Sri Lanka's Best Cinema Portal

 

Guzaarish (2010)

0
Posted November 20, 2012 by in Comedy

Rating

Plot
B+


Acting
B+


Directing
B


Costume
B


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 126 min
 
Release Date: 16 November 2010
 
IMDb Rating: 7.2
 
Bottom Line

මෙම සිනමා පටය ගෙතී ඇත්තේ එහි ප‍්‍රධාන භූමිකාව නිරූපණය කරන Hrithik Roshan   විසින් රංගන දායකත්වය සපයන   “Ethan mascarenhas”  චරිතය වටායි. ඔහු ලෝක ප‍්‍රසිද්ධ ව සිටි මැජික් කරුවෙකි, නොඑසේනම් අංක එකේ මැජික් කරුවෙකි. මැජික් සංදර්ශනයක් අතරමගදී සිදුවන අනතුරකින් ඔහු අත පා සතර පණ නැති, සදාකාලික අබාධිත  “Quadriplegic”  තත්ත්වයට පත්වෙනවා. ඔහුට හැගීම් දැනීම් පවා නොදැනී යනවා. කළ […]

by Cinema.lk A
Full Article

මෙම සිනමා පටය ගෙතී ඇත්තේ එහි ප‍්‍රධාන භූමිකාව නිරූපණය කරන Hrithik Roshan   විසින් රංගන දායකත්වය සපයන   “Ethan mascarenhas”  චරිතය වටායි. ඔහු ලෝක ප‍්‍රසිද්ධ ව සිටි මැජික් කරුවෙකි, නොඑසේනම් අංක එකේ මැජික් කරුවෙකි. මැජික් සංදර්ශනයක් අතරමගදී සිදුවන අනතුරකින් ඔහු අත පා සතර පණ නැති, සදාකාලික අබාධිත  “Quadriplegic”  තත්ත්වයට පත්වෙනවා. ඔහුට හැගීම් දැනීම් පවා නොදැනී යනවා. කළ හැකි එකම දෙය නම් කතා කිරීම සහ ඔලූව යාන්තමින් එහෙ මෙහෙ කිරීම පමණයි. වසර 12 ක් පුරා මේ කරුමක්කාර ජීවිතය ගෙවන ඔහුට සිය දිවි හානීකරගැනීමටවත් නොහැක්කේ, ශරීරයේ කිසිම අංගයක් පණ නොමැති නිසා. එනිසාම, කිසිවකුගේ උදව් ඇතිව, ස්ව කැමැත්තෙන් මිය යෑමට  “Euthanasia”  හැකිවන ලෙස උසාවියෙන් අවසර ගන්නට ඔහු උත්සාහ දරයි. ඒ සඳහා මුලින් ඉතා තදින් විරුද්ධ වී සිටි නමුත්, පසුව දැඩි සහයක් ලබා දෙන්නේ මෙම නඩුව වෙනුවෙන පෙනී සිටින ඔහුගේ හොඳම යෙහෙළියක් වන  “Divyani dutta”  ලෙස රගන Shernaz Patel  සහ  “Sofia D’Souza”  ලෙස රගන Aishwarya rai  යන කාන්තා චරිත දෙකයි. මේ චරිත දෙකම ඉතා තදින්  “Ethan Mascarenhas”   හට ආදරය කරයි. කතන්දරයම දිගහැරෙන්නේ මේ සිදුවීම් සහ චරිත වටාය. සිනමා පටය දිග හැරෙන්නේ  කතාන්දරයේ මැද සිටයි. ඉන්පසු එය අතීතාවලෝකනය සමග (FlashBacks)  සිනමා පටය ක‍්‍රමිකව ඉදිරියට ගලා යයි.

Screen Caps

Download

Download Now (Torrent) :Guzaarish[2010]DVDRip

FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A