Sri Lanka's Best Cinema Portal

 


ඔව්! මම හිතුවක්කාරයි – [paper articles]

0
Posted April 5, 2013 by Cinema.lk A in Uncategorized
10

‘අනිත්‍යා’ සැහැල්ලුවෙන් රඟපෑ චිත්‍රපටයක්

රංගන ශිල්පිණි මැණික් විජේවර්ධන

l ඔබේ පළමු සිනමා සම්ප්‍රාප්තිය අනිත්‍යා ඔබ දකින්නේ කොහොමද?

මරණය කියන දේ අපි හැමෝටම පොදුයි. අනිත්‍යා තුළින් කතා කරන්නේ මේ පොදු ධර්මතාවය පිළිබඳව. මුලින් මේ චිත්‍රපටිය නම් කර තිබුණේ ලයිෆ් කියලා. නමුත් අධ්‍යක්‍ෂ නාලක විතානගේ ඇතුළු කණ්ඩායම මේ චිත්‍රපටියට සිංහල නමක් යොදන්න හිතුවා. ඒ අනුව අනිත්‍යා කියන නම යෝජනා කළේ විශ්ව බාලසූරිය. ඔහුට ස්තූති කරන්න ඕනා. මම හිතන්නේ අනිත්‍යා කියන නම මේ චිත්‍රපටියට හොඳින්ම ගැළපෙනවා.

සම්පුර්ණ ලිපිය මෙතැනින් දිනමිණ – චතුරිකා ගමගේ


අනිත්‍යා වෙනස්‌ම ප්‍රේම කතාවක්‌
– අධ්‍යක්‍ෂ නාලක විතානගේ

සිනමාව නමැති මහා සාගරය තරණය කිරීමට තරුණ අධ්‍යක්‍ෂවරයෙක්‌ සිය පළමු පියවර සටහන් කරයි. නියත නැති ජීවිතය තිරය ඔස්‌සේ දිගහරිමින් සිනමාවට පා තබන මේ තරුණයා… නාලක විතානගේය.

නාලකගේ සිනමා සම්ප්‍රාප්තිය “අනිත්‍යා”ය. “අනිත්‍යා” මෙම 22 දා පටන් එම්. පී. අයි. මණ්‌ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වේ.

මිලාන් වයස අවුරුදු විසිඅටයි. පෞද්ගලික ආයතනයක රැකියාව කරන තරුණයෙක්‌. චේතනා වයස අවුරුදු විසිපහයි. මිලාන්ගේ පෙම්වතිය වන ඈ විදේශ රටක අධ්‍යාපනය හදාරන්නීය. ෙච්තනා රිය අනතුරකින් මියගිය පුවත අසන මිලාන් තම ජීවිතයද පෙම්වතිය වෙනුවෙන් කැප කිරීමට තීරණය කරයි. මැදියම් රැයේ කොළඹ පාලමක්‌ මතට ඔහු එන්නේ ඉන් පැන දිවි තොරකර ගැනීමටය. “සියල්ල අවසන්” යෑයි සිතමින් මිලාන් පාලමෙන් පහළට පැනීමට උත්සාහ දරද්දී උදව් ඉල්ලා කෑගසන තරුණියකගේ

සම්පුර්ණ ලිපිය මෙතැනින් අජිත් අලහකෝන් දිවයින


 

ජනපි‍්‍රය ලේබලයට මම කැමති නැහැ

නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ අනිත්‍යා චිත්‍රපටයේ කෞෂි නමැති ප්‍රධාන චරිතයට දායක වන්නේ ඇයයි.ඇය නමින් මැණික් වි‍‍‍ජේවර්ධනයි.තම ප්‍රථම චිත්‍රපට රංගනය මෙය වුවද,මැණික් පළපුරුදු රංග ශිල්පිනියකට එහා ගිය ප්‍රතිභාපුර්ණ රංගනයක යෙදෙන බව බොහෝ විචාරක මතයයි.

සම්පුර්ණ ලිපිය මෙතැනින් ලංකාදීප


 

කවුරුවත් කියන ඒවායින් මං සැලෙන්නෙ නෑ

  • ‘අනිත්‍යා’ ඔයාගේ පළමු සිනමා රංගනය. කොහොමද ඒ අත්දැකීම?

හරිම අපූරුයි. අලුත් විදියට හිතන පතන අලුත් පරපුරක් එක්ක වැඩකිරීමට පහසුවුණා වගේම සුන්දර අත්දැකීමක් වුණා.

  •  මුල්ම රංගනය හැටියට ඔයාට කැමරාව ඉදිරියේදී අපහසුවක් ඇති වුණාද?

නෑ මට එහෙම නුහුරක් දැනුණෙ නෑ. මං පාසල් නාට්‍යවල රඟපාලා, පාසල් නාට්‍යවලට අධ්‍යක්ෂණයෙන් සහාය වෙලා තිබුණා. ඉස්කෝලේ Commercial දෙක තුනකත් හිටියා.

  •  රංගනයට පෙර ඔබ නිරූපිකාවක් නේද?

මං මගේ Hobby එකටයි Modlin කළේ.

  • නිරූපිකාවක් හැටියට ඉදිරියට කටයුතු කිරීමේ අදහසක් නැද්ද?

නිරූපිකාවක් විදියටවත් නිළියක් විදියටවත් එක දිගට රැඳී සිටීමේ මගේ බලාපොරොත්තුවක් නෑ.

  •  එහෙනම් ඔයා ඉදිරියට රඟපාන්න බලාපොරොත්තුවක් නැද්ද?

සම්පුර්ණ ලිපිය මෙතැනින් ධම්මිකා අක්මීමන – මව්බිම


 

ඔව්! මම හිතුවක්කාරයි

පසුගියදා සිට තිරගත වීම ඇරැඹි නාලක විතානගේ ගේ අනිත්‍යා සිනමා සිතුවම හරහා තවත් අලුත් කථානායිකාවක් අප රිදී තිරයට එකතු විය. ඇය මැණික් විජේවර්ධනය.

අනිත්‍යාහි කවුෂි නම් වූ අභියෝගාත්මක චරිතය නවකත්වය පරයා ඉස්මතු කොට නිරූපණය කරමින් ප්‍රේක්ෂක මෙන්ම විචාරක අවධානයට නතු වූ ඇය ව්‍යාපාරික පවුලක පුරුකක් ද වන්නීය. රංගන චාරිකාව පටන්ගත් පළමු නිර්මාණය අනිත්‍යා වුවත් එමඟින් නිත්‍ය බලාපොරොත්තු රැසක් දෝතා දරා ගත් මැණික් මෙතැන් සිට ඔබ හා ලෙංගතු වනු ඇති.

මැණික්, කොහොමද ඔබට අනිත්‍යාහි කවුෂිව හිමිවන්නේ?

මගේ ඡායාරූප වගයක් අරන් තිබ්බා මාලක කියල අයියා කෙනෙක්. ඔහුගේ යාළුවෙක් තමයි නාලක විතානගේ. නාලක, මාලකගෙන් අහලා තියනවා චිත්‍රපටයකට ගන්න අලුත් කෙනෙක් ගැන. එතකොට මාවයි ඔහුට මතක් වෙලා තියෙන්නේ. මාලක අයියා හාරහා නාලක අයියාව හඳුනාගන්න ලැබුණා. නාලක අයියා මගේ හැකියාව ගැන තීරණයකට ඇවිත් කවුෂිගේ චරිතයට ආරාධනා කළා. ඔන්න ඔහොමයි මම අනිත්‍යා හා සම්බන්ධ වන්නේ.

එතකොටත් ඔබට රංගනය සඳහා ආරාධනා ලැබිලා තිබුණාද?

ඔව්. චිත්‍රපට හතරකට කතා කරලයි තිබුණේ. ඒත් මං ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා.

හේතුව?

සම්පුර්ණ ලිපිය මෙතැනින් ප්‍රසාද් සමරතුංග – සරසවිය

 

 

Share

About the Author

Cinema.lk A