Sri Lanka's Best Cinema Portal

 

Baby Driver, OSCAR සම්මාන තුනකට නිර්දේශ වෙයි

0
Posted February 15, 2018 by Nisanka Weheraduwa in Articles
share

ඇමරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන Academy Awards හෙවත් OSCAR සම්මාන උළෙල 90 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබේ. හොලිවුඩ් වාර්තා සඳහන් කරන පරිදි 2018 මාර්තු මස 04 වැනි ඉරිදා සම්මාන උළෙල පැවැත්වෙනු ඇත. මෙවරත් Jimmy Kimmel විසින් සම්මාන උළෙල මෙහෙයවන බව සඳහන්. මේ වනවිට මෙවර සම්මාන සඳහා නිර්දේශ නාමයන් පිළිබඳව නිවේදනය කොට ඇත. හොලිවුඩ් පුරයේ OSCAR සැණකෙළිය ඇරඹි ඇති හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

නිර්දේශ නාමයන් නිවේදනය කිරීමෙන් අනතුරුව සම්මාන සඳහා තරගයේ ඇති සිනමාපට පිළිබඳව බොහෝ දෙනා අතර උනන්දුවක් ඇතිව තිබේ. මේ අතරින් ප්‍රධාන ධාරාවේ සම්මාන තුනක් සඳහා නිර්දේශ වීමට Baby Driver හොලිවුඩ් සිනමාපටය සමත්ව ඇත. 2017 වර්ෂයේ නිපදවනු ක්‍රියාදාම චිත්‍රපටයක් වන Baby Driver චිත්‍රපටය Edgar Wright ගේ නිර්මාණයකි. තිර රචනයද ඔහු විසින්ම සිදුකොට ඇත. Ansel Elgort, Kevin Spacey, Lily James, Eiza Gonzalez, Jon Hamm, ඇතුළු පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වී තිබේ. විනාඩි 113ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයට ඇ.ඩො.මිලියන 34ක පිරිවැයක් දරා ඇතැයි සඳහන්ය.

මෙවර 90 වැනි OSCAR සම්මාන උළෙලේ ප්‍රධාන අදියරේ සම්මාන ත්‍රිත්වයක නිර්දේශ නාම අතරට එක වීමට Baby Driver චිත්‍රපටය සමත්ව තිබේ. හොඳම සංස්කරණය සඳහා Jonathan Amos සහ Paul Machliss නිර්දේශ වී ඇති ඇකඩමි සම්මාන කමිටුව පවසා තිබිණ. එසේම හොඳම ශබ්ද සංයෝජනය සඳහා Mary H. Ellis, Julian Slater, Tim Cavagin සම්මාන සඳහා නිර්දේශ වී තිබේ. එසේම හොඳම ශබ්ද සංස්කරණය සඳහාද Baby Driver නිර්දේශිත නාමයන් අතරට එක්ව ඇත.

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2