Sri Lanka's Best Cinema Portal

 

Braveheart (1995)

0
Posted February 2, 2013 by in Action

Rating

Plot
A


Acting
A


Directing
B+


Costume
B+


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 177 min
 
Release Date: 24 May 1995
 
IMDb Rating: 8.4
 
Bottom Line

අද අපි කතා කරන්න යන්නෙත් තමන්ට,තමන්ගේ රටට අහිමි කරපු නිදහස වෙනුවෙන් සටන් වැදුණ් අභීත රණවිරුවෙක් ගැනයි.විලියම් වොලස්…ස්කොට්ලන්තයේ මහා විරුවා ඔහුයි.එංගලන්ත ආක්‍රමණිකයන් ගෙන් තමන්ගේ රට ජාතිය බේරා ගන්න සටන් වැදුණු ඒ මහා වීරයාගේ කතාවයි…. Braveheart

by Cinema.lk A
Full Article

නිදහස කියන්නේ කොයි කාට උනත් අත්‍යාවශ්‍ය දෙයක්.නිදහස කොයිතරම් වටින වද කියලා තේරෙන්නේ ඒ නිදහස නැතිවුණ දාටයි.මේ අත්දෑකීම ලාංකිකයකන් වශයෙන් අපි හොදට අත් විදි කාරණයක්.මේ රටේ පැවති කාලකණ්නි යුද්ධය අපිව සියවස් ගානක් ඈතට අරගෙන ගියේ නූපන් දරුවන්ගේ පවා නිදහස විනාශ කරමින්.ඒත් අද අපි…අපේ සෑබැ නිදහස භුක්ති විදිනවා..අපේ අභීත රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න දැන් අපි නිදහසේ හුස්ම ගන්නවා.

අද අපි කතා කරන්න යන්නෙත් තමන්ට,තමන්ගේ රටට අහිමි කරපු නිදහස වෙනුවෙන් සටන් වැදුණ් අභීත රණවිරුවෙක් ගැනයි.විලියම් වොලස්…ස්කොට්ලන්තයේ මහා විරුවා ඔහුයි.එංගලන්ත ආක්‍රමණිකයන් ගෙන් තමන්ගේ රට ජාතිය බේරා ගන්න සටන් වැදුණු ඒ මහා වීරයාගේ කතාවයි…. Braveheart

විලියම් වොලස් කියන්නේ ඉතාමත් අහිසංසක තරුණයෙක්.ඔහුට ඕනෑ කර තිබුණු තමන්ගේ පෙම්වතිය සමඟ විවාහ වෙලා ඉතා හොඳ පවුල් ජීවත් ගත කරන්නයි.ඒත් ඔවුන්ගේ ගමට කඩා වැදුණු ඉංග්‍රීසි හමුදාව වොලස්ගේ පෙම්වතියව මරන්නේ ඔහුගේ දෑස් පනා පිටයි.මේ සිද්ධියෙන් පසු ඔහු තම ජනයා සමඟ එක්ව ඉංග්‍රීසින්ගේ කුරිරු පාලනයට විරුද්ධව පෙල ගැහෙනවා.එහි ප්‍රතිථලයක් වශයෙන් 21000 තරම් වු ඉංග්‍රීසි හමුදාවක් වොලස් අතින් පරාජයට පත් වනවා.මේ චිත්‍රපටයේ අවසානය ඉතාමත් සංවේදියි.තමන්ගේ පාර්ශවයේ පවා දීමකට ලක් වන විලියම් වොලස් ඉංග්‍රීසි හමුදාවන් අතට පත්වනවා.අවසානයේ එංගලන්ත අධිකරණය විසින් ඔහුට මරණීය දඩුවම නියම කරනවා.ඔහු පුදුමාකාර විදියටයි මරණයට මුහුණු දෙන්නේ…තමන්ගේ සිහිය හොඳින් තිබෙද්දීම,වධකයා විසින් ඔහුගේ බඩ පලා බඩවැල් එකින් එක එලියට අදිද්දී පවා ඔහුගේ මුවින් ගිලිහිණේ එකම එක වදනක් විතරයි…..

ඒ…..Freedom….නිදහස…..

 

 

600full-braveheart-screenshot braveheart-mel murron-braveheart Braveheart 3 url sophie-marceau-braveheart-2 Braveheart-Wallpaper

Share

About the Author

Cinema.lk A