CANNES රතු පලස හැඩ කළ සිනමා ලොවේ සුරූපිනියන්
ලෝක සිනමාවේ ප්‍රධානම පෙළේ වාර්ෂික සැමරුමක් වන Cannes සිනමා උළෙලේ මෙවර දිගහැරුම පසුගිය මැයි දහසය වනදා නිල වශයෙන් ආරම්භ වුනා. සිනමා සම්මාන… රතු පලස්… විශේෂ චිත්‍රපට දර්ශන.. ලෝක සිනමාවේ දැවැන්තයින්ගේ මුණගැසීම්.. ආදියෙන් වර්ණවත් වන Cannes Film Festivel උළෙල මෙවර පැවැත්වුනේ 75වන වතාවටයි.
ප්‍රංශයේ කාන් නගරය මුල් කරගනිමින් පැවැත්වෙන මෙම වාර්ෂික Cannes සිනමා උළෙල, ලොව සෙසු සිනමා උත්සවවලට වඩා නිරතුරුවම කතාබහට ලක්වෙන්නේ එහි අලංකාරීත්වය සහ උත්සවශ්‍රීය නිසාවෙනුයි. එමෙන්ම අනෙකුත් සිනමා උත්සව මෙන් හොලිවුඩයට හෝ යුරෝපීය සිනමාවට පමණක් සීමා නොවී, ලොව පුරා විසිර තිබෙන කලාපීය සිනමා කර්මාන්ත ගණනාවක ශිල්පීන් රැසක් Cannes සිනමා උළෙලට ආරාධනා ලබනවා. අසල්වැසි ඉන්දියානු සිනමාවේ දැවැන්ත රංගන ශිල්පීන්, අධ්‍යක්ෂකවරුන් පවා මෙහි වාර්ෂික ආරාධිතයින් අතරට එකතු වනවා.
විශේෂයෙන්ම Cannes උළෙලේ රතු පලස හැඳින්වෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන්නෙකුට කලාතුරකින් ලඟා කර ගත හැකි අවස්ථාවක් විදිහටයි. මන්ද යත්, Cannes චිත්‍රපට උළෙලට සහභාගී වීමට අවස්ථාවක් ලැබෙන්නේ තෝරාගත් ඉතාම සුලු පිරිසකට වීමත්, Cannes රතු පලස මතින් ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ එතනිනුත් කිහිප දෙනෙකුට පමණක් වීමත් නිසායි. ඒ නිසාම Oscars සහ Met-Gala රතු පලස් මෙන් බොහොම ජනප්‍රියත්වයක් සහ ලෝක අවධානයක් Cannes red carpet moments වෙතත් නිතැනින්ම ලැබෙනවා.
ලෝකය පුරා විසිරී සිටින මිලියන ගණනක් වූ සිනමා රසිකරසිකාවියන් තමන්ගේ ප්‍රියතම රංගන ශිල්පියා/ශිල්පිනිය Cannes උළෙලේදී මිල අධික, අලංකාර ඇඳුම් පැළඳුමෙන් සැරසී signature red carpet steps යන ආකාරය දැකගන්නට බලා සිටින්නේ බොහොම නොඉවසිල්ලෙන්… ඒ නිසාම හොලිවුඩයෙන් එපිට ආසියානු – අප්‍රිකානු සිනමා කර්මාන්තවල A List නලු නිළියන් පවා Cannes උළෙලේ රතු පලස මතින් ඇවිද යන්නට සිහින දකින බව නොරහසක්.
එපමණක් නොවේ, උළෙලේ ප්‍රධාන ජූරියට එකතු වීමටත් හොලිවුඩයෙන් බාහිර සිනමාකරුවන්ට Cannes හිදී අවස්ථාව ලැබෙනවා. මෙවර ප්‍රධාන ජූරිය නියෝජනය කරන සිනමාකරුවන්ගේ ලැයිස්තුවට අවධානය යොමු කිරීමෙන් ඔබට ඒ බව හොඳින් දැකගන්නට හැකියි.
ප්‍රංශ රංගන ශිල්පී Vincent Lindon
ඉරාන අධ්‍යක්ෂක සහ තිරරචක Ashghar Farhadi
බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනි Rebecca Hall
ප්‍රංශ අධ්‍යක්ෂක Ladj Ly
ඇමරිකානු අධ්‍යක්ෂක Jeff Nichols
ඉන්දියානු රංගන ශිල්පිනී Deepika Padukone
ස්වීඩන රංගන ශිල්පිනි Noomi Rapace
නෝර්වීජියානු තිර-රචක Joachim Trier
ඉතාලි රංගන ශිල්පිනි Jasmine Trinca
1946 වසරේ සැප්තැම්බර් 20 වනදා පළමු වරට පැවැත්වූ Cannes සිනමා උත්සවය අතීතයේ සිටම විවිධ ශානරයේ movie premiers සහ previews සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ නිසාම තමන්ගේ චිත්‍රපටයේ පළමු අන්තර්ජාතික ප්‍රදර්ශනය Cannes උළෙලෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තුවෙන් සිටින සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංඛ්‍යාවත් සුලුපටු නැහැ. මෙවරත් Tom Cruiseගේ Top Gun: Maverick සහ දමිල රංගන ශිල්පී R Madhavanගේ The Nambi Effect චිත්‍රපට ද්විත්වය ඇතුළු චිත්‍රපට කිහිපයක්ම කාන් උළෙලේදී ප්‍රදර්ශනය වුනා.
FIAPF (International Federation of Film Producers Associations) සංවිධානය මූලිකත්වයෙන් පැවැත්වෙන කාන් සිනමා උත්සවය යුරෝපය තුළ දැකගත හැකි විශාලතම සිනමා උත්සව ත්‍රිත්වයෙන් එකක් ලෙසටත් සැලකෙනවා. ඒ ඉතාලියේ වැනීස් චිත්‍රපට උළෙලත්, ජර්මනියේ බර්ලින් සිනමා උළෙලත් සමඟ සසඳමිනුයි. 2020 වසරේදී කෝවිඩ් වසංගතයේ බලපෑම නිසා cannes උළෙල 2021 වසරට කල් දැමුණත්, එහි සීමාවීම් හමුවේ පෙර මෙන් දැවැන්තව එය සංවිධානය කිරීම සංවිධායකවරුන්ට අපහසු කාරණයක් වුනා. කෙසේ වුවත් ඒ බාධක සියල්ලම මැඩ පවත්වමින්, පසුගිය වසර ද්විත්වයටම වඩා දැවැන්තව මෙම වර්ෂයේ cannes උළෙල සංවිධානය කිරිමට ඔවුන් පෙළඹී තිබෙන අයුරු ප්‍රේක්ෂකයින්ට දැකගත හැකියි.
Cannes උළෙලේදී වාර්ෂිකව පිදෙන සම්මාන අතුරින් ප්‍රධානම සම්මානය ලෙසට හැඳින්වෙන්නේ Palme d’Or සම්මානයයි. එය වසරේ විශිෂ්ටතම චිත්‍රපටය උදෙසා පිදෙන තරඟකාරී අංශයේ ප්‍රධාන ජයග්‍රහණය ද වනවා. ඊට අමතරව හොඳම නලුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය වැනි තරඟකාරී අංශයේ සෙසු ජයග්‍රහණ හඳුන්වන්නේ පහත පරිදියි.
Palme d’Or du court métrage – Best Short Film
Grand Prix – Grand Prize of the Festival
Prix du Jury – Jury Prize
Prix de la mise en scène – Best Director
Prix d’interprétation masculine – Best Actor
Prix d’interprétation féminine – Best Actress
Prix du scénario – Best Screenplay
මීට අමතරව ශිෂ්‍ය අංශය සඳහා වෙනම ජයග්‍රහණත්, ස්වාධීන නිර්මාණකරුවන් සඳහා වෙනම ජයග්‍රහණත් මෙහිදී පිරිනැමෙනවා.
පහතින් දැක්වෙන්නේ ලෝකයේ සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පීන් ඇතුළු සිනමා කර්මාන්තයට සම්බන්ධ පිරිසෙන් තෝරා ගත් කිහිප දෙනෙකු මෙවර Cannes රතු පලස හැඩ කළ ආකාරයයි.
Written by Kavinu Weerakkody