Sri Lanka's Best Cinema Portal

 

In Time (2011)

0
Posted October 25, 2012 by in Action

Rating

Plot
A-


Acting
B+


Directing
B


Costume
B+


Total Score
B+

11/ 14

Quick Stats

Genre: , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 109 min
 
Release Date: 28 October 2011
 
IMDb Rating: 6.6
 
Bottom Line

කාලය ඔබේ ජීවිතය වෙනස් කරයි.

by Cinema.lk A
Full Article

විද්‍යාව දියුණුවෙන් දියුණුවට පත්වන මෑත අනාගතයේ දිනයක මිනිසා වයස්ගතවීමේ ජානය අක්‍රිය කරනු ලබනවා.අනාගත ලෝකයේ පෘථිවියේ ජීවත් වන මිනිසුන් අවුරුදු 25 දී වයසට යාම නවතිනවා. එයින් පසුව ඔවුන්ට ජීවත් වීමට තවත් ඉතුරුව ඇත්තේ එක් අවුරුද්දක් පමණයි. මේ අනාගත පෘථිවියේ ජීවත් වන මිනිසුන්ගේ අතේ ඩේ-ග්ලෝ නම් ඩිජිටල් ඔරලෝසුවක් තිබෙනවා. එය තමන්ගේ ජීවන කාලය පිළිබඳව සටහන් තබා ගන්නවා. එකිනෙකා ගේ අත් ස්පර්ශ කිරීමෙන් ඔබට ජීවන කාලය අඩු වැඩි කර ගැනීමට පුළුවන්. මෙසේ ජාන ඉංජිනේරු විද්‍යාවේ හාස්කමක් කරමින් මෙවැනි නීතියක් පෘථිවියේ පනවා ඇත්තේ ලෝක ජනගහනය පාලනය කිරීමටයි.

කාලය මුදල් ඒකකය බවට පත්වන එම අනාගතයේ එක් දිළිඳු තරුණයකු චෝදනා ලබන්නේ අමරණීයත්වය ලබා සිටි ධනවතකු මරා ඔහු වෙතින් ඔහු සතුව තිබූ කාලය නමැති දේපළ පැහැර ගත්තා කියාය. එම අනාගතයේ පොලිසියක් නැත. පොලිසිය වෙනුවට පවත්වාගෙන යමින් තිබෙන්නේ ‘ටයිම්කීපර්ස්’ යන නමින් එහි නිලධාරීන් හැඳින්වෙන දූෂිත ආයතනයකි. ටයිම් කීපර්ස්ලා දිළිඳු තරුණයා පසුපස ලුහුබැඳීම අරඹයි. හෙන්රි හැමිල්ටන් නමැති ඒ ධනවතාට කළ කිසියම් උපකාරයක් නිසා ඔහු තම ඉතිරි ජීවිත කාලය විල් සලාස් නමැති දිළිඳු තරුණයාට පරිත්‍යාග කළේද? කෙසේ වෙතත් විල් සලාස් මිනීමැරුම් චෝදනා ලබා අවසන්ය. ඔහු දූෂිත ‘ටයිම් කීපර්ස්’ලාගෙන් ගැළවෙන්නේ කෙසේද?මේ ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන්න නම් මේ අපුරු චිත්‍රපටය ඔබට නරඹන්නම වෙනවා.

Screen Caps

Download

Download Now (Torrent) : In Time (2011) 720p BluRay (701 Mb)

මෙහි ඇති ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපටය කුඩා දරුවන්ට නුසුදුස ය.
FAQs

ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද? – How to Download Torrent

Share

About the Author

Cinema.lk A