Agenda14 චිත්‍රපට උළෙල – කෙටි චිත්‍රපටකරුවෝ සම්මාන ලබති

Avatar Nisanka Weheraduwa | December 11, 2018 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

Agenda 14 ආයතනය වාර්ෂිකව කෙටි චිත්‍රපට උළෙලක් සංවිධානය කරනවා. කෙටි චිත්‍රපට නිර්මාණය කරන දිවයින පුරා විසිරී සිටින නිර්මාණවේදීන් ඇගයීම සඳහා ඔවුන් මෙම කටයුත්ත වසර ගණනාවක් තිස්සේ කරගෙන ආ ව්‍යාපෘතියක්. මෙවර පැවැත්වුනේ එහි 8 වැනි අදියරයි.

දෙසැම්බර් 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ජර්මානු සංස්කෘතික ආයතනයේදී මෙම උළෙල පැවැත්වුනා. ජූරිය මගින් නිර්මාණකරුවන් අතුරින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදු කෙරුනා. උළෙලේ ජූරිය වශයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පිරිසක් කටයුතු කළා. සිනමාවේදී අසෝක හඳගම, රංගවේදිනි කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රවීණ ගත්කතුවර සමන් වික්‍රමාරච්චි, Juan Carlos, Lemas Polania සහ Cayatri Diwakalala එම ජූරියට ඇතුළත් වුනා.

උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස Dimon John නිර්මාණය කළ Waves Interrupted කෙටි චිත්‍රපටය සම්මාන ලැබුවා. ජූරියේ විශේෂ ඇගැයීමක් ලෙස Roshan Edwardගේ Wind through the holes චිත්‍රපටයට සම්මාන හිමිවුනා. හරිත සම්මානය හිලුෂ හේවාගම නිර්මාණය කළ Arise කෙටි චිත්‍රපටයට හිමිවුනා. මෙවර හොඳම මතුබලාපොරොත්තු සහිත සිනමාකරුවා ලෙස Dulanka Devendra සම්මාන ලැබුවේ ඔහුගේ Children of white කෙටි චිත්‍රපටය වෙනුවෙනුයි.

චිත්‍රපට සඳහා රංගනයෙන් දැක්වූ දායකත්වය අගයමින් මහේන්ද්‍ර පෙරේරා, චන්දිම කරුණාදාස සහ සෙල්වම් ප්‍රනාන්දු වෙත ඇගයීම් සහතික පිරිනැමුනා. වසරේ හොඳම Gender sensitive කෙටි චිත්‍රපටය ලෙස Waves interrupted සම්මාන ලැබුවා. සුනිලා අබේසේකර අනුස්මරණ මානව හිමිකම් ත්‍යාගය හිමිවුණේ රොෂාන් එඩ්වඩ්ගේ wind through the holes කෙටි චිත්‍රපටයටයි.

සම්මාන සඳහා නිර්දේශිත වුනු අනිකුත් චිත්‍රපට මෙසේයි.

Mahasen Kalahe for ‘Walv’
(Nominated for Best Film and Human Rights Prize)
Randi Pavi Kaluarachchi for ‘Bless This Home’
(Nominated for Best Film and Human Right Prize)
Rahula Jayasekara for ‘Black Money’
(Nominated for Best Film)
Sumedha Ranasinghe for ‘Pitch Darkness’
(Nominated for Most Gender Sensitive Film)

 

Share

3 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.