Art for Rights – තුන්වැනි දිනය දෙසැම්බර් 07 වැනිදා
Amnesty International ආයතනය කියන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකාරීව වැඩකරන ආයතනයක්. මානව හිමිකම් පිලිබඳ දැනුවත් කිරීම උදෙසා ඔවුන් කලා උළෙලක් සංවිධාන කොට තිබෙනවා. Art for Rights නමින් නම් කොට ඇති මේ කලා උළෙල ආරම්භ වුනේ පසුගිය දෙසැම්බර් 05 වැනිදා. දෙසැම්බර් 09 වැනිදා වනතෙක් මේ වැඩසටහන පැවැත්වෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී.
දෙසැම්බර් 07 වැනිදා කියන්නේ වැඩසටහනේ තුන්වැනි දිනය. අදත් විවිධ ප්‍රාසාංගික අංග සහ චිත්‍රපට දර්ශනයන් ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කොට තිබෙනවා. සවස 3 ට ආරම්භ වන වැඩසටහනේ මුලින්ම පැවැත්වෙන්නේ චායාරූප ප්‍රදර්ශනයක්. ඒ බංග්ලාදේශ චායාරූප ශිල්පී ශහිදුල් අලාම්ගේ කැමරා කාච සටහන් සහිත ප්‍රදර්ශනයක්. ඔහු පසුගිය කාලයේ දින 100ක් බන්ධනාගාරගතව සිට නිදහස් වුවෙක්. මානව හිමිකම් සම්බන්ධයෙන් ඔහු නිරන්තර අරගල කරන්නෙක්.
සවස 5 සිට 5.30 දක්වා කාලය වෙන් කෙරෙන්නේ ශ්‍රී ලාංකික සංගීත සහ නිර්මාණවේදිනියක් වන ගයත්‍රී කේමදාසගේ ඔපෙරා නිර්මානයක කොටසක් වෙනුවෙන්.
When caged bird sing නමින් නම්කොට ඇති මෙම ප්‍රාසාංගික අංගය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කෙටි චිත්‍රපටයක් තිරගත කෙරෙනවා. ඇෆ්ගනිස්තාන කෙටි චිත්‍රපටයක් වන Water තිරගත කිරීමෙන් අනතුරුව බංග්ලාදේශ වෘතාන්ත චිත්‍රපටයක් වන Underconstruction තිරගත කිරීමට නියමිතයි.
සවස 7.30 සිට 8.30 දක්වා තවත් ප්‍රාසාංගික අංගයක් ඉදිරිපත් කෙරෙනවා. නේපාලයේ ස්වදේශික ජන කොටසක් වන “තාරු” ජන කණ්ඩායමේ උර්මිලා චෞද්රි සහ කණ්ඩායම මගින් සංගීතමය අංගයක් ලෙස මෙම ඉදිරිපත් කිරීම සිදු කෙරෙනවා. Art for Rights වැඩසටහනේ අද දවස නිමා වන්නේ එලෙසින්.
Written by Nisanka Weheraduwa