Sri Lanka's Best Cinema Portal

 

Supermen of Malegaon

0
Posted October 30, 2013 by in

Quick Stats

 
Director:
 
Producer:
 
 
 
Small Description

සුපිරි වීරයෙක් නොවු සුපිරි වීරයා

by Cinema.lk A
Full Article

මේක වාර්තාමය චිත්‍රපටයක්.ඉන්දියාවේ තියෙන අති දුෂ්කර ගමක ඉතා අඩු පහසුකම් යටතේ චිත්‍රපටයක් තනන අයුරුයි මේකේ කතා වෙන්නේ.ඉතා ලොකු රසික පිරිසක් සිටින මලිගෝන් ගමේ මිනිසුන්ට තියෙන්නේ පුදුමාකාර පිච්චර් පිස්සුවක්.ඒත් ඔවුන් හැමදාම බලන්නේ පරණ චිත්‍රපටයි.ඒකත් සීමිත පහසුකම් යටතේයි.ඉතින් මේ ගමේ තියෙන නොනවතින චිත්‍රපට ඉල්ලුමට පිළියමක් වශයෙන් එක් තරුණයෙක් චිත්‍රපටයක් තනන්න සිතනවා.හැබැයි ඒකත් හැන්ඩි කැමරාවකින්.

මොවුන් මෙහෙම තනන්න සිතන්න ලේසී පහසු චිත්‍රපයක් නෙවෙයි.සුපිරී වීරයෙකුගේ කතාවක්.ඉතා අඩු පහසුකම් යටතේ මේ චිත්‍රපටය නිපදවන අයුරු,එයට තාක්ෂණය කවන අයුරු,අවසානයේ එය පෙන්වන අයුරුයි මේ කතාවට පාදක වෙන්නේ.මේක ඇත්තටම අපි කවුරුත් බලන්න වටින,බැලිය යුතු වාර්තා වැඩසටහනක්.හරි හමන් තාක්ෂණික උපකරණයක් නොමැතිව ඔවුන් මේ චිත්‍රපටය නිපදවන අයුරු බලලා,ලංකාවේ අපිටත් ගොඩාක් දේ ඉගෙන ගන්න තියෙනවා.ඒ හින්දා අනිවාර්යෙන්ම මේක නරඹන්න.

Supermen-Wall-20 Supermen-Wall-18 Supermen-Wall-17 Supermen-Wall-12 Supermen-Wall-13 Supermen-Wall-14 Filming-Supermen-of-Malegaon

Share

About the Author

Cinema.lk A