර රණ්ඩු සරුවල් වලට එක්වෙන පුද්ගලයෙකි. සුරාජ් අපැහැදිලි හේතුවක් නිසා සංවේගයට පත් සංවේදී සරසවි සිසුවෙකි. අනෙකා, සිරිතුංග කාර්යශූර තිදරු පියෙකි. වසර 30ක සිවිල් යුද්ධයෙන් බැට කෑ සමාජ වටපිටාවක් මතින් ගොඩනැගුනු මේ චරිත හරහා යුධ සමයේ ලාංකික වටපිටාව මූර්තිමත් කිරීමට මේ චිත්‍රපටය සමත් වී ඇත.

මොවුන් තිදෙනාගේම බලාපොරොත්තුව ධනයෙන්, ප්‍රේමයෙන් හා නිදහසෙන් පිරි අනාගයකි.  නමුත් මනුෂ්‍ය වර්ගයාගේ බියගුලු ස්වභාවයත් පටු අදහස් ඇති බවත් නිසා ඒ අනාගත බලාපොරොත්තු වියැකී යයි ද?. තමන්ගේ සිහින සපුරාගන්නට තරම් මේ අය ශක්තිමත් නැති බව, ඔවුන් සිහින දකින අයගේ මට්ටම ගැන දැනගන්නා විට ඔවුන් ප්‍රමාදයි.

අලුතින් පිබිදුනු ලොව තුල නව වික්‍රමාන්විත ගමන හරාහා සිය බලාපොරොත්තු සපුරාගන්නට ඔවුනට හැකි වේද?

They are strong, independent men. Through these characters on a backdrop of a society inflicted by a 30 year old civil war, we paint a portrait of contemporary Sri Lanka.

Three friends, dreaming of a better life, a future filled with freedom, love, money. This future tragically disappears revealing to cowardly acts and pettiness of the human soul.

They realise, far too late, that they aren’t strong enough to live their dreams, that they don’t have the dimensions of the people they dreamed of becoming, that they will pay a heavy price in their fight against the powerful forces of money, greed and manipulation of faith …

They continue along their road, plunging deeper into what proves to be an internal journey. Like Sri Lanka seeking to reclaim its own freedom, the voyage of these three men becomes no less than a quest for their own independence.

I feel like I have found a way of approaching a human and cinematographic perspective that resounds very strongly within me, and will touch both my own country and the foreign audiences.

These are stories of small men and their minimal conflicts, inserted into big moments of Sri Lanka’s’ recent history

Together with them in the discovery of a new world, of new adventures, of a new soul. Everything seen with the splendour of a land, our land, that still remains Unknown even to us.

Top Critic Review

මම චිත්‍රපට විචාරකයෙක් වත් චිත්‍රපට පිළිබඳ හසල දැනුමක් ඇති තැනැත්තෙක් වත් නොවෙමි.ඒත් එක් දිනක් මා නැරඹු අපුරු සිනමා පටයක් නිසාවෙන් මා තුළ හට ගත් සිනමාවට ඇති ඇල්ම නිසාවෙන් මේ වවන ස්වල්පය කීමට අදහස් කළෙමි.

නිලේන්ද්‍ර…අප කොයි කවුරුත් දන්නා විදියට පුංචි තිරය උඩු යටි කුරු කළ පතාක යෝධයා ඔහුයි.පුංචි තිරයේ පෑ විකුම් නිසාවෙන්ම ඔහු මේ රටේ සුපතල වරිතයක් වුයේය.නමුත් පුංචි තිරයේ කාර්ය බහුල වු නිසාදෝ නිලේන්ද්‍ර තුළ උන් සිනමාකරුවා නියම ආකාරයෙන් අවදි වන්නට කාලයක් ගත විය.මීට පෙර දිනක ඔහු තුළ වු නියම ලාංකේය සිනමා කරුවා දැක බලා ගන්නට මට වාසනාව උදාවිය.ඒ තණ්හා රතී රඟා තුළිනි.

නිලේන්ද්‍ර ෆිල්ම් එකක් කරන්න හදනවා…මේ පණිවිඩය මා කණ වැකුණු සැටියෙන් මා තුළ මුලින් උපන්නේ තරමක සැකයකි.ඇත්තටම ඔහුට හොඳ චිත්‍රපටියක් කරන්න පුළුවන් වෙවීද?මා කිහිප වරක්ම මගෙන්ම ප්‍රශ්ණ කළෙමි.මේ චිත්‍රපටිය හදා නිම වනතුරු මට කිසඳු අස්වැසිල්ලක් නොවීය.මා දැන් එය නරඹා හමාරය.මාගේ සිතේ උපන් සියලු ප්‍රශ්ණ වලට නිලේන්ද්‍ර පිළිතුරු දුන්නේ ඉතාමත් පුදුමාකාර අයුරිනි.

මා සිනමා ශාලාවේ අසුන් ගත්තත් මා සිටියේ කියාගන්න බැරි අපහසුතාවකින්.අඩි දහසයක් දිග පුළුල් සිනමා තිරය මත නිලේන්ද්‍රගේ සිතේ උපන් කතාව දිඟ හැරෙන විට මට මගේ දෑස් අදහාගත නොහැකි විය.දෙවියනේ…නිලේන්ද්‍ර මාරයි.මා මටම කියා ගත්තේය.පුද්ගලික වාසි තකා තමන්ගේ ආගමත්,සංස්කෘතියත් විකුණන් කන සිනමාවක් ඇති අපේ රටේ නිලේන්ද්‍ර ගේ සිනමා පටය ඇතැමුන්ට වහ කදුරු වනු ඇත.මෙරට සිනමා කරුවන් යැයි කියා ගන්නා ඇතැම් හොර විඩියෝ කාරයන්ට නිලේන්ද්‍ර අලුත් මානයක් පෙන්නා දී ඇත.ඇත්තෙන්ම සැබැවින් නව පරපුරේ ඩිජිටල් සිනමා කරුවන්ට නව දොරටුවක් විවර කර දුන් මේ මහා සිනමා කරුවා මට පමණක් නොව නුතන තරුණ පරපුරේ සිනමා වීරයා බවට දැනටමත් පත් වී හමාරය.

ඔබත් එන්න.තව නොබෝ දිනකින් තණ්හා රතී රඟා තිරගත වේවී.ඔබටත් තේරේවී සැබවින්ම මෙය ලාංකේයයි කියලා.කවුරුහරී කෙනෙක් මේ චිත්‍රපටියට බැන්නත්,ඔහු බනින්නේ සැබැ කුහක කමකින්.මොකද ඔවුන් හොඳාකාරවම දන්නවා තණ්හා රතී රඟා නියමයි කියලා. චිත්‍රපටියක් අවසන් වු විට එය නැරඹු පිරිස අත්පොලසන් දෙනු මා දුටුයේ හුඟ කාලයකට පසුවයි.ඒ හඩ තව නොබෝ දිනකින් ඔයාලටත් අහන්න ලැබේවී.

අධීෂ මෛත්‍රී හේවාවසම්

Director’s Profile

Nilendra Deshapriya born in 1962 studied drama and theatre at school and at the age of fourteen he wrote his first stage play “The Horse Carriage” inspired by the film Rashoman by the legendary Akira Kurosawa which became a huge success. He was an active member of the “group 78” at the Lionel Wendt Theater, a community where the creative elite gathered during his time and produced many theatre productions.

In a career spanning 30 years Nilendra Deshpriya embarked on his journey of filmmaking as an assistant director with highly reputed film directors’ in both local and international productions. He joined the film industry in 1980 with the movie “Regina” by Thilak Lakshman Seneviratne. Few of the landmarks amongst many successful art house productions he worked are; “Siri Medura” (The Mansion) which represented Sri-Lanka at ‘Festival De Nantes’ in France in 1983, Keli Madala by DB Nihansinghe which represented Sri Lanka at the Singapore Film festival in 1984. Later Prasanna Vithanage’s “Sisila Gini Gani” (Disappearance), Surabidena (A womb for hire) which Participated in Singapore & Hawaii International Film festivals and Maruthaya (Storm) which participated in Frighbourg Film festival in Switzerland,

In 1997 Nilendra contributed as Sri Lankan Assistant Director for a BBC television adaptation of Salman Rushdie’s novel “Midnights Children”. Then he joined the Maharaja Organisation to launch its flagship channel Sirasa TV in 1998 as Director Entertainment and then Director of Broadcasting. He produced the first ever Sri Lankan daily soap series in collaboration with Sirasa TV & Sri Adhikaari Brothers India. Amongst many other phenomenal productions he was the Sri Lankan Executive Producer of the 27 hour long live broadcast connecting the 5 continents, produced by BBC London and WGBH Boston

Later he rose to become one of Sri Lanka’s most sought after television personalities who introduced the genre Reality TV to Sri Lankan audiences, producing many successful television formats such as Super Star based on singing talent all over the nation which garnered the highest ever television ratings in the history of Sri Lankan television and also the franchised version of Who Wants To be A Millionaire.

“Between Yesterday and Tomorrow” is his directorial debut as a filmmaker.

Thanha Rathi Ranga Sinhala Film12 [1024x768] Thanha Rathi Ranga Sinhala Film11 [1024x768] Thanha Rathi Ranga Sinhala Film10 [1024x768] Thanha Rathi Ranga Sinhala Film9 [1024x768] Thanha Rathi Ranga Sinhala Film8 [1024x768] Thanha Rathi Ranga Sinhala Film7 [1024x768] Thanha Rathi Ranga Sinhala Film6 [1024x768] Thanha Rathi Ranga Sinhala Film1 [1024x768] Thanha Rathi Ranga Sinhala Film2 [1024x768] Thanha Rathi Ranga Sinhala Film3 [1024x768] Thanha Rathi Ranga Sinhala Film4 [1024x768] Thanha Rathi Ranga Sinhala Film5 [1024x768]

7566_10151497027074500_1307302566_n 540122_10151497026084500_183167287_n 575857_10151497025779500_1940537011_n 552893_10151497025199500_112988032_n 604042_10151497024569500_1745088170_n 521904_10151497021254500_814976482_n 483600_10151496077379500_1682348748_n

රූගත කිරීම් අතරතුර

 

Facebook

Share

About the Author

Cinema.lk