Sri Lanka's Best Cinema Portal

 

Malèna (2000)

1
Posted January 30, 2013 by in 18+

Rating

Plot
B+


Acting
B


Directing
B


Costume
B


Total Score
B

10/ 14

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 109 min
 
Release Date: 27 October 2000
 
IMDb Rating: 7.4
 
Bottom Line

අපි දැන් කතා කරන්න යන්නේ ටිකක් විතර වෙනස්ම මාදිලියක චිත්‍රපටයක් ගැනයි.හැබැයි මුලින්ම කියන්න ඕන මේක කුඩා ළමුන්ට නැරඹීමට සුදුසු චිත්‍රපටියක් නම් නෙවෙයි.මේ චිත්‍රපටයේ නම තමයි Malèna.මේ සිනමා පටයේ කතාව මෙන්න මෙහෙමයි ගලා යන්නේ.මේ චිත්‍රපටයට පසුබිම් වෙලා තියෙන්නේ දෙවෙන ලෝක යුධ සමයේ වු කතා පුවතක්.මේ කතාවේ කතා නායකයා යන්තම් වයස 12 පිරුණු නව යොවුන් වියේ පසුවන […]

අපි දැන් කතා කරන්න යන්නේ ටිකක් විතර වෙනස්ම මාදිලියක චිත්‍රපටයක් ගැනයි.හැබැයි මුලින්ම කියන්න ඕන මේක කුඩා ළමුන්ට නැරඹීමට සුදුසු චිත්‍රපටියක් නම් නෙවෙයි.මේ චිත්‍රපටයේ නම තමයි Malèna.මේ සිනමා පටයේ කතාව මෙන්න මෙහෙමයි ගලා යන්නේ.මේ චිත්‍රපටයට පසුබිම් වෙලා තියෙන්නේ දෙවෙන ලෝක යුධ සමයේ වු කතා පුවතක්.මේ කතාවේ කතා නායකයා යන්තම් වයස 12 පිරුණු නව යොවුන් වියේ පසුවන කොලු ගැටයෙක්.නම රෙනාටෝ…ඔහු  දිනක් තම මිතුරන් සමඟ ඉන්නා විට ඔහුට මුණ ගැහෙනවා මලේනා නම් වැන්දඹු ස්ත්‍රියක්.ඇය හරිම ලස්සනයි.රුපශ්‍රියෙන් අගතැන්පත් වු මලේනා දකින මුල් දිනයේ පටන් රොනාටෝ හැගීම් ඇවිසෙන්න පටන් ගන්නේ හරියට වෙලිණු පිදුරු ගොඩක් ගිනි ගෙන දැවී යනවා වගේ වේගයෙන්.මේ මුල් හමු වීමෙන් අනතුරුව මේ කොලු ගැටයා මලේනා පසුපස හඹා යන්න පටන් ගන්නවා.ඇගේ සුන්දර සිරුරට ඔහු වශී වෙනවා.නිදි යහනේ පවා ඇය සමග රොනාටෝ රතී සුව විදිනවා.ඔහු ඇයට කෙතරම් පිස්සු වැටි ඇත්දැයි කියතොත් ඇගේ යට ඇදුම් පවා සොරා ගෙන වුත් අමුතුම ආස්වාදයක් ලබනවා.

මේ කතාව මෙහෙම ගලා යන අතරතුර ඔහු මලේනාගේ සැබැ තතු දැන ගන්න පටන් ගන්නවා.මලේනා ජීවත් වන්නේ තනිවම බව ඔහු දැනගන්නවා.මුදල් අඟහිගකම් වලින් පීඩා විදින ඇයට හරි හැටි කෑමක් බීමක් වත් නැති බව ඔහු දැන ගන්න පටන් ගන්නවා.ඇයට ආහාර දීමේ මුවාවෙන් ඇය වෙත පැමිණෙන පිරිමින් ඒ සඳහා ඇයගෙන් ලිංගික අල්ලස් ගන්නා අයුරු රොනාටෝට පෙන්න පටන් ගන්නවා..මේ මහලු ධනකුවේරයන් සමඟ මලේනා කෙසේද මෙලෙස හැසිරෙන්නේ?…..ඔවුන්ගේ දහදිය ගඳ ඇය කෙසේ ඉවසනවා ඇද්ද?…මලේනා මෙහෙම හැසිරෙන්නේ ඇත්තටම ඇගේ අසරණ කම නිසාමද?…රොනාටෝ මේ දේවල් ගැන කඳුලු පිරි දැසින් සිතන්න පටන් ගන්නවා.මලේනා කෙරේ ඔහු තුළ උපන් රාගය,ඒක පාර්ශවීය ආදරයකට පෙරලෙනවා…

ඔන්න ඔය විදියටයි මේ චිත්‍රපටය ගලා යන්නේ.මේ චිත්‍රපටයේ කතා තේමා යොදා ගනිමින් බොලිවුඩයේ ද සිනමා පටයක් නිර්මාණය කරලා තියෙනවා.සරාගී ඉතාලියානු නිරුපණ ශිල්පිනියක් වු මොනිකා බෙලුසි විසිනි පණ පොවන මලේනාගේ චරිතයට බොලිවුඩයේ දී පණ පොවන්නේ සුරුපි නිළි මනීෂා කොයිරාල විසිනුයි.මේ චිත්‍රපටය ද ඉදිරියේ දී cinema.lk හරහා ලබා දෙන්න අපි සුදානමින් ඉන්නවා..ඉතින් මොහොතකට ඔබත් පුංචි රොනාටෝ කෙනෙක් වෙලා මලේනාට ආදරය කරන්න මේ සිනමා පටය භාගත කර ගෙන නරඹන්න.

image
image
image
image
image
image
image

Share

About the Author

Cinema.lk A


  • nilu

    mey trailor eka struck wenava ney