Sri Lanka's Best Cinema Portal

 

මේ වසරේ රිදී තිරය සරසන ආකර්ෂා සිනමාපටයේ ගීත

0
Posted February 23, 2016 by Cinema.lk A in Articles
akarsha movie (2)

හෙළ සිනමාවේ උන්නතිය උදෙසා උත්තේජනයක් වෙමින්, වසර ගණනාවකට පසු ජාතික සංහිදියාව පිළිබද තිරසාර විසදුමක් රටට අවැසි මොහොතක, ඒ වෙනුවෙන් සිතීමට යමක් සිනමාව තුළින් ඉදිරිපත් කිරීමට ගත් වෑයමක් ලෙස ආකර්ෂා චිත්‍රපටය හදුන්වා දිය හැක.

කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව සටන් බිමට බට වීර යුද හමුදා නිලධාරියෙක් සහ යුධ ගිනි මැද තල් අරණ සුන්දර පාරාදීසයක් කරමින් එය සුවදවත් කළ සොදුරු යෞවනයේ මානවිකාවක් වටා ගෙතුණු ආදර අන්දරයක් ලෙසින් කරලියට පැමිණෙන ආකර්ෂා, දාරක ස්නේහයට මැදි වන මවකගේද  , යුධ ගිනි දැල් මගින් දෙකඩ කරනා ජිවිතයේ අතීත සුවය සොයනා පියකුගේද  මෙන්ම  මේ කිසිත් නොදන්නා සුරතල් දරුවෙකු ඔහු සොයනා මාපිය සෙනෙහස මතින් එක්ව පියමනිනා අයුරු ඉතා මැනවින් ප්‍රතිභාව කරනා විරල ඝනයේ සිනමා සිත්තමකි.  ප්‍රේක්ෂක සිත්සතන් මුසපත් කරනා ආකර්ෂණිය සිනමා සිතුවමක් ලෙස මෙය සුව හසක් සින්මලොලින් ඉතා ආදරයෙන්  වැළද ගනු නොඅනුමානය.

රූප භාවිතය මෙන්ම  සහ සංගීත සංයෝජන රසයද මැනවින්  එකට කැටි කරමින්, ප්‍රේක්ෂක රසඥතාව ඉතා අනගි ලෙස පිනවීමට සමත්  මෑත සිනමාවේ බිහි වන අතිශය සුන්දරතම ආදර අන්දරයක්  ලෙස ආකර්ෂා ඔබ වෙත තිලිණ වන්නේ, ආකර්ශනීය නළු නිලි කැලකගෙන්ද සමන්විතවය. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ඔස්සේ, යශෝධරාවගේ චරිතයට පණ පොවමින්, ඉතා ජනාදරයට පත් සුරූපී භාරතීය නිළි අංචල් සිං, මෙවර ආකර්ෂා ලෙසින්ද, වීර හමුදා නිලධාරියා ලෙසින් සිනමාවට හදුන්වා දෙන නවක නළු යසස් රත්නායකගේ රංගනයෙන්ද හැඩවන මෙය ශ්‍රියාණි අමරසේන, ඩග්ලස් රණසිංහ, ඩබ්ලිව්. ජයසිරි, ජයලාල් රෝහණ, මොරින් චාරුණි, රමණි සිරිවර්ධන, ශ්‍රීමාල් වෙඩිසිංහ, දර්ශන් ධර්මරාජ්, චරිත් අබේසිංහ, නලින් ප්‍රදීප් උඩුවෙල, සරත් චන්ද්‍රසිරි, ඉෂාන් ගම්මුදලි,  කාවිංග පෙරේරා, ශලිනි තාරකා, නිමන්ති පෝරගේ, නිල්මිණි කොට්ටෙගොඩ, ටෙඩි විද්‍යාලංකාර, දුෂන්ත් වීරමන් වැනි ප්‍රවීණ නළු නිලි පිරිසක්ද තම රංගනයෙන් දායක වෙයි.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා අධ්‍යක්ෂණයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක සමන් වීරමන් මහතාගේ  තිර රචනයෙන් සහ උපදේශන අධ්‍යක්ෂණය මගින්ද, සිංහාවලෝකනය සිනමා සිතුවම ඔස්සේ සිනමාවට ප්‍රවිෂ්ඨ වෙමින්, තම පළමු සිනමා නිර්මාණය මගින්ම හෙළ සිනමාවේ කඩඉමක් ලකුණු කල, ස්පන්දන වැනි නවමු ආරේ පර්යේශ්නාතමක සිනමා කෘති ඔස්සේ වාණිජ්‍ය සිනමාව අතික්‍රමණය කළ, සොදුරු යෞවනයේ හද ගැස්ම හදුනන සිනමා අධ්‍යක්ෂක සුනෙත් මාලිංග ලොකුහේවාගේ අධ්‍යක්ෂනයෙන්ද හැඩ ගැන්වෙන ආකර්ෂා චිත්‍රපටය වෙත සහාය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක ජයවර්ධනද,  කැමරා අධ්‍යක්ෂනයෙන් ප්‍රභාත් රොෂන් ද, සංස්කරණයෙන් ශාන් අල්විස්ද, විශේෂ පරිඝණකදෘෂ්‍ය  ප්‍රයෝග මගින් චත්‍ර වීරමන් සහ භාරත හෙට්ටිආරච්චිද අංග රචනය මගින් තාරක අධිකාරිද, කලා අධ්‍යක්ෂණය මගින් අජිත් හත්වැල්ලද, නර්තන වින්‍යාස අධ්‍යක්ෂණය මගින් ගයාන් ශ්‍රීමාල්ද ,  යන ප්‍රවීණ තාක්ෂණික ශිල්පීන්ද තම දායකත්වය සපයා ඇත.

සප්ත ස්වරයේ ප්‍රේමාන්විතය සංගීතය වෙත මුසු කරමින් සංගීත අධ්‍යක්ෂණයෙන් දර්ශණ රුවන් දිසානායකද,  ගී පද රචනයෙන් අමිල තේනුවර, බන්දුල නානයක්කාරවසම් සහ  නන්දන වික්‍රමගේද ගීත ගායනය මගින් උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසුරිය, ශම්මිකා  අමානි, ළමා ගායක ඩිල්ශාන් මල්ෂක කරුණාසිංහද  දායකත්වය සපයමින් සංගීතයේ ළයාන්විත මිහිරියාව ආකාර්ෂා තුළ ගොඩනගා ඇත.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ අසීමිත සහායක් ල්බිමට තරම් වාසන්වන්ත සිනමා සිතුවමක් වූ ආකර්ෂා සිනමා නිර්මාණයේ නිෂ්පාදක මඩුල්ල වන්නේ ප්‍රභාත් චමින්ද පෙරේරා , හැරිස් උද්දික මහදිවුල්වැව, නලින් නිශාන්ත ධර්මප්‍රිය, නීල් ප්‍රසන්න දසනායක යන පිරිසය.

ජාති, ආගම්, කුල, වර්ණ වැනි භේදකාරි ජේදනයන් මෙන්ම සංහිදියාවට එරෙහිව නැගෙනා සමාජීය සහ සංස්කෘතික පරතරයද පරාජය කෙරුමට ආදරය සහ සෙනහස යන මුලයන්  වෙත ඇති ප්‍රබල හැකියාව මනාව නිරුපණය කරනා “ ආකර්ෂා” චිත්‍රපටය බාල මහළු තරුණ වැඩිහිටි භේදයකින් තොරව සැමට එකසේ රසවිදිය හැකි චිත්‍රපටයක් බව නොඅනුමානය.

akarsha movie (3) akarsha movie (4) akarsha movie (5) akarsha movie (1) akarsha movie (2)

ගීත සියල්ල මෙතැනින්




 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2