අයිශ්වර්යා නැන්දම්මා එක්ක රණ්ඩුවී නිවස හැර යයි?

Avatar Cinema.lk | November 27, 2013 27 Views 0 Likes 0 Ratings

27 Views 0 Ratings Rate it

ප‍්‍රකට බොලිවුඞ් නිළි අයිශ්වර්යා රායි 2007 වසරේදී අභිෂේක් බච්චන් සමග විවාහවූ දා සිට මේ වනතුරු වසර 6ක් පදිංචිව සිටියේ අභිෂේක්ගේ මව පියාද වාසය කරන මුම්බායිහි බච්චන් මහගෙදරය. එහි අයිශ්වර්යාගේ මාමණ්ඩිය වූ අමිතාබ් සහ නැන්දම්මා වූ ජයා සමග මේතාක් කල් හොඳින් සිටියත් අයිශ්වර්යා දැන් නැන්දම්මා සමග ප‍්‍රශ්න ඇතිකරගෙන තිබෙන බව බොලිවුඞ් වෙබ් අඩවි වාර්තා කරයි. අයිශ්වර්යාට දරුවන් නොසිටි කාලයේ ඇය කාර්ය බහුල චරිතයක්වූ නිසා නැන්දම්මා ඇසුරු කරන්නට අවස්ථා අඩුවූ නමුත් දියණිය ආරාධ්‍යා ලැබුණ පසු පසුගිය වසර දෙකක පමණ කාලය අයිශ්වර්යා ඇය වෙනුවෙන් ගතකළේ මේ නිවසේය.

මේ කාලයේ නැන්දම්මා සමග ගනුදෙනු කරන්නට අයිශ්වර්යාට වෙනදාට වඩා සිදුවුණ අතර දියණියට අවුරුදු එකහමාරක් පමණ වෙද්දී අයිශ්වර්යා නැවතත් උත්සව අවස්ථාවලට සහභාගී වන්නටත් කලා කටයුතු ගැන සලකා බලන්නටත් උනන්දුවීම නැන්දම්මාට රුස්සන්නේ නැති කරුණක් වී තිබෙනවා. නැන්දම්මාගේ අදහසවී තිබෙන්නේ තවත් කාලයක් අයිශ්වර්යා දැරිය වෙනුවෙන් කැපවිය යුතු බවකි. එසේම තවත් දරුවෙකු හදන්න යයි ඇය බල කර තිබෙනවා.

අයිශ්වර්යාට එවැනි අදහසක් නොතිබුණ නිසා ජයා බච්චන් තමන්ගේ පුද්ගලික ජීවිතයට බලපෑම් කරන බව පවසමින් ගැටුම් ඇතිකරගෙන ඇත්තේ මේ නිසාය. මේ බව අයිශ්වර්යා ඇගේ කිට්ටුම හිතවතුන්ට පවසා ඇත. මේ දිනවල අයිශ්වර්යා මහගෙදරින් මිදී සැමියා දරුවා සමග වෙනත් නිවසකට යන්නට කල්පනා කර ඇති බවත් නිවෙස් සොයන්නට මුම්බායිහි ස්ථාන ගණනාවක් පරීක්ෂා කර ඇති බව මාධ්‍ය වෙත වාර්තා ලැබී ඇති බවත් ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරනවා.

khelein-hum-jee-jaan-se-music-launch-11

112

Share

27 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.