Sri Lanka's Best Cinema Portal

 

Rockstar (Hindi) – Download

0
Posted October 4, 2012 by in Biography

Rating

Plot
A


Acting
A+


Directing
A-


Costume
B


Total Score
A-

12/ 14

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: , ,
 
Writer:
 
Composer:
 
Length: 159 Min
 
Release Date: 11 November 2011 (India)
 
IMDb Rating: 7.4
 
Bottom Line

විවාහක තරුණියකට පෙම් බඳින අසාමාන්‍ය යෞවනයකු කෙමෙන් සුපිරි රොක් ගායකයකු වීමත් ප්‍රේමයේ විරහවත් සමඟ ඔහුට අත්විඳින්නට වන අත්දැකීම්.

by Cinema.lk
Full Article

තිරගත වීම ආරම්භයත් සමඟ ලොව පුරා ප්‍රේක්ෂක ජනතාව අතර ප්‍රසිද්ධියට පත් රොක්ස්ටා චිත්‍රපටය මුල් සතිය තුලදී ම ඉන්දීය රුපියල් කෝටි 64ක වාර්තාගත ආදායමක් ඉපැයීමට සමත් වුනා.

මෙම චිත්‍රපටයේ රන්බීර්ගේ රංඟනය අතිවිශිෂ්ඨ බවත් හින්දි සිනාමාව නව මඟකට ගෙනයාම සඳහා රන්බීර්ට හැකියාව ඇති බවත් කෘතහස්ත බොලිවුඩ් නළු  Shabana Azmi මාධ්‍ය හමුවේ පවසා සිටියා.එමෙන්ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා නවක ඇමරිකානු මෝස්තර නිරූපන ශිල්පිනී Nargis Fakhri සහ බ්‍රසීල මෝස්තර නිරූපණ ශිල්පී Moufid Aziz ද රංඟනයෙන් දායකවීම ද විශේෂත්වයකි.

Jab we met (2007), love Aaj kal (2009) වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Imtiaz Ali නම් අධ්‍යක්ෂකවරයා ගේ අධ්‍යක්ෂනයක් වන මෙම චිත්‍රපටය සඳහා Filmfare සම්මාන උළෙලේ හොඳම නළුවා (Ranbir Kapoor) හොඳම පද රචකයා (Irshad Kamil)  (Nadaan Parindey ගීතය සඳහා) හිමිකරගැනීමට සමත් විය. එමෙන්ම Zee Cine සම්මාන උළෙලේ හොඳම නළුවා(Ranbir Kapoor) හොඳම අධ්‍යකෂක (Imtiaz Ali) මෙන්ම හොඳම සංගීත අධ්‍යක්ෂක (A.R. Rahman) වැනි විශ්ෂඨ සම්මාන රැසකට උරුමකම් කියනු ලැබුවා.

සුපිරි ගායන හැකියාවක් ඇති Jordan (Ranbir Kapoor) එයා ඉගෙන ගන්න පාසලේම ලස්සන ගෑණු ළමයෙක්ට ආදරෙයි කියනවා. ඒ Heer (Nargis Fakhir). ඒත් Jordan එයාට ආදරෙයි කියන්නේ එයාට ලස්සනට ගීත ගායනා කරන්නනම් වේදනාවක් විඳින්න ඕන කියලා එයා හිතන නිසයි. ඒත් කොහොම හරි මේ දෙන්න හොද යාළුවෝ වෙනවා. ඒත් Heerට විවාහ යෝජනාවක් ඇවිත් ඇය ඒ කෙනාත් එක්ක විවාහ වෙලා ර‍ට යනවා. ඒත් අවාසනාවට ඇය එහේදී අසනීප වෙනවා. ඒ වුනත් මේ කිසිදෙයක් නොදන්න Jordan කවුරැත් අතර ජනප්‍රිය රොක් තරැවක් වෙනවා. ඇයගේ අසනීපය ගැන දැනගන්නා Jordanට කුමක් සිදුවේ ද?

Download Now (Torrent) : Rockstar (550 Mb)

Download Now (Torrent) : Rockstar (750 Mb)

Download Now (Torrent) : Rockstar (1.4 Gb)

How to Download Torrent

(ටොරන්ට් වලින් චිත්‍රපට බලන්නේ කෙසේද?)

Share

About the Author

Cinema.lk