Akshay Kumar ,The Undertaker සමඟ ගැටුමකට යයිද..??

Avatar Nisanka Weheraduwa | June 27, 2021 36 Views 0 Likes 0 Ratings

36 Views 0 Ratings Rate it

Akshay Kumarගේ රංගන ජීවිතයේ සුවිශේෂීම සිනමාපටයක් විදිහට හැඳින්වෙන Khiladiyon Ka Khiladi, පසුගිය ජූනි 14වනදා සිය 25වන සංවත්සරය සැමරුවා.,. ඔබත් මේ චිත්‍රපටය නැරඹු අයෙක් නම් එහි එක් ජවනිකාවක් වන ආක්ෂේ සහ The Undertakerගේ සටන හොඳින්ම මතක ඇති. චිත්‍රපටයේ 25වන සැමරුම සිදු වුණු පසුගියදා මේ සටන් ජවනිකාව මුල් කරගනිමින් කිසිවෙකුත් නොහිතපු විදිහේ අපූරු සිදුවීමක් වුණා. ඒ තමයි The Undertaker විසින් Akshayට සැබෑ WWE තරඟයක් සඳහා ආරාධනා කිරීම.

Khiladi චිත්‍රපට මාලාවේ සිව්වන දිගහැරුම ලෙසින් 1996 වසරේදී තිරගත වුණු Khiladiyon Ka Khiladi චිත්‍රපටය දැවැන්ත ආදායමක් ලබමින් අති සාර්ථක අන්දමින් තිරගත වුණු නිර්මාණයක්. ඊට ප්‍රධානම හේතුවක් වුණේ The Undertakerගේ චරිතයත් මේ සිනමාපටයේ තිබීමයි. නමුත් සිනමාපටයේ Undertakerගේ චරිතය නිරූපණය කළේ සැබෑ Mark Calaway නොවෙයි. Khiladiyon Ka Khiladi හි Undertaker චරිතය රඟපෑවේ වෘත්තිමය WWF සටන්කරුවෙකු වූ Brain Lee විසිනුයි.නමුත් මුලදී නම් බොහෝ බොලිවුඩ් රසිකයින් විශ්වාස කළේ මේ රඟපාන්නේ සත්‍ය Undertakerම බවයි. කෙසේ නමුත්, Brain Lee මෙම චරිත අනුකරණය සිදු කර තිබුණේ WWE/WWF ආයතනයේ කිසිදු අවසරයකින් තොරව බවත් අන්තර්ජාලයේ සඳහන්.

Khiladiyon Ka Khiladi සිනමාපටයට අනුව Undertaker හා Akshay Kumar අතර සටන් තරඟයෙන්  Akshay ජය ලබනවා. ඔහු විසින් Undertakerව පරාජයට පත් කරමින් තරඟයේ ජයග්‍රහණය ලබා ගන්නා ආකරයටයි චිත්‍රපටයේ කතාව ගොඩ නඟා තිබුණේ. ඉතින් චිත්‍රපටයේ 25වන සංවත්සරය යෙදී තිබූ මෙම ජුනි 14වනදා ආක්ෂේ විසින් අපූරු Instagram පළකිරීමක් තමන්ගේ රසිකයින් සමඟ බෙදා ගත්තා. කිසිවෙකුත් නොහිතපු ආකාරයට Viral වූ එය අවසානයේදී නැවතුණේ Undertaker ලඟින්.

සිද්ධියේ අපූරුම අවස්ථාව දැනුයි. Akshay Kumarගේ Instagram පෝස්ට් එකට comment කළ Undertaker, ඔහු හා නැවත තරඟයක් තමන්ට අවශ්‍ය බව කියා සිටියා. මෙවැනි දෙයක් සිදුවෙතැයි ඔහු නම් කිසිවිටෙකවත් සිතන්නට නැතුවැති.

“ Ha! Tell me when you’re ready for a REAL rematch! ”

ප්‍රමාද නොවූ Akshay ඉක්මනින්ම ඊට පිළිතුරු ලබා දුන්නේ ඇතැම්විට තම රසිකයින් වැරදි වටහාගැනීමක් ඇති කරගනු ඇතැයි සිතූ නිසා වෙන්නටත් පුලුවන්. කෙසේ වෙතත් ඔහු විහිලුවෙන්ම Undertakerට පිළිතුරු දුන්නේ මේ ආකාරයටයි.

“ @undertaker Let me check on my insurance and get back, bro! “

WWE ඉතිහාසය තුළ බිහි වුණු දැවැන්තම සටන් තාරකාව තමන්ගේ සුපර්ස්ටාර් වෙනුවෙන් කොමෙන්ට් කිරීම, බොහෝ Akshay රසිකයින්ට සතුටුදායක මොහොතක් වී තිබුණලු. පහුගිය දින කිහිපයේ ඉන්දියානු ගොසිප් සයිට්ස් බොහෝමයකම වගේ උණුසුම්ම පුවත වුණෙත් මෙයයි.

Share

36 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.