BDSM එතරම් අමාරු භයංකර දෙයක්ද..?

Avatar Nisanka Weheraduwa | June 11, 2020 203 Views 0 Likes 0 Ratings

203 Views 0 Ratings Rate it

ඉන්දියාවේ නිර්මාණය වන වෘතාන්ත (දිගු) චිත්‍රපට වගේම කෙටි චිත්‍රපට වලිනුත් වෙනස් තේමාවන් ගැන කතාබහ කරන්න ඉන්දියානු සිනමාකරුවන් උත්සාහ කරනවා. මේ ඒ විදිහේ එක කෙටි චිත්‍රපටයක්. 2017 වසරේ Sonam Nair රචනා කොට අධ්‍යක්ෂණය කළ KHUJLI කෙටි චිත්‍රපටය.

අඳුරු කාමරයක ඇඳක් රිද්මයානුකූලව චලනය වන දර්ශනයකින් සහ හඬින් මේ කෙටි චිත්‍රපටය ඇරඹෙනවා. ප්‍රේක්ෂකයාට එක්වරම හැඟෙන්නේ එක අදහසක්. නමුත් දර්ශනය සම්පූර්ණයෙන් පෙනෙද්දී මැදිවියේ පසුවන යුවලක ස්වාමියා ඇඳ මත හිඳගෙන සිටින අතරේ බිරිඳ කිසියම් උපකරණයක් මගින් ඔහුගේ පිට තදින් කසමින් සිටින අයුරු ප්‍රේක්ෂකයා දකිනවා.

තරුණ පුතා කාමරයේ දොර ඇර තමන් පිටතට යන බවත් නැවත එන්න ප්‍රමාද වන බවත් පවසා පිටව යනවා. සැමියා පවසන්නේ එය ඔහුට SMS මගිනුත් කළ හැකිව තිබූ බවයි. කෙසේ නමුත් පුතාගේ කාමරය පරික්ෂා කරන පියාට රෝස පැහැති මාංචු යුගලක් හමුවනවා. එය මහත් අපකීර්තියක් ලෙස සලකමින් බැණවදින සැමියා දෙස බලාගෙන සිනාසෙන බිරිඳ, එය BDSM සඳහා යෝදාගන්නක් බව තමන් දන්නා බව පවසනවා. එතැන් පටන් මේ දෙදෙනා උත්සාහ කරන්නේ මේ අත්දැකීම විඳින්න. ඒ සිදුවීම කෙටි චිත්‍රපටය නැරඹීමෙන් රසවිඳිය හැකියි.

ලිංගිකත්වය, ලිංගික තෘප්තිය, ලිංගික සම්බන්ධතා වැනි මාතෘකා පෙරදිග පවුල් ජීවිත වලින් ඉතා ඉක්මනින් පලා යනවා. මේ විවිධත්වයක් නැති Boring සම්බන්ධතා වලට වඩා මිනිසුන්ගේ අවධානය යොමු වෙන්නේ තමන්ගේ වගකීම් වලට. දරුවන් සහ පවුල ඉන් ඔබ්බට ඔවුන්ට තමන්ගේ වගකීම් කොටසක් පමණක් වනවා. එවැනි පරිසරයක Fifty Shades of Gray කතාවෙන් තමන් BDSM ගැන ඉගෙනගත් බවත් ඕනෑනම් අත්හදා බැලීමට තමන් සූදානම් බවත් කියන මැදිවියේ බිරිඳක්…??

මේ ඔබ නැරඹිය යුතුම කෙටි චිත්‍රපටයක්. Neena Gupta සහ Jackie Shroff ප්‍රධාන චරිත දෙක රඟපානවා. මේ Jackie Shroff කෙටි චිත්‍රපටයක රඟපෑ පළමු අවස්ථාව බවත් කියවෙනවා. ඉන්දියාවේ සංස්කෘතික අභියෝගයන්ට ලක්වුණු කෙටි චිත්‍රපටයක් ලෙසත් මේ චිත්‍රපටයට විශේෂ අවධානයක් යොමුවුනා. Khujli ඔබට YouTube ඔස්සේ නැරඹීමට හැකියි.

Share

203 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.