About Elly – බලන්න, සංවාදයට එක්වන්න.
කොළඹ මහජන පුස්තාකල ලේඛක සහ පාඨක සංසදයෙන් මාසික සිනමා දැක්මක් සහ සිනමා සංවාද සැන්දෑවක් සංවිධාන කළා. කොරෝනා වසංගතය හේතුවෙන් අනික් සියලු කටයුතු වගේම මේ සිනමා සැන්දෑවත් තාවකාලිකව නතර වුනත් ඒ වැඩසටහන යළිත් ආරම්භ කරන්න සංවිධායකයින් සූදානම්. මෙවර වැඩසටහනට දින නියම වී තිබෙන්නේ සැප්තැම්බර් 25 වැනි සිකුරාදා. සවස 3.00ට මහජන පුස්තකාලයේ උඩු මහලේදී මේ වැඩසටහන පැවැත්වෙනවා. මෙවරත් චිත්‍රපටය පිලිබඳ දේශනයට සහභාගී වන්නේ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ.
2009 වර්ෂයේ ඉරානයේ පර්සියානු භාෂාවෙන් නිර්මාණය කෙරුණු About Elly චිත්‍රපටය මෙවර ඔවුන් තෝරාගෙන තිබෙනවා. ඉරාන මධ්‍යම පාන්තික සමාජයේ මිනිස් සබඳතා අලලා නිර්මාණය කෙරනු මේ විශිෂ්ඨ සිනමාපටය රචනා කොට අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ Asghar Farhadi විසිනුයි. විදෙස් චිත්‍රපට උළෙල කිහිපයකම සම්මාන ලැබීමට සහ නිර්දේශිත නාම අතරට එක්වීමට මේ චිත්‍රපටය සමත්ව තිබෙනවා. විශේෂයෙන්, 82 වැනි ඇකඩමි සම්මාන උළෙලේ විදෙස් භාෂිත සිනමාපට කාණ්ඩය නියෝජනය කිරීමට ඉරානයෙන් ඉදිරිපත් කෙරුනේ මේ චිත්‍රපටයයි. 59 වැනි බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ Silver Bear සම්මානය හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් Farhadiට හිමිවුනා. ටෙහෙරානයේ 27 වැනි Fajr ජාත්‍යන්තර සිනමා උළෙලේ සම්මාන 10ක් සඳහා නිර්දේශ වෙමින් හොඳම අධ්‍යක්ෂණය සඳහා Crystal Simorgh සමානය දිනා ගැනීමටත් මේ චිත්‍රපටය සමත්ව තිබෙනවා.
Golshifteh Farahani, Teraneh Alidoosti, Shahab Hosseini, Mani Haghighi, Peyman Moaadi ඇතුළු ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වන මේ සිනමාපටය මිනිත්තු 119ක ධාවන කාලයකින් යුක්තයි. සැප්තැම්බර් 25 වැනිදා සවස 3 සිට චිත්‍රපටය රසවිඳින්න, ඒ ගැන කතා කරන්න, ඔබත් එක්වන්න.
Written by Nisanka Weheraduwa