Brad Pitt පැරණි බිරිඳට ලංවෙලා කියන්නේ ඇත්තද..??
ලෝක ප්‍රසිද්ද හොලිවුඩ් නළුවෙක් වගේම චිත්‍රපට නිෂ්පාදකයෙකුද වන Brad Pitt ගැන මේ දවස්වල අන්තර්ජාලයේ ලොකු කතාබහක් වෙනවා. විදෙස් වෙබ් අඩවි රැසක් මේ ගැන විවිධ පුවත් වාර්තා කරල තිබුනා. ඔහු සිය පැරණි බිරිඳ සමග නැවත සම්බන්ධයක් අරඹා ඇති බවට බොහොමයක් වෙබ් අඩවි වාර්තා වලින් කියවුනා.
නමුත් මේ සිද්දිය ගැන Brad කිසිවක් නිශ්චිතව පවසා නැහැ. ඔහුගෙන් මේ ගැන එක චායාරූප ශිල්පියකු විමසා තිබුණු බවත් ඔහු සිනාසෙමින් “Oh my god” යනුවෙන් පමණක් පැවසු බවත් daily mail වෙබ් අඩවිය වාර්තා කරා. ඔහුගේ පැරණි බිරිඳ වන Jennifer Aninston ඇගේ 50 වැනි උපන්දින සාදයට ඔහුට ආරාධනා කොට තිබුනා. ඒ සිදුවීමත් සමග මේ කටකතාව දිගින් දිගටම පැතිර යන්නට වුනා.
Brad Pitt සහ Jennifer Aninston දෙදෙනා 2000 වසරේ විවාහ වුවත් 2005 වසරේ දික්කසාද වුනා. ඉන් පසුව තනිව ජිවත් වූ ඔහු, Mr. & Mrs. Smith චිත්‍රපටයේ ඔහු සමග රඟපෑ ප්‍රධාන නිළිය වූ Angelina Jolie සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්තා. 2006 වසරේ සිට එක්ව ජිවත් වූ ඔවුන් දෙදෙනා 2016 වසරේ දික්කසාද වීමට තීරණය කළා. කෙසේ නමුත් පසුගිය අප්‍රේල් 12 වැනිදා Jolie විසින් ඉදිරිපත් කළ නඩුව සඳහා වන තීන්දුව ලෙස ඔවුන් දෙදෙනා “single” ලෙස අධිකරණය නිවේදනය කළා. මේ හේතුවෙන් මෙම කටකතාව දිගින් දිගටම පැතිරුනු බව විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා.
නමුත්, Brad හෝ Jennifer මේ පිලිබඳ නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කොට නැහැ.
Written by Nisanka Weheraduwa