Sri Lanka's Best Cinema Portal

 


ආගෝ චිත්‍රපටයේ සැබැ වීරයා සොයා ගිය ගමනක්

0
Posted April 1, 2013 by Cinema.lk A in Articles
argo

1979 නොවැම්බර් 4 දා ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක පවුරු බිඳ දැමූ රැඩිකල්වාදී ඉරාන ජාතික උද්ඝෝෂකයින් පිරිසක්, එහි සේවයේ නියැළී සිටි ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් හැටහතර දෙනෙකු පැහැරගනු ලැබුවේ, මාරාන්තික පිළිකා රෝගයකට ගොදුරුව ඇමරිකාවේ ප්‍රතිකාර ලබමින් සිටි ‘සිය නායකයා වූ මොහොමඩ් රීසා පහලවි හට නඩුවට පෙනී සිටීම සඳහා යළි සිය රටට භාර දෙන ලෙසට නියෝග කරමිනි. කලකදී ලොවේම අවධානය ඇමරිකාව හා ඉරානය දෙසට කේන්ද්‍රගත කළ මෙකී ආන්දෝලනාත්මක සිදුවීම මෑතකදී යළිත් වරක් ලොව කළඹන්නට පටන් ගන්නා ලද්දේ ඉතිහාසයේ පිටු අතරින් කලඑළි බැස හොලිවුඩ් තිරය මත එය ප්‍රතිනිර්මාණයවීමනිසාවෙනි.

පිරි හොලිවුඩ් නළු බෙන් ඇෆ්ලෙක් ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බවට පත් කළා වූ, ඉකුත් දිනක පැවැත්වුණ අසූපස්වන ඔස්කා සිනමා සම්මාන උළෙ‍ලේදී (හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවද හොඳම අධ්‍යක්ෂවරයා ලෙස එහිදී කිරුළු පැළඳීමට තරම් ඇෆ්ලෙක් වාසනාවන්ත නොවිණි.) හොඳම චිත්‍රපටය වනු ඇති බවට බුකීකරුවන් අතර වැඩිම ඔට්ටු තැබිම් සංඛ්‍යාවක් හිමි කරගත්තාවූද ආගෝ වෙතින් කරළියට පැමිණෙන සැබෑම වීරයා නම් ‘බෙන් ඇෆ්ලෙක්’ විසින් නිරූපණය කළ ‘ටෝනි මෙන්ඩෙස්’ නම් වූ සී.අයි.ඒ. නිලධාරියාය. සිය සගයින් ඉරාන විප්ලවකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වත්දී, ආක්‍රමණිකයින්ගේ ඇස්වලට වැලි ගසා තානාපති කාර්යාලයේ පිටුපසවූ දොරටුවකින් පැන යාමට සමත්වූ ඇමරිකානු නිලධාරීන් සය දෙනෙකු කැනේඩියානු තානාපතිවරයාගේ නිවසේ රැකවරණයට පත්වීමට තරම් වාසනාවන්ත වුවද, කොයි මොහොතේ හෝ නමුදු ඉරාන විප්ලවකරුවන් විසින් හෝ ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඔවුන් සොයාගනු ඇතැයි යන බිය කා තුළත් නළියමින් පැවතිණි. ලෝකයේම අවධානය විප්ලවකරුවන්ගේ අත්අඩංගුවේ පසුවූ ප්‍රාණ ඇපකරුවන් වෙත යොමුව පැවතියද අත්අඩංගුවේ පසුවන්නන් සේම විප්ලවකරුවන්ගේ උකුසු ඇසින් සැඟවී පසුවන්නන්ද, නිරුපද්‍රිතව මව් රටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එකල ඇමරිකානු ජනපති ජීමී කාටර් මුහුණ දෙනුයේ තීරණාත්මක අර්බුදයකටය. ඒකී භාරදූර්ය කර්තව්‍යයේ වගකීම භාර ගනුයේ බෙන් ඇෆ්ලෙක් විසින් රඟදක්වනු ලබන සී.අයි.ඒ. නිලධාරි ‘ටෝනි මෙන්ඩෙස්’ නමැති අභීත පුරුෂයා විසිනි. රාජ්‍ය තාන්ත්‍රිකයින් සය දෙනා ඉරානයෙන් පිටතට ගෙන ඒමේ අවදානමට මුහුණ දීමට ප්‍රථම කිසිවෙකුගේ සැකයට බඳුන් නොවී ඉරානයට ඇතුළුවීමේ අභියෝගය ජයගත යුතුව තිබිණි. අද හැත්තෑතුන්වන වියේ පසුවන මෙන්ඩෙස් එදා තමා මුහුණ දුන් උභතෝකෝටික ගැටලුව සිහිපත් කරමින් පවසනුයේ මෙබඳු අවස්ථාවලදී සාමාන්‍යයෙන් ඔවුන් අනුගමනය කරන ඒකාකාරී පටිපාටිය වූ ගුරුවරුන්, ඛනිජතෙල් කාර්මිකයන් හෝ ‍පෝෂණවේදීන් ලෙස වෙස්වලා ගැනීමක් කෙරෙහි විශ්වාසය තැබිමට නොහැකි වූ බවයි. අනෙක් අතින් ඔහුට ගනුදෙනු කිරීමට සිදුවූයේ මෙබඳු රහසිගත මෙහෙයුම් පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ පෙර පුහුණුවක් නොතිබුණු ප්‍රාණ ඇපකරුවන් සය දෙනෙකු සමග වීම වගකීමේ අසීරුතාවය දෙගුණ තෙගුණ කිරීමට හේතු වී තිබිණි.
අවසානයේදී සුපුරුදු සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු නවතම සැලසුමක පිහිට පැතීමට අදිටන් කර ගත් මෙන්ඩෙස්, හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකට සුදුසු දර්ශන තලයන් සෙවීමේ නිරත කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස පෙනී සිටිමින් ටෙහෙරානයේදී සිය සැබෑ අනන්‍යතාව ඒ තුළ දිය කර හැරීමට තීරණය කළේය. අද මෙන්ම එදත්, කවදත් හොලිවුඩ් චිත්‍රපටකරුවන්, දේශපාලනික අර්බුද හෝ වෙනත් ජීවිත අවදානම් සහගත සාධක නොතකා සිය සිනමාපටයේ සාර්ථකත්වය වෙනුවෙන් ලොව ඕනෑම අන්තයකට වුවද යාමට පෙළඹෙන්නන් ලෙස ප්‍රචලිත වීම ඔහුගේ අවස්ථාවෝචිත තීරණයට මහඟු පිටිවහලක් විය. 1980 වසරේදී ඩොලර් දසදහසක මුදලක් අතැතිව ලොස් ඇන්ජලීස් නුවර වෙත පියෑඹූ මෙන්ඩෙස්, තිර පිටපත් රචකයෙකු සොයා ගැනීමට පමණක් නොව, ‘ස්ටූඩියෝ 6’ යන අන්වර්ථ නාමයකින් (ගලවා ගැනීමේ මෙහෙයුමට ලක්වන ප්‍රාණ ඇපකරුවන් සය දෙනා සංකේතවත් කරමින්) හැඳින්වුණු සිය ව්‍යාජ නිෂ්පාදන සමාගම සඳහා ඉඩකඩද වෙන් කර ගැනීමටද මෙන්ඩෙස් කාර්යශූරවිය. අතීතයේ පටන් සී.අයි.ඒ. සංවිධානය හා හොලිවුඩය සමීපව කටයුතු කොට තිබිමෙන් ලද පන්නරයද මීට හේතු වූවාට සැක නැත. දෙදිනක් ඇතුළතදී ‘ආගෝ’ ලෙස නම් කෙරුනු නවතම සිනමා නිර්මාණයක් සඳහා තිර පිටපතක් සැකසෙන ලද්දේ එකල බොක්ස්ඔෆීස් වාර්තා පිහිටුවීමට සමත්වූ ස්ටාර් වෝස් තුන් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාවේ ආභාෂය නොඅඩුව ලබමිනි. අවිනිශ්චිතවූද මිථ්‍යා කල්පිත වූද ස්ථානයක් පසුබිම් කොට ගනිමින් දිග හැරෙන නවතම සිනමා නිර්මාණය, කිසිදු ආකාරයක ව්‍යාජ මවාපෑමක් නොවන බව ඒත්තු ගැන්වීම සඳහා ‘ඥබඪඥබර’, ‘ඩ්ධතතරඹධධඤ අඥනධපබඥප’ වැනි සඟරා ආධාරයෙන් සිය චිත්‍රපටයට පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක් ලබාදීමට තරම් මෙන්ඩෙස් සිය සැලසුමේ අන්තයටම යන ලද්දේ යම් හෙයකින් ඉරාන බලධාරීන් විසින් සිය චිත්‍රපටයේ පසුබිම් විස්තර ගවේෂණය කළහොත් කිසිදු සැකයක් ඇති නොවනු පිණිසය. කෙතරම් යථාර්ථවාදී ලෙස සිය සැලසුම් සකස්කළද, සී.අයි.ඒ. සංවිධානයේත්, කැනේඩියානු හා ඇමරිකානු රාජ්‍ය බලධාරීන්ගේත් අනුමැතිය ඊට ලබා ගැනීම සඳහා තවත් සති කීපයක කාලයක් ගත වූයේ සැබෑ තත්ත්ව හමුවේදී මතුවිය හැකි අනපේක්ෂිත ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවීම නිසාවෙනි. ප්‍රාණ ඇපකරුවන් හට නිකුත් කරනු ලබන ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඇමරිකානුද, කැනේඩියානුද නැතහොත් අන් විදේශීය නියෝජනයකින් සිදුවිය යුතුද යන්න සම්බන්ධයෙන්ද දිගු සාකච්ඡා බොහෝමයක් පවත්වන ලද්දේ සැලසුම අසාර්ථක වීමයනු ඊට දායක වූ රජයත් දැඩි අපහසුතාවටද, ඊටත් වඩා ප්‍රාණ ඇපකරුවන් සය දෙනාගේ ජීවිත නියත අවදානමටද ලක්කරන්නක්දවූහෙයිනි.

සාමාන්‍යයෙන් මෙබඳු අන්තරාකාරී මෙහෙයුම් සඳහා ආරක්ෂක පූර්වෝපායක් ලෙස ප්‍රධාන සැලසුමට අතිරේක සැලසුමක්ද සම්පාදනය කරනු ලැබුවද, මෙන්ඩෙස්ගේ ‘ආර්ගෝ’ සැලසුම යම් හෙයකින් අසාර්ථක වන ලකුණු මතුවුවහොත් ඒ වෙනුවෙන් ප්‍රතිස්ථාපනය කළ හැකි  අතිරේක සැලසුමක්ද නොවීය. සියල්ල කෙතරම් රහසිගතව සිදුවීද යත් අවසානයේදී මෙන්ඩෙස් ටෙහෙරානය බලායාමට සූදානම් වන විට ඔහුගේ බිරිය මෙන්ම සී.අයි.ඒ. නිලධාරිනියකද වූ ‘ජොනා මෙන්ඩෙස්’ පවා සිය සැමියාගේ සැලසුම් පිළිබඳව නොදැන සිටියාය. එපමණක්ද නොව සාමාන්‍යයෙන් ජනාධිපතිවරුන් හා සී.අයි.ඒ. නිලධාරීන් අතර සෘජු සම්බන්ධතාවක් පැවතීම අතිශයින් විරල සිදුවීමක් වුවද මෙහෙයුමේ වූ සුවිශේෂිභාවය නිසාම එකල ජනපති ජීමී කාටර් විසින් මෙහෙයුමේ සාර්ථකත්වය පතමින් මෙන්ඩෙස් හට පෞද්ගලිකවම සුභාශිංසනයක් එවීමට අමතක නොකළේය.

ඔහු ටෙහෙරානය වෙත පැමිණෙන කළ එහි තිබූ තත්ත්වය ඔහු අපේක්ෂා කළ පරිදිම විය. රාත්‍රියේදී වීදි පුරා ධාවනය කෙරෙන විප්ලවීය ආරක්ෂකයන් රැගත් ජීප් රථ වලින් මග දිගට වූ ගොඩනැගිලිවලට වෙඩි එල්ල කෙරුණේ එය විප්ලවකරුවන්ට විනෝදය ගෙනෙන කදිම මාර්ගයක් බවට පත් කරමිනි. ටෙහෙරානය තුළ පැවැත්වීමට සැලසුම් කොට තිබූ සියලුම සම්මන්ත්‍රණ හා සමුළු අත්සිටුවා තිබූ අතර විප්ලව කරුවන්ගේ ආධිපත්‍යයට නතු වූ නගර වීදි සරන ඇමරිකානුවකු වීම එකල ඉතා අන්තරාකාරි විය. එසේ වුවද තමාත් තම සගයා වූ ‘ජුලියෝ’ හොලිවුඩ් නියෝජිතයින්ගේ ව්‍යාජ සෙවණැල්ලට මුවා වී සිදු කළ රංගනය බලා‍පොරොත්තු වූ පරිදිම විප්ලවකරුවන්ගේ සිත් ගත් නිසාම මෙන්ඩෙස් හට අවදානමක් එල්ල වූයේ නැත. අද මෙන්ම එදා ද හොලිවුඩ් ශිල්පීන්ට ලොව කොතැනත් හිමිවූයේ කුතුහලය මුසුවූ ඉහළ පිළිගැනීමකි.

බලා‍පොරොත්තු සිඳී යමින් පැවති සමයකදී උදාවූ එක් ෙදෙවෝපගත දිනකදී එනම් 1980 ජනවාරි 25 දා මෙන්ඩෙස් හා ඔහුගේ සගයා, ටෙහෙරානයේ පිහිටි කැනේඩියානු තානාපති නිල නිවසේදී ප්‍රාණඇපකරුවන් පිරිස මුණ ගැසුණහ. ඒ වන විටද අනන්තයක් වන් වූ දින අසූහයක කාලයක් ලොවෙන් වසන් වූ ජීවිතයක් ගෙවීමට සිදුවීම නිසාවෙන්ම මානසිකව පීඩාපත්ව සිටි නිලධාරීන් සය දෙනා යළි උදේ‍යා්ගිමත් කිරීමටත්, ජීවිතය පිළිබඳ නව බලා‍පොරොත්තුවක් ලබා දීමටත් මෙන්ඩෙස්ගේ‘ආගෝ’ සැලසුමට හැකි විය. සියලුදෙනාවම ‘ස්ටුඩියෝ 6’ හි ව්‍යාපාරික කාඩ්පත්ද, ඇඳුම් පැළඳුම්වලින්ද පමණක් නොව ව්‍යාජ කැනේඩියානු ගමන් බලපත්‍රවලින්ද සන්නද්ධ කළ මෙන්ඩෙස් මීළඟ පැය හතළිස් අටක කාලය තුළදී, ඔවුන්ට මුහුණ දීමට සිදුවිය හැකි ගැටලු අසනු ලැබිය හැකි තීරණාත්මක ප්‍රශ්නවලට පිළිතුරුද සිය කණ්ඩායමට පැහැදිළි කළේය. හැකි තාක් විනෝදශීලි ලෙස මෙම මෙහෙයුම පිළිබඳව සිය ආධුනික සගයන් හට අවබෝධ කරවීමට මෙන්ඩෙස් උත්සාහ දැරූවද එහි අන්තරාකාරී බව කාටත් රහසක් නොවීය. සැලසුම ව්‍යර්ථවීම යනු ඉරාන විප්ලවකරුවන් අතින් සිය මරණ තීන්දුව ලියා ගැනීම බව කවුරුත් දැන සිටියද, ජීවිත අවදානමක් ගෙන හෝ මීට සහභාගි වීම හැරුණු කළ අන් විකල්පයක් ඔවුන්ට නොවීය.

ජනවාරි 28 දා සුරිච් බලා යන ගුවන් යානයට නැගීම සඳහා ටෙහෙරානය වෙත ගිය ‘ස්ටුඩියෝ 6’ කණ්ඩායමට තීරණාත්මක මුර ක‍පොළු රාශියක්ම පසු කිරීමට සිදුව තිබිණි. කාර්යක්ෂම බවින්ද විශ්වාසනීයත්වය අතින්ද ඉහළම මට්ටමක වූ  ‘ස්විස්එයාර්’ සමාගමට අයත් යානයක ආසන පෙර සිටම ඔවුහු වෙන් කරගෙන තිබූ අතර ඒ සඳහා හැකි තරම් අලුයමින් ටෙහෙරානයෙන් පිටත්වන යානයක්ම තෝරා ගැනීමට ඔවුහු පරෙස්සම් වූයේ අලුයමේ නිදිබරව පසුවන ආගමන විගමන නිලධාරීන් තමන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. ඒද මෙන්ඩෙස්ගේම බුද්ධි මහිමයට පහළ වූ අදහසකට අනුව වන අතර සිතූ පරිදිම ඒද සාර්ථකවිය. සුරිච් ගුවන්තොටුපළට නිරුපද්‍රිතව ළඟා වූ ඇමරිකානුවන් සය දෙනා රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරින් විසින් රැගෙන යනු ලැබූ අතර, මෙන්ඩෙස් හා ජූලියෝ කිසිවක් නුවූ ගණනට දිවා ආහාරවේල සඳහා අවන්හලක් වෙත යන ලද්දේ මීට ස්වල්ප වේලාවකට පෙර ඔවුන් නියැලුණු වික්‍රමය පිළිබඳව කිසිදු ඉඟියක් හෝ ප්‍රකාශ කිරීමකින් තොරවය. ස්තූති කිරීම් හෝ සුබපතා ගැනීම් සඳහා හෝ වේලාවක් නොවූ හෙයින්, එබන්දකින් තොරවම දෙපාර්ශ්වයවෙන්වගියේය.

ජනපති ජීමී කාටර් සමග පැවති පෞද්ගලික සාකච්ඡාවකින් පසුව 1980 මාර්තු මාසයේ දී දිවි පරදුවට තබා ඔහු කළ සේවය අගයනුවස් ඉතා රහසිගතව ඔහුට විශේෂිත පදක්කමක් (දබඥතතඪඨඥදජඥ ඉබචප) ලබා දුන් නමුදු එකී රහසිගත සුවිශේෂී මෙහෙයුම පුරා වසර දාහතකට අධික කාලයක් කෙතරම් රහසිගතව පවත්වා ගත්තේද යත් සී.අයි. ඒ. සංවිධානයේ අභ්‍යන්තර ‍ලේඛනයක හෝ ප්‍රකාශනයක ඒ ඇතුළත් වූයේ නැත. අවසානයේදී එතෙක් කල් දැවැන්ත රහසක්ව පැවති මෙහෙයුම මෙන්ඩෙස් විසින්ම ලෝකය සමගත් බෙදාහදා ගැනීමට මෙන්ඩෙස් ඉදිරිපත් වූයේ 1997 – 2004 අතර කාලයේදී සී.අයි.ඒ. අධ්‍යක්ෂවරයාව සිටි ‘ජෝර්ජ් ටෙනට්’ විසින් කළ ඉල්ලීමකට ගරු කිරීමක් ලෙසයි. බෙන් ඇෆ්ලෙක් විසින් රිදී තිරයට ගෙනෙන ලද්දේ මෙන්ඩෙස්ගේ එකී ත්‍රාසජනක මෙහෙයුමයි.

තිරපිටපත රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නොසෑහි ‘මෙන්ඩෙස්’ ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිතයද නිරූපණය කළ ඇෆ්ලෙක් නොයෙක්වර මෙන්ඩෙස් හා ඔහුගේ බිරිය හමුවී උපදෙස් ලබා ගැනීමට උත්සුක වූවා සේම සී.අයි.ඒ. සංවිධානය පරිශ්‍රය තුළට පවා විශේෂ අවසර මත ඇෆ්ලෙක් රැගෙන යමින් චිත්‍රපටය  සාර්ථක කර ගැනීමට මෙන්ඩෙස්ද සිය පූර්ණ සහයෝගය ලබාදී තිබිණි. ‘ආගෝ’ සල තිර මත නැගීමේ කර්තව්‍යයේදී බෙන් ඇෆ්ලෙක් සමග මෙන්ඩෙස් කෙතරම් සමීප ලෙස කටයුතු කළද චිත්‍රපටයේ මංගල දර්ශනයට එකල ප්‍රාණ ඇපකරුවන්ව සිටි ඇමරිකානුවන් සය දෙනාද, සමග සහභාගි වූ මෙන්ඩෙස් යුවළට පුදුමයට එම අවසන් මොහොතේදී අනපේක්ෂිත පුදුමයක්ද නෙතට කඳුළක්ද ගෙන දීමට ඇෆ්ලෙක් සමත්ව තිබුණේ තමා කිසිදා නුදුටු මෙන්ඩෙස් යුවළගේ අකාලයේ මියගිය පුතෙකු වූ ‘ඉයන්ගේ මතකයවෙනුවෙන්චිත්‍රපටයපුදකිරීමෙනි.

සාමාන්‍ය හොලිවුඩ් ශිල්පියෙකුට වඩා ඇෆ්ලෙක් බොහෝසෙයින් සුවිශේෂි වන්නේ ඔහු තුළ වන අව්‍යාජ සංවේදී හදවත නිසාය යන්න මෙන්ඩෙස්ගේ අවංක පිළිගැනීමයි.
එකල බොක්ස්ඔෆීස් වාර්තා පිහිටුවීමට සමත්වූ ස්ටාර් වෝස් තුන් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාවේ ආභාෂයද නොඅඩුව ලබමිනි. අවිනිශ්චිත වූද මිථ්‍යා කල්පිත වූද ස්ථානයක් පසුබිම් කොට ගනිමින් දිග හැරෙන නවතම සිනමා නිර්මාණය, කිසිදු ආකාරයක ව්‍යාජ මවාපෑමක් නොවන බව ඒත්තු ගැන්වීම සඳහා ‘චපඪඥබර’, ‘ඩ්ධතතරඹධධඤ අඥනධපබඥප’ වැනි සඟරා ආධාරයෙන් සිය චිත්‍රපටයට පුළුල් මාධ්‍ය ප්‍රචාරණයක් ලබාදීමට තරම් මෙන්ඩෙස් සිය සැලසුමේ අන්තයටම යන ලද්දේ යම් හෙයකින් ඉරාන බලධාරීන් විසින් සිය චිත්‍රපටයේ පසුබිම් විස්තර ගවේෂණය කළහොත් කිසිදු සැකයක් ඇති නොවනු පිණිසය. කෙතරම් යථාර්ථවාදී ලෙස සිය සැලසුම් සකස්කළද, සී.අයි.ඒ. සංවිධානයේත්, කැනේඩියානු හා ඇමරිකානු රාජ්‍ය බලධාරීන්ගේත් අනුමැතිය ඊට ලබා ගැනීම සඳහා තවත් සති කීපයක කාලයක් ගත වූයේ සැබෑ තත්ත්ව හමුවේදී මතුවිය හැකි අනපේක්ෂිත ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවීම නිසාවෙනි. ප්‍රාණ ඇපකරුවන් හට නිකුත් කරනු ලබන ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඇමරිකානුද, කැනේඩියානුද නැතහොත් අන් විදේශීය නියෝජනයකින් සිදුවිය යුතුද යන්න සම්බන්ධයෙන්ද දිගු සාකච්ඡා බොහෝමයක් පවත්වන ලද්දේ සැලසුම අසාර්ථක වීම යනු ඊට දායක වූ රජයන් දැඩි අපහසුතාවටද, ඊටත් වඩා ප්‍රාණ ඇපකරුවන් සය දෙනාගේ ජීවිත නියත අවදානමටද ලක් කරන්නක්ද වූ හෙයිනි. සාමාන්‍යයෙන් මෙබඳු අන්තරාකාරී මෙහෙයුම් සඳහා ආරක්ෂක පූර්වෝපායක් ලෙස ප්‍රධාන සැලසුමට අතිරේක සැලසුමක්ද සම්පාදනය කරනු ලැබුවද, මෙන්ඩෙස්ගේ ‘ආර්ගෝ’ සැලසුම යම් හෙයකින් අසාර්ථක වන ලකුණු මතුවුවහොත් ඒ වෙනුවෙන් ප්‍රතිෂ්ඨාපනය කළ හැකි  අතිරේක සැලසුමක්ද නොවීය. සියල්ල කෙතරම් රහසිගතව සිදුවීද යත් අවසානයේදී මෙන්ඩෙස් ටෙහෙරානය බලායාමට සූදානම් වන විට ඔහුගේ බිරිය මෙන්ම සී.අයි.ඒ. නිලධාරිනියකද වූ ‘ජොනා මෙන්ඩෙස්’ පවා සිය සැමියාගේ සැලසුම් පිළිබඳව නොදැන සිටියාය. එපමණක්ද නොව සාමාන්‍යයෙන් ජනාධිපතිවරුන් හා සී.අයි.ඒ. නිලධාරීන් අතර සෘජු සම්බන්ධතාවක් පැවතීම අතිශයින් විරල සිදුවීමක් වුවද මෙහෙයුමේ වූ සුවිශේෂීභාවය නිසාම එකල ජනපති ජිමී කාටර් විසින් මෙහෙයුමේ සාර්ථකත්වය පතමින් මෙන්ඩෙස් හට පෞද්ගලිකවම සුභාශිංසනයක් එවීමට අමතක නොකළේය.
ඔහු ටෙහෙරානය වෙත පැමිණෙන කල එහි තිබූ තත්ත්වය ඔහු අපේක්ෂා කළ පරිදිම විය. රාත්‍රියේදී වීදි පුරා ධාවනය කෙරෙන විප්ලවීය ආරක්ෂකයන් රැගත් ජීප් රථවලින් මග දිගට වූ ගොඩනැගිලිවලට වෙඩි එල්ල කෙරුනේ එය විප්ලවකරුවන්ට විනෝදය ගෙනෙන කදිම මාර්ගයක් බවට පත් කරමිනි. ටෙහෙරානය තුළ පැවැත්වීමට සැලසුම් කොට තිබූ සියලුම සම්මන්ත්‍රණ හා සමුළු අත්හිටුවා තිබූ අතර විප්ලවකරුවන්ගේ ආධිපත්‍යයට නතු වූ නගර වීදි සරණ ඇමරිකානුවකු වීම එකල ඉතා අන්තරාකාරී විය. එසේ වුවද තමාත් තම සගයා වූ ‘ජුලියෝ’ හොලිවුඩ් නියෝජිතයින්ගේ ව්‍යාජ සෙවණැල්ලට මුවා වී සිදු කළ රංගනය බලා‍පොරොත්තු වූ පරිදිම විප්ලවකරුවන්ගේ සිත් ගත් නිසාම මෙන්ඩෙස් හට අවදානමක් එල්ල වූයේ නැත. අද මෙන්ම එදා ද හොලිවුඩ් ශිල්පීන්ට ලොව කොතැනත් හිමිවූයේ කුතුහලය මුසුවූ ඉහළපිළිගැනීමකි.

බලා‍පොරොත්තු සිඳී යමින් පැවති සමයකදී උදාවූ එක් ෙදෙවෝපගත දිනකදී එනම් 1980 ජනවාරි 25 දා මෙන්ඩෙස් හා ඔහුගේ සගයා, ටෙහෙරානයේ පිහිටි කැනේඩියානු තානාපති නිල නිවසේදී ප්‍රාණඇපකරුවන් පිරිස මුණ ගැසුණහ. ඒ වන විටද අනන්තයක් වන් වූ දින අසූහයක කාලයක් ලොවෙන් වසන් වූ ජීවිතයක් ගෙවීමට සිදුවීම නිසාවෙන්ම මානසිකව පීඩාපත්ව සිටි නිලධාරීන් සය දෙනා යළි උදේ‍යාගිමත් කිරීමටත්, ජීවිතය පිළිබඳ නව බලා‍පොරොත්තුවක් ලබා දීමටත් මෙන්ඩෙස්ගේ‘ආගෝ’ සැලසුමට හැකි විය. සියලුදෙනාවම ‘ස්ටූඩියෝ 6’ හි ව්‍යාපාරික කාඩ්පත්ද, ඇඳුම් පැළඳුම්වලින්ද පමණක් නොව ව්‍යාජ කැනේඩියානු ගමන් බලපත්‍රවලින්ද සන්නද්ධ කළ මෙන්ඩෙස් මීළඟ පැය හතළිස් අටක කාලය තුළදී, ඔවුන්ට මුහුණ දීමට සිදුවිය හැකි ගැටලුද අසනු ලැබිය හැකි තීරණාත්මක ප්‍රශ්නවලට පිළිතුරුද සිය කණ්ඩායමට පැහැදිලි කළේය. හැකි තාක් විනෝදශීලී ලෙස මෙම මෙහෙයුම පිළිබඳව සිය ආධුනික සගයන් හට අවබෝධ කරවීමට මෙන්ඩෙස් උත්සාහ දැරූවද එහි අන්තරාකාරී බව කාටත් රහසක් නොවීය. සැලසුම ව්‍යර්ථවීම යනු ඉරාන විප්ලවකරුවන් අතින් සිය මරණ තීන්දුව ලියා ගැනීම බව කවුරුත් දැන සිටියද, ජීවිත අවදානමක් ගෙන හෝ මීට සහභාගි වීම හැරුනු කල අන් විකල්පයක් ඔවුන්ට නොවීය.
ජනවාරි 28 දා සුරිච් බලා යන ගුවන් යානයට නැගීම සඳහා ටෙහෙරානය වෙත ගිය ‘ස්ටුඩියෝ 6’ කණ්ඩායමට තීරණාත්මක මුර ක‍පොළු රාශියක්ම පසු කිරීමට සිදුව තිබිණි. කාර්යක්ෂම

බවින්ද විශ්වාසනීයත්වය අතින්ද ඉහළම මට්ටමක වූ  ‘ස්විස්එයාර්’ සමාගමට අයත් යානයක ආසන පෙර සිටම ඔවුහු වෙන් කරගෙන තිබූ අතර ඒ සඳහා හැකි තරම් අලුයමින් ටෙහෙරානයෙන් පිටත්වන යානයක්ම තෝරා ගැනීමට ඔවුහු පරෙස්සම් වූයේ අලුයමේ නිදිබරව පසුවන ආගමන විගමන නිලධාරීන් තමන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරනු ඇතැයි යන අපේක්ෂාවෙනි. ඒද මෙන්ඩෙස්ගේම බුද්ධි මහිමයට පහළ වූ අදහසකට අනුව වන අතර සිතූ පරිදිම ඒද සාර්ථකවිය. සුරිච් ගුවන්තොටුපළට නිරුපද්‍රිතව ළඟා වූ ඇමරිකානුවන් සය දෙනා රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රැගෙන යනු ලැබූ අතර, මෙන්ඩෙස් හා ජූලියෝ කිසිවක් නුවූ ගණනට දිවා ආහාරවේල සඳහා අවන්හලක් වෙත යන ලද්දේ මීට ස්වල්ප වේලාවකට පෙර ඔවුන් නියැලුණු වික්‍රමය පිළිබඳව කිසිදු ඉඟියක් හෝ ප්‍රකාශ කිරීමකින් තොරවය. ස්තූති කිරීම් හෝ සුබපතා ගැනීම් සඳහා හෝ වේලාවක් නොවූ හෙයින්, එබන්දකින් තොරවම දෙපාර්ශ්වය වෙන්ව ගියෝය. ජනපති ජීමී කාටර් සමග පැවති පෞද්ගලික සාකච්ඡාවකින් පසුව 1980 මාර්තු මාසයේ දී දිවි පරදුවට තබා ඔහු කළ සේවය අගයනුවස් ඉතා රහසිගතව ඔහුට විශේෂිත පදක්කමක් (දබඥතතඪඨඥදජඥ ඉබචප) ලබා දුන් නමුදු එකී රහසිගත සුවිශේෂී මෙහෙයුම පුරා වසර දාහතකට අධික කාලයක් කෙතරම් රහසිගතව පවත්වා ගත්තේද යත් සී.අයි. ඒ. සංවිධානයේ අභ්‍යන්තර ‍ලේඛනයක හෝ ප්‍රකාශනයක ඒ ඇතුළත් වූයේ නැත. අවසානයේදී එතෙක් කල් දැවැන්ත රහසක්ව පැවති මෙහෙයුම මෙන්ඩෙස් විසින්ම ලෝකය සමග බෙදාහදා ගැනීමට මෙන්ඩෙස් ඉදිරිපත් වූයේ 1997 – 2004 අතර කාලයේදී සී.අයි.ඒ. අධ්‍යක්ෂවරයාව සිටි ‘ජෝර්ජ් ටෙනට්’ විසින් කළ ඉල්ලීමකට ගරු කිරීමක් ලෙසයි. බෙන් ඇෆ්ලෙක් විසින් රිදී තිරයට ගෙනෙන ලද්දේ මෙන්ඩෙස්ගේ එකී ත්‍රාසජනක මෙහෙයුමයි. තිරපිටපත රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නොසෑහී ‘මෙන්ඩෙස්’ ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිතයද නිරූපණය කළ ඇෆ්ලෙක් නොයෙක්වර මෙන්ඩෙස් හා ඔහුගේ බිරිය හමුවී උපදෙස් ලබා ගැනීමට උත්සුක වූවා සේම සී.අයි.ඒ. සංවිධානය පරිශ්‍රය තුළට පවා විශේෂ අවසර මත ඇෆ්ලෙක් රැගෙන යමින් චිත්‍රපටය සාර්ථක කර ගැනීමට මෙන්ඩෙස්ද සිය පූර්ණ සහයෝගය ලබාදී තිබිණි. ‘ආගෝ’ සල තිර මත නැගීමේ කර්තව්‍යයේදී බෙන් ඇෆ්ලෙක් සමග මෙන්ඩෙස් කෙතරම් සමීප ලෙස කටයුතු කළද චිත්‍රපටයේ මංගල දර්ශනයට එකල ප්‍රාණ ඇපකරුවන්ව සිටි ඇමරිකානුවන් සය දෙනාද, සමග සහභාගි වූ මෙන්ඩෙස් යුවළට එම අවසන් මොහොතේදී අනපේක්ෂිත පුදුමයක්ද, නෙතට කඳුළක්ද ගෙන දීමට ඇෆ්ලෙක් සමත්ව තිබුණේ තමා කිසිදා නුදුටු මෙන්ඩෙස් යුවළගේ අකාලයේ මියගිය (ඔහුගේ කලින් විවාහයේ) පුතෙකු වූ ‘ඉයන්ගේ මතකය වෙනුවෙන් චිත්‍රපටය පුද කිරීමෙනි.
සාමාන්‍ය හොලිවුඩ් ශිල්පියෙකුට වඩා ඇෆ්ලෙක් බොහෝසෙයින් සුවිශේෂී වන්නේ ඔහු තුළ වන අව්‍යාජ සංවේදී හදවත නිසාය යන්න මෙන්ඩෙස්ගේ අවංක පිළිගැනීමයි.

රුක්ලන්ති පෙරේරා – ලක්බිම

 

Share

About the Author

Cinema.lk A