චිත්‍රපට 43කින් හෙලිවන A113 රහස!

Avatar Cinema.lk | May 2, 2014 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

පික්සා කාටූන් චිත්‍රපට රැසක හමුවන විශේෂ රහස් අංකයක් වේ. එම රහස් අංකය ‘A113’ වන අතර ‘ටෝයි ස්ටෝරි’,’ ෆයින්ඩින් නීමෝ’, ‘අප්’ , ‘බ්‍රේව්’ වැනි ජනප්‍රිය ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට රැසක එය දැකගත හැක.

Pixar යනු ලෝ ප්‍රකට ත්‍රිමාණ සජීවීකරණ ආයතනයකි. ඇපල් සමාගමේ නිර්මාතෘ වන ස්ටීව් ජොබ්ස් විසින් ආරම්භ කරන ලද pixar ගේ දායකත්වයෙන් නිමවූ චිත්‍රපට අතරට Toy Story, Finding Nimo, Brave වැනි සුප්‍රකට චිත්‍රපට ගණනාවක් ඇතුලත් ය.

එම Pixar සමාගම විසින් නිර්මාණය කරන ලද කාටූන් චිත්‍රපට රැසක හමුවන විශේෂ රහස් අංකයක් වේ. එම රහස් අංකය ‘A113’ වන අතර Toy Story, Finding Nimo, Brave වැනි ජනප්‍රිය ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට රැසක මෙන්ම ජනප්‍රිය කාටූන් කතා මාලා වන ‘ Simson’ සහ ‘American Dad!’ තුල මෙන්ම ‘Hunger Games ‘ වැනි චිත්‍රපට තුලද මෙම අංකය දැකගත හැක.

එම අංකය ඇතුලත් කිරීමෙන් හැඟවෙන්නේ කැලිෆෝනියා කලා ආයතනයේ (California Institute of Arts ) සිසුවෙක් එම කාටූනය හෝ චිත්‍රපටය සැදීමට දායක වී ඇති බවයි.

‘A113’ යනු කැලිෆෝනියා කලා ආයතනයේ පිහිටි පන්ති කාමරයක් වන අතර එය මුල් පරම්පරාවේ සජීවීකරණ ශිල්පීන් රැසක් චරිත සජීවීකරණය (character animation) උගත් ස්ථානයයි.

එම කණ්ඩායමේ සාමාජිකයෙක් වන බ්‍රැඩ් බර්ඩ් විසින් වසර 1987 දී ඔහු විසින් නිර්මාණය කරන ලද ‘Amazing Stories’ යන වැඩසටන තුලට පළමු වරට මෙම අංකය ඇතුලත් කර ඇත.

මෙම අංකය මේ වන විට අවම වශයෙන් කාටූන්, චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා 43ක පමණ හමුවේ.

article-0-1D819DFD00000578-966_634x342 article-0-1D819DD900000578-824_634x376

Share

3 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.