අමන්දාගේ නළු පෙම්වතා එක පාරට කෙල්ලෝ දෙන්නෙක්ට ලව් කරලා

Avatar Cinema.lk A | April 17, 2014 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

අමන්දා නිලුක්ෂි කියන්නේ මීට ටික කාලේකට ඉහත දී කලා ලෝකයට පිවිසිලා මේ වන විට හොඳ ස්ථාවරයක් ගොඩනඟා ගත් දක්ෂ ඒ වගේම රූමත් රංඟන ශිල්පිණියක්.ක්ෂ්‍රේත්‍රය පුරාම මැයව ප්‍රසිද්ධ වෙලා හිටියේ රංඟන ශිල්පිණියකට වඩා ලංකාවේ නමගිය කලාකරුවෙක්ගේ පුත්‍රයෙකුගේ පෙම්වතිය විදියටයි.තාත්තා වගේම පුතාත් රටම හඳුනන නිසාවෙන් මේ දෙන්නාගේ ප්‍රේමය බොහෝ පුවත්පත් වල මුල්පිටු සැරසුවා.හැබැයි මේ වන විට මේ ආදර සම්බන්ධතාවය දෙදරලා ගිහින්…මේ වන විට මේ ගැන විවිධ ගොසිප් වෙබ් අඩවි නොයෙක විදියේ දේවල් ගොතලා පළකරලා තිබුණත්,මේ සිද්ධියේ ඇත්ත කතාව අමන්දා ප්‍රසිද්ධ පුවත්පතක් ඉදිරියේ හෙලිකරනු ලැබුවා.මේ තියෙන්නේ අමන්දා ඒ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවෙන් කොටසක්…

 

* අමන්දා, ඇස්දෙක වගේ හිටිය දෙන්නට මේ මොකද වුණේ?

අපි වෙන්වුණා අයියේ.

 

* ඒ මොකද?

එයා හරි වංකයි. චපලයි. හරිම බොරු කාරයෙක්.

 

* හේතුව?

එහෙම තමයි. එයාට මට වැඩිය ආදරේ කරපු කෙනෙක් ඉඳලා තියෙනවා.

 

* කොහෙද?

ජා ඇල පැත්තේ. ඒ සම්බන්ධයට අවුරුදු හතක්ලු.

 

* ඔබ හා ඔහුගේ ආදර කතාවට කොච්චර කල්ද?

වසර තුනයි.

 

* මේ වසර තුන ඇතුළත ඔබට ඔහුගෙ වෙනසක් දැණුනෙ නැතිද?

අන්න ඒකයි ඔහුගේ දක්ෂකම. මාව මාර විදහට රැවැට්ටුවා. මාව විතරක් නොවෙයි අර ගැහැනු ළමයවත් රැවැට්ටුවා.

 

* ඔබ සහ ඔබේ පෙම්වතා ගැන නිතරම මාධ්‍යවල පළ වුණානෙ?. අර ගැහැනු ළමයා ඒවා දැකලා නැද්ද?.

තියෙනවා. ඔහුගෙන් මං ගැන අහලත් තියෙනවා.

 

* එතකොට ඔහු මොකද කියලා තියෙන්නේ?

ඒවා පරණ කතන්දර කියලා මඟහැරලා.

 

* ඒත් මේ ඊයේ පෙරේදා පුවත් පත්වලත් ඔබ දෙපොළ ගැන පින්තුර පවා පළ වුණානෙ?

දිගින් දිගටම අපි ගැන පළ වෙද්දි අර ගැහැනු ළමයාගෙ අයියා මගෙ යාළුවෙකුගේ, යාළුවෙකුගෙන් මං ගැන හොයලා බලලා. අපි දෙන්නගෙ සම්බන්ධය ගැන ඇත්ත ඔවුන්ට හෙළිවෙලා. ඒ ගැහැනු ළමයා මට කතා කරලා හොඳටම ඇඬුවා.

 

* ඉතින්?

මම ඇයව හොයාගෙන ගියා. ඇයගෙ දුරකථනයෙන් මගෙ පෙම්වතාට කෝල් එකක් අරගෙන ෆොන් එකේ ස්පීකර් ඔන් කළා. ඔහු කියපු දේවල් මොනවද කියලා දන්නවද?

 

* නැහැ?

එයා අර ගෑනු ළමයට හරිම ආදරෙන් කතා කළා. සුදු, පැටියෝ, වගේ වචනදලා ‘ඔයා නැතුව මට බෑ’ කියලත් කිව්වා. ඇය ෆොන් එක කට් කළාට පස්සෙ මමත් ඔහුට කෝල් එකක් අරන් ස්පීකර් ඔන් කළා. ඒ ටිකමයි මටත් ඔහු පැවසුවේ. මට දරාගන්න බැරිව ගියා. මං එවේලේම ඔහුට බැන්නා. හිතේ කේන්තිය යනකම් දොස් කිව්වා.

 

* ඔබ දෙපොළගෙ සම්බන්ධය බිඳ දමන්න කවුරු හරි ප්ලෑන් කරලා කරපු වැඩක් වෙන්න බැරිද මේක?

කොහෙත්ම වෙන්න බැහැ. මං ඔහු ගැන තව තවත් හොයලා බැලුවා. ඔහුට මෙවැනි සබඳකම කිහිපයක්ම තිබිලා තියෙනවා.

 

* ඒවත් ඔප්පු වුණාද?

ඔව්, ගිය මාසෙ මෙයාගෙ උපන් දිනය තිබුණේ. මං සර්ප්‍රයිස් කරන්න හිතාගෙන රෑ දොළහට පවුලෙ අයත් එක්ක ඔහුගේ ගෙදර ගියා. ඔහු හිටියේ නැහැ. පාන්දර එකට විතර ඔහු ආවා. කොහෙද ගියෙ ඇහුවාම කිව්වෙ ජිම් ගියා කියලා. මේ මහ රෑ මොන ජිම් ද අයියේ. ඔහු එදා වෙන ගෑනු ළමයෙක් එක්ක උපන් දිනය සමරලයි ගෙදර ඇවිත් තියෙන්නේ. මට පින්තූරත් එක්ක විස්තරේ ලැබුණා, ඔහු වෙන කෙනෙක් එක්ක කේක් කපපු හැටි.

 

* ඔබගෙන් ඔහුට යම් අඩුපාඩුවක් සිදු වී ඇත්ද?

මොන අඩුපාඩු ද අයියේ. මගෙන් නොලැබෙන 15% ඇයගෙන් ලැබෙනවලු. 85% ක ආදරයක් විඳින්නලු මාව තියාගෙන ඉඳලා තියන්නේ.

 

* එතකොට කසාද බඳින්න නෙවෙයිද ඔහු ඔබට ළංවෙලා තියෙන්නේ?

නැහැ, ඔහු මාව ෂෝ එකට තියාගෙන තියෙන්නේ. ලෝකෙට පේන්න මාව බොරුවට එහෙ මෙහෙ ගෙනියන්න.

 

* මෙමඟින් ඔබට ලොකු අවමානයක් සිද්ධ වුණේ?

කිසි කෙනෙක් මගෙ දිහා බැලුවේ නැහැ වැරදි ඇහැකින්. හැමෝම කිව්වෙ ඔයා බේරුණා කියලා.

ඒ කියන්නේ ඔහුගේ කල් ක්‍රියාව බොහෝ දෙනෙක් දැනන් ඉඳලා තියෙනවා. ඇයි ඒ බවක් රට්ටු ඔබට කිව්වෙ නැත්තේ.

මිනිස්සු ප්‍රකාශ කළ දේවල්වලින් ටිකක් මගේ හිත හැදුණා.

 

* ඇත්තටම ඔබේ හිත ගොඩක් බිඳෙන්න ඇති?

ඔව්, මං සතියක්ම ඇඬුවා. ජීවිතේ එපා වුණා. යාළු මිත්‍රයො, මගෙ පවලෙ අය මාව සැනසුවා.

 

* වර්තමානයේ ඔබේ තත්ත්වය කොහොමද?

එක අතකින් සතුටුයි මාව බේරිච්ච එකට. ඒ ගැන මතක්කරලා මං දෙවියන්ට තුති පුදනවා. බැරිවෙලාවත් කසාද බැන්දනම් මං ඉවරයි. පුදුම කපටියෙක් එයා.

 

* ආයෙත් ආදරයක් ගැන හිතන්නේ නැති පාටයි?

බුදු අම්මෝ, ආදරයට දැන් මං බයවෙලා. මේ ලද කම්පනයෙන් මං කම්පාවට පත්වුණා. සුපුරුදු වැඩකටයුතු පටන් ගන්න බොහෝ කාලයක් ගතවුණා. ආයේ ජීවිතේ වරද්ද ගන්නෙ නැහැ මං. ඔහුට වෛර කරන්නෙත් නැහැ. ඔහු පිළිබඳ කිසිම ද්වේෂයකින් නෙවෙයි අදටත් මං ඉන්නේ.

 

සටහන – ප්‍රසාද් සමරතුංග – සරසවිය

 

Share

3 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.