Ajey Devgn ආදායම් බදු දෙපාර්තමේන්තුවට

Avatar Nisanka Weheraduwa | March 22, 2018 181 Views 0 Likes 0 Ratings

181 Views 0 Ratings Rate it

විවිධ ආකාරයේ තේමාවන්ගෙන් යුතු සිනමා නිර්මාණ හඳුන්වා දෙන බොලිවුඩ් පුරයෙන් මාර්තු මාසයට හඳුන්වා දෙන අලුත්ම සිනමා නිර්මාණය Raid. 2018 වර්ෂයේම නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටයට පසුබිම් වන්නේ 80 දශකයේ ඉන්දියාවේ සිදුවූ සිදුවීමක්. Indian revenue service දෙපාර්තම්නේතුවට කොමසාරිස්වරයකු ලෙස පත්ව එන Abhay Patnayak සහ කළු සල්ලි ජාවාරම්කරුවන් අතර ඇතිවන ගැටුම් සහගත තත්වයන් මේ කතා පුවත හරහා ගෙනෙන බව පුර්ව ප්‍රචාරක පටයෙන් පෙන්නුම් කෙරෙනවා. Raj Kumar Gupta විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. Raj Kumar සමග Ritesh Shah මේ චිත්‍රපටයේ තිර රචනයට   දායකවී තිබෙනවා. චිත්‍රපටයේ  ප්‍රධාන භූමිකාව රඟපාන්නේ Ajey Devgn විසින්. ඔහු ආදායම් බදු කොමසාරිස්වරයා ලෙස රංගනයේ යෙදෙනවා. Ileana D’cruz, Saurash Shukla ඇතුළු නළු නිලියන් පිරිසක් මෙහි සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා. Amrit Thrivedi සංගීත නිර්මාණයෙන් දායක වූ මේ චිත්‍රපටයට Alphonse Roy කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස දායක වී තිබෙනවා. මාර්තු මස සිට ලොව පුරා මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීම අරඹා තිබෙනවා.

Share

181 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.