Sri Lanka's Best Cinema Portal

 

House of Flying Daggers -හවුස් ඔෆ් ෆලයින් ඩැගර්ස් (2004) -WATCH NOW

0
Posted March 6, 2013 by in Action

Rating

Plot
B


Acting
B+


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 119 MIN
 
Release Date: 14 January 2005
 
IMDb Rating: 7.6
 
Bottom Line

2004 වසරේ දී ලොව පුරා තිරගතවූ IMDB Rating 7.6/10 ක් ලබා ඇති ඔස්කාර් සම්මානයට නාම යෝජනා වී තවත් සම්මාන 16 දිනා ඇති සුන්දර ආසියාතික චිත්‍රපටයක් ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ.සටන් ජවනිකා වලින් පිරි මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ සුන්දර ආදර කතාවක්. චීනයේ එක් යුගයකදී එරට පවතින පාලන තන්ත්‍රයට විරුද්ධව කැරළිගසන්න එක්තරා රහස් සංවිධානයක් පියවර ගන්නවා.මේ […]

by Cinema.lk A
Full Article

2004 වසරේ දී ලොව පුරා තිරගතවූ IMDB Rating 7.6/10 ක් ලබා ඇති ඔස්කාර් සම්මානයට නාම යෝජනා වී තවත් සම්මාන 16 දිනා ඇති සුන්දර ආසියාතික චිත්‍රපටයක් ගැන කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ.සටන් ජවනිකා වලින් පිරි මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ සුන්දර ආදර කතාවක්.

චීනයේ එක් යුගයකදී එරට පවතින පාලන තන්ත්‍රයට විරුද්ධව කැරළිගසන්න එක්තරා රහස් සංවිධානයක් පියවර ගන්නවා.මේ රහස් සංවිධානය සෙවීමේ අරමුණ ඇතිව එක්තරා සෙන්පතියෙක් තමන්ගේ මිතුරා සමඟ රහස් මෙහෙයුමක් සකසනවා.තම අත්අඩංගුවේ පසු වු අන්ධ රූමත් තරුණියව ඔවුන් මේ සඳහා යොදා ගන්නවා.බොරු ආදරයක් පෙන්වා මේ තරුණිය සමඟ මේ තරුණයා සුහද වී පෙර කියු රහස් සංවිධානය සොයා ගමන් අරඹනවා.

මුලදී මොවුන් අතර වු බොරු ආදර බැදීම සැබෑ ආදරයකට පෙරලෙනවා.නමුත් මේ තරුණිය සැබෑ වටම අන්ධ තැනැත්තියක් නොවන වගත්,ඇයත් රහස් සංවිධානයේ සෙන්පතියෙක් බවත් මේ කතාව තවදුරටත් නැරඹීමේදී එත්තු ගන්වනු ලබනවා.තම රාජකාරීයත් පසෙකලා සැබැවටම මේ තරුණියට ආදරය කරන්න පටන් ගත්ත මේ තරුණයාට නොසිතු වීරු කරදර රැසකට මුහුණ පාන්න සිදුවෙනවා.

මොහු කරනා ආදරය අර තරුණිය හැබැවටම වටහා ගනීවිද?තරුණියත් මේ තරුණයාට ආදරය කරන්නේ ඇත්තටමද?මොවුන්ව මේ ආකාරයෙන්ම මෙහෙයවන සැබැ හස්තය කවුරුන් විය හැකි ද?ආදරය ද නැතහොත් රාජකාරීය ද?මේ දෙවල් වලට උත්තර හොයාගන්න මේ සුන්දර චිත්‍රපටය නරඹන්නම වෙනවා.

 

දැන් ඔබට භාගත කිරීමකින් තොරව මේ චිත්‍රපටය නැරඹීමේ පහසුකම සලසා දී ඇත.

Share

About the Author

Cinema.lk A