Sri Lanka's Best Cinema Portal

 

The Dirty Picture (2011)

0
Posted February 18, 2013 by in 18+

Rating

Plot
B


Acting
B


Directing
B-


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 144 min
 
Release Date: 2 December 2011
 
IMDb Rating: 6.8
 
Bottom Line

මේ චිත්‍රපටය දිවෙන්නේ 80 දශකයේ සිනමාවේ සිදුවුණු  සත්‍ය සිදුවීමත් වටායි.දකුණු ඉන්දියානු සිනමාවේ කාම ධේනුව ලෙස නම් පට බැදී සිල්ක් ස්මිතාගේ ජිවිත කතාව අළලායි මේ චිත්‍රපටය ගොඩනැගී තියෙන්නේ.මේ චිත්‍රපටයේ ස්මිතාගේ චරිතයට පණ පොවන්නේ තවත් ඉන්දීය සරාගී නිළියක් වන විද්‍යා බාලන් විසිනි. මේ චිත්‍රපටයේ කතාව මේ අයුරිනුයි ගලා යන්නේ.ස්මිතාගේ මුල් නම තමයි රේශ්මා.රේශ්මා නිළි පිස්සුව ඔලුවට ගහපු […]

by Cinema.lk A
Full Article

මේ චිත්‍රපටය දිවෙන්නේ 80 දශකයේ සිනමාවේ සිදුවුණු  සත්‍ය සිදුවීමත් වටායි.දකුණු ඉන්දියානු සිනමාවේ කාම ධේනුව ලෙස නම් පට බැදී සිල්ක් ස්මිතාගේ ජිවිත කතාව අළලායි මේ චිත්‍රපටය ගොඩනැගී තියෙන්නේ.මේ චිත්‍රපටයේ ස්මිතාගේ චරිතයට පණ පොවන්නේ තවත් ඉන්දීය සරාගී නිළියක් වන විද්‍යා බාලන් විසිනි.

මේ චිත්‍රපටයේ කතාව මේ අයුරිනුයි ගලා යන්නේ.ස්මිතාගේ මුල් නම තමයි රේශ්මා.රේශ්මා නිළි පිස්සුව ඔලුවට ගහපු කෙනෙක්. ඇය චෙන්නායි වලයි ජීවත් වෙන්නේ. ඇයව කසාද බන්දලා දෙන්න සියල්ල සුදානම් කරලා තිබෙන අතරතුර කසාදෙට කලින් දවසේ ඇය ගෙදරින් පැනලා යනවා. පැනලා ගිහින් ඇය චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් මුණ ගැසිලා චරිතයක් ඉල්ලනවා. ඒත් ඔහු ඇයව ගණන් ගන්නේ නෑ. ඔය අතර ඇයට චිත්‍රපටයක සහාය නැටුමකට අවස්ථාව ලැබෙනවා. රේෂ්මා මොකද කරන්නේ දන්නවද… ඇයට ලැබුන චාන්ස් එකෙන් නටන්න තියෙන නැටුම වෙනුවට ඇය සරාගී දර්ශනයක් කරනවා. කොහොමහරි චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන ඒබ්‍රහිම් මෙම දර්ශන අයින් කරලා චිත්‍රපටය තිරගත කරනවා. චිත්‍රපටය අසාර්ථක වෙනවා.

ඔය අතරතුර චිත්‍රපටය නිෂ්පාදනය කරපු සෙල්වා ගනේෂ් දවසක් දකිනවා රේශ්මා කරපු අර රංගනය. ඔහු ඇයව තමාගේ චිත්‍රපට වලට ගන්න හිතනවා. ඔන්න ඔහොමයි රේශ්මාට රගපාන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඇයගේ නම එදා පටන් සිල්ක් ස්මිතා වෙනවා. එදා ඒ පටන් ගත්ත සරාගී රංගනය නිසා ඇය ඉතාමත් ප්‍රසිද්ධ වෙනවා.ජනප්‍රිය තලයේ හිනි පෙත්තටම නැගි මේ සරාගී නිළි රැජිනගේ කතාව දැකගන්න The Dirty Picture භාගත කරගෙන නරඹන්න

 

The Dirty Picture the dirty picture 2011 the dirty picture 2011 the-dirty-picture the dirty picture 2011 the dirty picture 2011

Share

About the Author

Cinema.lk A