Sri Lanka's Best Cinema Portal

 

We Have a Pope – වී හෑව් අ පෝප්(2011) – DVDRip 1.47 GB

0
Posted March 7, 2013 by in Comedy

Rating

Plot
B


Acting
B+


Directing
B-


Costume
B-


Total Score
B

10/ 14

Quick Stats

Genre: ,
 
Director:
 
Actors: ,
 
Writer:
 
 
Length: 102 MIN
 
Release Date: 15 April 2011
 
IMDb Rating: 6.7
 
Bottom Line

කිතුණුවන්ගේ ජිවමාන නායකයා වන්නේ පාප් වහන්සේයි.කිතුණුවන් විශ්වාස කරන විදියට පාප් වරයෙක් පත් වන්නේ දේව කැමැත්තට අනුවයි. වරක පාප්තුමෙකු මිය ගිය විට නව පාප් වරයෙකු පත් කරගැනීමට පාප් ධුරයෙන් පෙර ධුරය වන කාදිනල්වරුන් ලොව හතර දිග්-බාගයෙන් වතිකානුවට සම්ප්‍රාප්තවන්නේ තමුන් අතරින් නව පාප්වරයෙකු පත් කර ගැනීමටයි. තමන් නොසිතු මොහොතක පාප් වරයෙකු වීමේ කැදවීම ලද කාර්ඩිනල් වරයෙකු වටා […]

by Cinema.lk A
Full Article

කිතුණුවන්ගේ ජිවමාන නායකයා වන්නේ පාප් වහන්සේයි.කිතුණුවන් විශ්වාස කරන විදියට පාප් වරයෙක් පත් වන්නේ දේව කැමැත්තට අනුවයි. වරක පාප්තුමෙකු මිය ගිය විට නව පාප් වරයෙකු පත් කරගැනීමට පාප් ධුරයෙන් පෙර ධුරය වන කාදිනල්වරුන් ලොව හතර දිග්-බාගයෙන් වතිකානුවට සම්ප්‍රාප්තවන්නේ තමුන් අතරින් නව පාප්වරයෙකු පත් කර ගැනීමටයි.

තමන් නොසිතු මොහොතක පාප් වරයෙකු වීමේ කැදවීම ලද කාර්ඩිනල් වරයෙකු වටා ගෙතුණු අපුරු සිනමා සිතුවමක් ගැන තමයි දැන් අප සුදානම් වන්නේ.මේ චිත්‍රපටය තමයි We Have a Pope.මේ චිත්‍රපටයේ කතාව පෙළගැහිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

 

සැම විටම සිදුවන්නා සේ මෙවරත් ජනයා හා මාධ්‍ය අතර ඇතැම් ජනප්‍රිය කදිනල්වරුන්ගෙන් කවරෙකු පත්වේද යන කුසු කුසුව හට ගැනේ. එත් ඒ මෙම කාදිනල්වරු අතරින් අනපේක්ෂිතව ජන්දයෙන් පත් වන්නේ “මෙල්වීල්” නම් කවුරුත් නොපතු නොසිතු කාදිනල්වරයයි. මෙම භාරධුර තනතුර තමාටත් අරුමයක් වන්නේ, මෙල්වීල් කාදිනල්තුමන් ඒ පිළිබඳව බලාපොරොත්තු නොවීමත්, එසේ සිතන්නටවත් තමන් ගැන මෙ ආකාර පුර්ව නිගමනයක් කවරෙකුටවත් නොතිබීමයි. තමන්ගේ පාඩුවේ සිටි මෙම මෙල්විල් කාදිනල්තුමා පාප්ධුරයේ ඉතා බරපතල භාරදුරන් හා අනෙකුත් සුවිසල් දෑ නිසා අධිකව නොසන්සුන් තත්වයකට පත්වේ. මෙ නිසා නව අභිෂේක ලත් පාප්වරයෙකුගේ පළමු කටයුත්ත වන ජනයා ඇමතීම පාප්ධුරයට පත් මෙල්වීල් පාප්තුමා මඟ හැර තනියම සිටීමට උත්සහා දරනවා. මෙතුමාට මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කලද, පාප්තුමන්ගේ හිසේ බර ඉවත් කරන්න නොහැකි වෙනවා. පාප්තුමන් කවුරුද යන්න දකින වෛද්‍යවරයා හට වතිකානුවෙන් පිටවීමට තහනමකට ලක් වන්නේ පාප්තුමන්ගේ අනන්‍යතාවය පළමු ජනතා ඇමතුම සිදුවන තුරු රහසිගතව තබා ගන්නටය. පසුව රහසින් තවත් වෛද්‍යවරයෙකු වෙත අනන්‍යතාවය හෙළි නොකරමින් සිවිල් ඇඳුමෙන් වතිකානු පරිපාලක නිලධාරීන් පාප්තුමාව ගෙනයන අතර එහිදී පාප්තුමා පැනයනවා.

 

මෙය වතිකානු පරිපාලක නිලධාරීන් හට තවත් ගැටළුවක් ගෙනදෙයි. මන්ද, අනෙක් කාදිනල්වරුන්ට මෙම රහසිගත ගමන වසන් කිරීමට අමතරව, දැන් පාප්වරයාගේ පැනයාමද එලෙස වසන් කිරීමට ඔවුන්ට සිදුවන බැවිනි. මෙ අතර මුල් මානසික වෛද්‍යවරයා අනෙක් කාදිනල්වරුන් අතර සභාවේ පෙර නොකලදේ කරමින් කාලය ගත කරන්නේ කාමරයේ සිටින බව සිතනා පාප්තුමන්ගේ පළමු ජනතා ඇමතීම සිදුවනතුරුය. එතෙක් කවරෙකුටවත් වතිකානුවෙන් පිටවීමට නොහැකිය. මෙ අතර පාප්තුමන් ගිහියෙකු ලෙස රෝමයේ වීදිවල ගමන කරමින් මිනිසුන් හමුවෙමින් නව අත්දැකීම් ලබා ගන්නා අතර සිදුවූ කම්පනයෙන් සහනයක් එතුමන් ඉන් ලබනවා. පසුව වතිකානු නිලධාරීන් හමුවන පාප්තුමා එතුමාට මෙම මහත් වගකීම දරන්න බැරි බවත් තමාව ජනතා ඇසින් අතුරුදහන් කර තමන් හට පාඩුවේ ඉන්න දෙන ලෙස කියා සිටිනවා. අවසානේ කාදිනල්වරුන්ට සත්‍ය පවසන නිලධාරීන් පාප්තුමාව නැවත වතිකානුවට ගෙන එන්නේ කදිනල්වරු හා නිලධාරීන් සියලු දෙනා මගිනි. මේ ලෙස පළමු ජනතා ඇමතුමට එන එතුමා ජනතාව අමතන්නේ පුජකයෙකු හෝ කදිනල්වරයෙකු හෝ පාප්වරයෙකු ලෙස නොව, හුදු මනුෂ්‍යයෙකු ලෙසයwe have a pope movie we have a pope movie we have a pope movie we have a pope movie we have a pope movie we have a pope movie

Share

About the Author

Cinema.lk A