Alia Bhatt මනාලියක වෙයි..?
බොලිවුඩයේ ජනප්රිය වගේම රූමත්, දක්ෂ නිළියක වන Alia Bhatt මනාලියක වූ බව ඇගේ රසිකයින් වගේම බොලිවුඩ් සිනමාවට කැමති බොහෝ දෙනෙක් උනන්දු වූ පුවතක් වුනා. ඇත්තටම මොකක්ද මේ කතාව..?
ආලියා සිය පෙම්වතා වූ රන්බීර් කපූර්ගේ ඥාතිවරයාගේ අවමගුල අතරතුර විවාහයක් සිදුකරගත්තේ කොහොමද..? ඔන්න ඔය වගේ පුවත් අන්තර්ජාලයේ පළවන්නට වුනා. ඒ වගේම ඇගේ රසිකයින් මේ ගැන නොයෙක් comments දාන්නත් පටන් ගත්තා. කොහොම වුනත් මේ පුවතට හේතු වුනේ ආලියා තමන්ගේ social media pages වලට එකතු කළ පින්තූරයක්. බරින් සහ වටිනාකමින් වැඩි විලාසිතාවකින් යුතු ලෙහෙන්ගා ඇඳුමක් ඇඳ සිටි ඇය දෑතේ මෙහෙන්දිත් ගල්වා තිබුනා. ඒ වගේම ඇය පින්තූරයේ පෙනී සිටියේ ජනප්රිය තරු රැසකගේ විශේෂ අවස්ථාවන්හි මෙහෙන්දි ගැලවූ ශිල්පිනියක වන Veena Nagda සමගිනුයි. කොහොම වුනත් මේ පින්තූරය අලුත් වෙළඳ දැන්වීමක් සඳහා රූගත කෙරෙන අවස්ථාවක ලබාගත් පින්තුරයක් බව පසුව සඳහන් කොට තිබුනා.
පසුගිය කාලයේ ආලියා රසිකයින්ගේ දෝෂාරෝපණයට ලක්වුයේ ඇය ඉතාමත් උද්දච්ඡ ගති පැවතුම් ඇති නිළියක බව කියමින්. Sushant Singh Rajput ගේ මරණයට ඇය සම්බන්ධ බවටත් කටකතා පතිරගියා වගේම ඇගේ ජනප්රියත්වයත් සීග්රයෙන් පහත වැටුනා. කෙසේ නමුත් ඇය මාලදිවයිනේදී අලුත් චිත්රපටයක රූගත කිරීම් කරමින් සිටි බවත් රජීව් කපූර් මියගිය අවස්ථාවේ සිය පෙම්වතා සමග දුක බෙදාහදා ගැනීම වෙනුවෙන් ඉක්මනින් නැවත ඉන්දියාවට පැමිණී බවත් බොලිවුඩ් වෙබ් අඩවි වාර්තා කොට තිබුනා.
Written by Nisanka Weheraduwa