Sri Lanka's Best Cinema Portal

 

Merantau (2009)

0
Posted February 22, 2013 by in Action

Rating

Plot
C+


Acting
B


Directing
B


Costume
C+


Total Score
B-

9/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 134 min
 
Release Date: 5 November 2009
 
IMDb Rating: 6.5
 
Bottom Line

හොලිවුඩ්,බොලිවුඩ් සහ කොලිවුඩ් චිත්‍රපටයන්ගෙන් මිදිලා වෙනත්ම රටක් නිපද වු තවත් වෙනස්ම ආකාරයක සිනමා පටයක තොරතුරු කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ.මේ චිත්‍රපටය නිපදවලා තියෙන්නේ ඉන්දුනිසියාවේ.ලෝක ප්‍රසිද්ධ “ඹන් බැක්“ චිත්‍රපට මාලාව වගේ මේ චිත්‍රපටයත් ඇක්ෂන් වර්ගයට අයත් චිත්‍රපටියක්. ඉන්දුනිසියාවේ සාම්ප්‍රදායික සටන් කාලාවක් වන සීලැට් නම් සටන් ශිල්පය ප්‍රගුණ කළ තරුණයෙක් වටා තමයි මේ චිත්‍රපටය ගෙතිලා තියෙන්නේ.තමන්ගේ මවිබිමට […]

by Cinema.lk A
Full Article

හොලිවුඩ්,බොලිවුඩ් සහ කොලිවුඩ් චිත්‍රපටයන්ගෙන් මිදිලා වෙනත්ම රටක් නිපද වු තවත් වෙනස්ම ආකාරයක සිනමා පටයක තොරතුරු කතා කරන්නයි මේ සුදානම් වෙන්නේ.මේ චිත්‍රපටය නිපදවලා තියෙන්නේ ඉන්දුනිසියාවේ.ලෝක ප්‍රසිද්ධ “ඹන් බැක්“ චිත්‍රපට මාලාව වගේ මේ චිත්‍රපටයත් ඇක්ෂන් වර්ගයට අයත් චිත්‍රපටියක්.

ඉන්දුනිසියාවේ සාම්ප්‍රදායික සටන් කාලාවක් වන සීලැට් නම් සටන් ශිල්පය ප්‍රගුණ කළ තරුණයෙක් වටා තමයි මේ චිත්‍රපටය ගෙතිලා තියෙන්නේ.තමන්ගේ මවිබිමට පැමිණි විජාතිකයින් පිරිසක් ඉන්දුනිසියානු තරුණියන් පැහැරගෙන ගොස් ගණිකා වෘත්තිය සඳහා අලවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යනවා.මොවුන් මේ ආකාරයට එක් තරුණියක් මේ සදහා පැහැර ගනු ලබන අවස්ථාවේ මේ සිද්ධිය අහම්බයකින් මේ තරුණයාගේ නෙත ගැටෙනවා.එතැන් පටන් මේ තරුණිය බේරා ගන්න මේ තරුණයා ගන්න උත්සහය මේ චිත්‍රපටයේ මනාවට විචිත්‍රනය කර තිබෙනවා.

මේ චිත්‍රපටයේ කතාව පෙර නිර්මාණ වල දැක ඇති සම්ප්‍රදායික කතා තේමාවක් වුවත් මෙහි එන සටන් දර්ශන නම් මින් පෙර කිසිම චිත්‍රපටයකින් ඔබට දකින්න නම් ලැබිලා නැතුව ඇති.මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන Iko Uwais කුඩා කළ පටන් මේ සාම්ප්‍රදායික සටන් ක්‍රමය ප්‍රගුණ කළ තරුණයෙක්.ඔහු 2005 වසරේ සීලැට් සටන් කලාවේ ජාතික ශූරතා කිරුළද දිනා ගන්න සමත් වී තිබෙනවා.ඉතින් ඔබ මින් පෙර නුදුටු වෙනස් වු සටන් කාලාවක අත්දැකීම් විදගන්න මේ චිත්‍රපටය භාගත කරගෙන නරඹන්න.

merantau

 

merantau

Share

About the Author

Cinema.lk A