“Can you ever forgive me” ඔක්තෝබර් 19 වැනිදා සිට
චිත්‍රපටයක් හරහා කතාබහට ගෙනආ හැකි විෂය පිලිබඳ සීමාවන් නැහැ. ඕනෑම විෂය ක්ෂේත්‍රයක පවතින සිදුවීම් හරහා ඒ ක්ෂේත්‍රය හරහා කතාබහට සිනමාව කියන්නේ ඉතා හොඳ මාධ්‍යයක්. අපේ සිනමාවට වඩා ලෝක සිනමාව මේ අපුරු හැකියාව භාවිතා කරනවා අපිට දකින්න ලැබෙනවා. මේ තව කදිම උදාහාරණයක්. චිත්‍රපටයේ නම “Can you ever forgive me”. පසුගිය සැප්තැම්බර් 01 වැනිදා Telluride film festival හිදී මේ චිත්‍රපටය ලොව පළමු ප්‍රදර්ශනය පැවැත්වුවා.
1960 , 70 දශකවලදී Lee Israelගේ ජිවිතයේ සිදුවන සිදුවීම් සමුදායක් ඇසුරින් මේ චිත්‍රපටය නිර්මාණය වනවා. Marielle Heller මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. NIcole Holofcener සහ Jeff Whitty මේ චිත්‍රපටය වෙනුවෙන් තිර රචනය නිර්මාණය කොට තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ Melissa McCarthy විසින්. Richard E. Grant උප ප්‍රධාන චරිතයේ නළුවා ලෙස දායකව තිබෙනවා. චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 107ක්. ඔක්තෝබර් 19 වැනිදා ඇමෙරිකාවේදී මේ චිත්‍රපටය තිරගත කිරීමට සුදානම්. හොලිවුඩ් සිනමාවේ මේ වසරේ චිත්‍රපට අතර තවත් සලකුණක් බවට මේ චිත්රපටයත් පත්වනු ඇති බවට විචාරක මත පල කෙරෙනවා.
Written by Nisanka Weheraduwa