BODYGUARD චිත්‍රපට දර්ශනය සහ සිනමා සංවාදය

Avatar Nisanka Weheraduwa | June 26, 2018 58 Views 0 Likes 0 Ratings

58 Views 0 Ratings Rate it

කොළඹ විශ්ව විද්‍යාලයේ කලා අධ්‍යනාංශය සංවිධාන කරන චිත්‍රපට දර්ශනයේ තවත් පියවරක් ජුනි මාසයේ පැවැත්වෙනවා. ජුනි 28 වැනි බ්‍රහස්පතින්දා සවස මෙම සිනමා දර්ශනය පැවැත්වෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයීය කලා අධ්‍යනාංශයේ 175 දේශනා ශාලාවේ සිනමා දර්ශනය පැවැත්වෙන්නේ සවස 3.30ට බව සඳහන්.

36188397_10156647753480712_7866827111997112320_n

මෙවර සිනමා දර්ශනය සඳහා ඉරාන චිත්‍රපටයක් වන BODYGUARD තෝරාගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය මෙරට තිරගත වන්නේ දෙවැනි වරට වීම විශේෂත්වයක්. මිට පෙර කොළඹ ඉරාන සිනමා උළෙලේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුනා. 2016 වර්ෂයේ නිර්මාණය වූ මෙම චිත්‍රපටය ඉරාන ඉහල පෙලේ දේශපාලනික චරිතයකට ආරක්ෂාව සපයන ආරක්ෂක නිලධාරියකු සහ ඔහු වට සිදුවන සිදුවීම් මාලාවක් පදනම් කරගනිමින් නිර්මාණයවී තිබෙනවා. චිත්‍රපටයේ තිරරචනය සහ අධ්‍යක්ෂණය Ebrahim Hatamikia විසින් සිදුකොට තිබෙනවා. Parviz Parastoui, Merila Zarei, Babak Hamidian ඇතුළු පිරිසක්  චිත්‍රපටයේ චරිත සඳහා රංගනයෙන් දායකවී තිබෙනවා.

34 වැනි Fajr International Film Festival හිදී හොඳම නළුවා සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග යන කාණ්ඩ සඳහා මෙම චිත්‍රපටය සම්මානයට ලක්වුනා. VIFF vienna independent film festival හිදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහය නළුවා හොඳම නළුවා යන සම්මාන ලබාගැනීමටත් මෙම චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා. ජුනි 28 වැනිදා සවස 3.30 දේශන ශාලා 175දි සිනමාපටය රසවිඳීමට සහ සංවාදයට එක්වීමට ඔබට හැකියාව තිබෙනවා.

Share

58 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.