Sri Lanka's Best Cinema Portal

 

Aliaa Battට අපූරු උපන්දින තෑග්ගක්

0
Posted March 15, 2018 by Nisanka Weheraduwa in Gossip
alia-bhatt-instagram_650x400_81521089429

ඉන්දීය ජනප්‍රිය මෙන්ම දක්ෂ නිළියක් වන Aliaa Batt පසුගියදා සිය 25 වනි උපන් දිනය සැමරුවා. තමා කරන අටයුත්ත කෙරෙහි ඇති දැඩි කැපවීම සහ හැකියාවත් නිසා අලියා බාත් ඉතා ඉක්මනින් සාර්ථකත්වය කරා ළඟාවූ ශිල්පිනියක්. ඇය 2016 වසරේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුනෙත් ඒ නිසාමයි. කෙසේ නමුත් 25 වැනි උපන් දිනය සමරන මොහොතේත් ඇය සිටියේ රුගත කිරීමක. ඒ Raazi නමින් නම්කොට ඇති මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන පසුතලයේ සිට පින්තූර දෙකක් ඇය අන්තර්ජාලයට මුදාහැර තිබුනා.

දින 25ක් රුගත කිරීම් සිදුවන පසුතලයේ සිට උපන් දිනය සැමරීමට ලැබීම සතුටක් බව ඇය පවසා තිබුනා. එසේම ඇගේ උපන් දිනයෙන් දින 25කට පසු එනම් අප්‍රේල් මස 09 වැනිදා මේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය (Trailer) නිකුත් කෙරෙන බව නිවේදනය කිරීම පිලිබඳ ඇය මහත් සතුටට පත්ව තිබෙනවා. තමා ලද හොඳම උපන්දින තෑග්ග එය බව ඇය අන්තර්ජාලයට එක්කළ පණිවිඩයේ සටහන් වනවා.

“Movies or in this case MY movies aren’t just something I do for a living… it’s kinda the reason I feel like I’m alive. So, on my 25th birthday, I’ve randomly picked out two images from the 25th day of shoot of Raazi and the trailer will be out 25 days from today (9th April)… Happy birthday to me,” ලෙස ඇය ඇගේ Instagram පිටුවේ සටහන් කොට තිබෙනවා.

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2