Sri Lanka's Best Cinema Portal

 

Force (2011)

0
Posted February 20, 2013 by in Action

Rating

Plot
B-


Acting
C+


Directing
B-


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
 
 
Release Date: September 30, 2011
 
Bottom Line

අද අප කතා කරන්න යන්නේ සුප්‍රසිද්ධ දමිළ චිත්‍රපටයක් වු කාක කාකා චිත්‍රපටය ඇසුරින් ප්‍රති නිර්මාණය වු බොලිවුඩ් සිනමා පටය ගැනයි.දමිළ චිත්‍රපටයේ එන කතාවම තේමා කර ගෙන තැණුන මේ චිත්‍රපටයේ දමිළ චිත්‍රපටයේ අඩංගු වු සමහරක් ගීත ද ඒ තනුම භාවිතා කර ගායනා කර තිබීම මඟින් මේ නිර්මාණයේ රසවත් බව තව තවත් වැඩි කර ගන්නට නිර්මාණකරුවා සමත් […]

by Cinema.lk A
Full Article

අද අප කතා කරන්න යන්නේ සුප්‍රසිද්ධ දමිළ චිත්‍රපටයක් වු කාක කාකා චිත්‍රපටය ඇසුරින් ප්‍රති නිර්මාණය වු බොලිවුඩ් සිනමා පටය ගැනයි.දමිළ චිත්‍රපටයේ එන කතාවම තේමා කර ගෙන තැණුන මේ චිත්‍රපටයේ දමිළ චිත්‍රපටයේ අඩංගු වු සමහරක් ගීත ද ඒ තනුම භාවිතා කර ගායනා කර තිබීම මඟින් මේ නිර්මාණයේ රසවත් බව තව තවත් වැඩි කර ගන්නට නිර්මාණකරුවා සමත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත  John Abrahim, Genelia D’Souza සහ නවක නලු Vidyut Jamwal විසින් රඟ දක්වනු ලබනවා.

මෙහි කතාව ගලා යන්න පටන් ගන්නේ මෙන්න මේ අකාරයටයි. යශ්වර්ධන් කියන්නේ මත්ද්‍රව්‍ය මර්ධන අංශයේ වැඩ කරන දක්ෂ පොලිස් නිලධාරියෙක්. ඔහු රට තුල සිදුවන සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව ක්‍රියා කරනවා. ඔහුට හිතේ බයක් නෑ මොක ද ඔහු තනියම ජීවත් වන නිසා. මේ අතරතුර ඔහුට මුණ ගැසෙනවා සුරූපී කෙලිලොල් තරුණියක්. ඔවුන් දෙදෙනා ආදරය කරන්න පටන් ගන්නවා.මේ ආදරය නිසාවෙන් ඔහු තුළ එක් දුර්වල තැනක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා.යශ්ගේ සතුරන් මේ දුර්වලකමින් යශ්ව අඩපණ කරන්න බලනවා.මෙකේ ප්‍රතිථලයක් විදියට සතුරන් අතින් යශ්ගේ ආදරවන්තිය මිය යනවා.තමන්ගේ ආදරය අහිමි වීමෙන් වියරු වැටුණු මේ පොලිස් නිළධාරීයා ඔහුගේ සතුරන්ගෙන් පලිගන්නා අයුරු මේ සිනමා පටයට පසුබිම් වෙලා තියෙනවා.

force 2011

Share

About the Author

Cinema.lk A