Amir Khanගේ අලුත්ම පෙනුමට හේතුව

Avatar Nisanka Weheraduwa | November 19, 2019 84 Views 0 Likes 0 Ratings

84 Views 0 Ratings Rate it

Mohammed Amir Hussain Khan  කියන්නේ බොලිවුඩ් සිනමාවේ ඉන්න අති දක්ෂයින් අතුරින් කෙනෙක් කියන එක ගැන විවාදයක් නැහැ. Amir Khan මෙතෙක් රඟපෑ චරිත බොහොමයකින් ඔහු ඒ බව පැහැදිලිවම පෙන්වා තිබෙනවා. 90 දශකයේදී වාණිජ සිනමාවේ චරිත අතර තරුණ විය ගෙවා දැමුවත් ඔහු කෙමෙන් කෙමෙන් වාණිජ සහ කලාත්මක කියන අංශ දෙකටම ඇතුළත් වන චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට මෑත කාලයේදී අපට ඔහුව හමු වනවා. වයස අවුරුදු 54ක් වන ඔහු, මෙතෙක් රඟපෑ චරිත අතර Earth (1998) හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය විදිහට ඇකඩමි සම්මානයට නිර්දේශ වුනු Lagaan (2001), Taare Zameen Par (2007), Gajini (2008), 3 idiots (2009), PK (2014), Dangal (2016), Secret Superstar (2017) වගේ චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර වැඩි අවධානයක් දිනාගත්තා. මේ කියන්න යන්නේ ඔහු ගැන අලුත්ම ආරංචියක්.

Amir Khan සම්පුර්ණ ස්වදේශික ඉන්දියානුවකු විදිහට පෙනෙන පින්තුරයක් ඔහුගේ Instagram පිටුවේ පලවී තිබුනා. ඒ ඔහු රඟපාන අලුත්ම චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් බව පසුව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා. චිත්‍රපටයේ නම Laal Singh Chaddha. මේ චිත්‍රපටය සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නක් බවත් සඳහන්. අමීර් මෙහි ප්‍රධාන චරිතය රඟපාන බවට ආරංචිය පැතිර යාමත් එක්ක බොලිවුඩ් සිනමා රසිකයින් ඒ ගැන දැඩි අවදානයක් යොමු කළා. ඒ නිසාම මේ චිත්‍රපටය පිලිබඳ පළමු පෝස්ටරය අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. චරිතය වෙනුවෙන් දැඩි කැපකිරීමක් කරමින් පුරුදු පුහුණුවීම, ආහාර පාලනය, ශරීර ප්‍රමාණය වෙනස් කිරීම ආදිය සිදුකිරීමට අමීර්ට සිදුවූ බවත් ඉන්දියානු වෙබ් අඩවියක් වන NDTV වාර්තා කොට තිබුනා. කිලෝ 20කින් පමණ බර අඩු කරගෙන වෛද්‍ය උපදෙස් සහ ව්‍යායාම් සමග ශරීරය සකසා ගැනීමට ඔහු දැඩිව කැපවීමෙන් වෙහෙසුනු බවත් එම වාර්තා වලින් පැවසෙනවා. අමීර් ඛාන්ගේ තවත් අපූරු චරිත නිරූපණයක් බොලිවුඩ් රසිකයින්ට 2020 වසර අවසානයේ නැරඹීමට හැකිවේවි.

Share

84 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.