Aditya Roy Kapoor “Thadam” හින්දි ප්‍රතිනිර්මාණයේ.

Avatar Nisanka Weheraduwa | September 28, 2021 36 Views 0 Likes 0 Ratings

36 Views 0 Ratings Rate it

Remakes හෙවත් ප්‍රතිනිර්මාණ යම් සිනමා කර්මාන්තයක පසුගාමීත්වය පෙන්වන සාධකයක් නොවුණත්, අසීමිතව කෙරෙන ප්‍රතිනිර්මාණ නිසා කර්මාන්තයට ලොකු බලපෑමක් විය හැකියි. අද බොලිවුඩය ඒ තත්වයට මුහුණ දෙමින් තිබෙන බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා. බොලිවුඩයේ විශාල වශයෙන් ප්‍රතිනිර්මාණය කෙරෙන දකුණු ඉන්දියානු චිත්‍රපට ප්‍රමාණය නිසා බොහෝ සිනමා රසිකයින්, විචාරකයින් සිටින්නේ කලකිරීමකින්. ඒ ප්‍රතිනිර්මාණ ගොන්නට අලුතෙන්ම එක් වුණ සිනමාපටය තමයි Thadam.
2019 වසරේ විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත් Thadam දමිළ සිනමාපටයේ  ප්‍රධාන චරිතය නිරූපණය කළේ Arun Vijay විසින්. Magizh Thirumeniගේ අධ්‍යක්ෂණයක් වූ Thadam චිත්‍රපටයේ කතාව සර්වසම නිවුන්නු දෙදෙනෙකු  වටා ගෙතී තිබුනා. ඔවුන් අතරේ දෝලනය වන අපරාධයක් විසඳීමට වෙහෙසෙන පොලිස් නිලධාරීන්ව මුල් කරගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටය මීට මාස කිහිපයකට පෙර Red නමින් තෙලිඟු  භාෂාවෙනුත් remake වුනා. මෙවර හින්දි භාෂාවට ප්‍රතිනිර්මාණය වන Thadam චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Bushan Kumarගේ T-Series සහ Murad Khetaniගේ Cine1 Studios එකතුවෙනුයි. ඔවුන් විසින් Vardhan Ketkar කියන නවක අධ්‍යක්ෂකවරයාව මේ නිර්මාණය අධ්‍යක්ෂණයට තෝරා ගෙන තිබෙනවා. මේ ඔහුගේ පළමු අධ්‍යක්ෂණය බවත් සඳහන්.
නිෂ්පාදකයින් විසින් මෙම චිත්‍රපටය සහ නළු නිළි පිරිස පිළිබඳව පසුගිය වසරේ ජුනි මාසයේදීයි මුල් වරට විස්තර ඉදිරිපත් කළා. නමුත් මේ වන විට එම තීරණ සමහරක් වෙනස් වී තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතය සඳහා Sidharth Malhotraව යොදා ගැනීමට මුලදි සැලසුම් කර තිබුනත්, ඔහු වෙනුවට Adithya Roy Kapoorව යොදා ගන්නා බවට නිෂ්පාදකයින් පසුව ප්‍රකාශ කළා. නමුත් ඊට හේතුව තවමත් අණාවරණය වී නැහැ.
“We’re excited to announce our next, a thriller starring #AdityaRoyKapur in a double role for the first time.
Hindi remake of the Tamil hit, #Thadam. To be directed by #VardhanKetkar.
Produced by #BhushanKumar’s @TSeries & @MuradKhetani’s @Cine1Studios. 
@aseem_arora “
T Series තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා Adityaගේ පැමිණීම දැනුම් දුන්නේ එහෙමයි.
2009දී London Dreams හරහා සිනමාවට පිවිසි ඔහු, Aashiqui චිත්‍රපටය නිසා එක් රැයකින් මුලු ඉන්දියාවේම අතිශය ජනාදරයට පත් වෙන්නට සමත් වුණා. ඉන්පසුව Ok Jaanu, Kalank, Malang වැනි නිර්මාණ තුළින් දැකගන්නට ලැබුණු ඔහුව මෑතකදී අවසාන වතාවට හමු වන්නේ Netflix හරහා නිකුත් කළ Ludo චිත්‍රපටයෙන්. ඉන්දියාවේ ප්‍රධාන පෙළේ චිත්‍රපට විචාරකයින් පවසන අන්දමට මුල් නිර්මාණයට වඩා වැඩි ක්‍රියාදම දර්ශන සහිත action packed movie එකක් විදිහට මෙය නිර්මාණය වනු ඇති. ඒ වගේම Aditya Roy Kapoorගේ පළවෙනි ද්විත්ව චරිත නිරූපණය මේ සිනමපටයෙන් දැකගත හැකිවේවි. තිර පිටපත කියවූ සැනින් ඔහු මේ චිත්‍රපටය භාර ගැනීමට කැමැත්ත පළ කළ බවත් අධ්‍යක්ෂකවරයා පවසා තිබෙනවා.
Aditya සමඟ මෙහි ප්‍රධාන කාන්තා චරිතය රඟපාන්නේ මරාති නිළියක විසිනුයි.  ඇය Mrunal Thakur. Vitti Dandu මරාති චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය 2018දී Love Sonia තුළින් හින්දි සිනමාවටත් එකතු වෙනවා. Toofan, Super 30 වැනි නිර්මාණ හරහා උතුරු ඉන්දියාව තුළ තමන්ගේ ස්ථාවරත්වය රඳවා ගත් ඇගේ මීළඟ සිනමාපටය වන්නේ Shahid Kapoor රඟන Jersey චිත්‍රපටයයි. නිෂ්පාදක කණ්ඩායම සැලසුම් කළ ආකාරයට ලබන මාසයේ සිට නව දිල්ලියේදී රූගත කිරීම් ඇරඹීමට නියමිත අතර එළඹෙන 2022 වසරේදී මේ ප්‍රතිනිර්මාණය නැරඹීමටත් අවස්ථාව උදා විය හැකියි.
Share

36 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.