Sri Lanka's Best Cinema Portal

 

Zero Dark Thirty – සීරෝ ඩාර්ක් තර්ටි (2012) – බින් ලාඩන් දඩයම | Download DVDRip 1.3GB

0
Posted March 3, 2013 by in Action

Rating

Plot
B+


Acting
B-


Directing
B


Costume
B+


Total Score
B

10/ 14

Quick Stats

Genre: , , ,
 
Director:
 
Actors: , , ,
 
Writer:
 
 
Length: 157 Min
 
Release Date: 11 January 2013 (USA)
 
IMDb Rating: 7.6/10 from 65,637 users
 
Bottom Line

ඔසාමා බින් ලාඩන් ඝාතන සිදුවීම අළලා නිපැයුනු මේ වසරේ ඔස්කාර් සම්මාන 5ක් සඳහා නිර්දේශ වුනු හොලිවුඩ් චිත්‍රපටය යි, සීරෝ ඩාර්ක් තර්ටි. Zero Dark Thirty – සීරෝ ඩාර්ක් තර්ටි (2012) – බින් ලාඩන් දඩයම

by Cinema.lk
Full Article

ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ සිදුවීම පදනම් කැර ගනිමින් නිපදවූ හොලිවුඩ් චිත්‍රපටයක් වන‘‘සීරෝ ඩාර්ක් තර්ටි’’ නමැති චිත‍්‍රපටය පසුගිය කාළයේ මහත් ආන්දෝලනයකට මුහුණ දුන්නා. ඇමරිකානු දේශපාලන හා ආරක්ෂක අංශ වෙතින් එල්ල වූ බාධක මැද තිරගත වූ චිත්‍රපටය පසුගිය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 5කට නිර්දේශ වීමත් විශේෂත්වයක්. මොනයම් හෝ හේතුවක් නිසා කිසිදු ඔස්කාර් සම්මානයකින් පිදුම් ලැබීමට නොහැකි වුවත් මෙම චිත්‍රපටය අතිශය සාර්ථක, විශිෂ්ඨ චිත්‍රපටයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්.

මාර්ක් බෝල් විසින් තිර රචනය කරන ලද චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කැර ඇත්තේ කැතරින් බිගෙලෝ  විසිනි. කැතරින් බිගෙලෝ, කොලින් විල්සන්, ග‍්‍රැග් ෂැපිරා, ටෙඞ් ශිපිලර්, මෙගර් එලිසෝ යන පිරිස මෙහි සම නිෂ්පාදකවරු වෙති.

‘‘ඇමරිකාවේ දේශපාලනය නිසා අපිට මේ චිත‍්‍රපටය නිසි පරිදි තිරගත කිරීමට අවස්ථාව නොලැබුණත් මේ චිත‍්‍රපටයේ කිසිදු ස්ථානයක ජනාධිපති ඔබාමා ගැන සඳහන් වන්නේ නැහැ. ඔහු ගැන වචනයක් හෝ සඳහන් නොකර මේ චිත‍්‍රපටය නිපදවා ඇති ආකාරය ගැන බොහෝ දෙනෙක් විශ්මයට පත්වේවි’’ මේ චිත්‍රපටයේ තිර රචක ඔස්කාර් සම්මානලාභී මාර්ක් බෝල් චිත්‍රපටය පිළිබඳව සඳහන් කළේ එවන් ප්‍රකාශයකි.

zero-dark-th

tumblr_mh56rg4Jzl1r9thefo1_500

චිත්‍රපටයේ දර්ශණ කිහිපයක්

Share

About the Author

Cinema.lk